2. 1. 2. 1
දෙවෙනි වර්‍ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි බලානි යනු කවර අර්‍ත්‍ථයකින් බලයෝදයත්? නොසැලෙනසුලු අරුතින් බලයෝ නම් වෙත්. එසේම මැඩපැවත්විය නොහැකි අර්‍ත්‍ථයෙන්ද යටපත් කළ නොහැකි යන අර්‍ත්‍ථයෙන්ද වේ. පටිසංඛාන බලං යනු ප්‍රත්‍යවෙක්‍ෂණබලයයි. භාවනාබලං යනු දියුණු කිරීමේ බලයයි. වැඩීමේ බලයයි. සුද්ධමත්තානං යන මෙය යට කියනලද ක්‍රමයෙන්ම දතයුතුයි. තත්‍ර යන් ඒ බලදෙකෙහියි. යමිදං යනු යම් මේයි. සෙඛමෙතං බලං යනු මෙය ශෛක්‍ෂයන් සත්දෙනාගේ ඥානබලයයි. සෙඛං හි සො භික්‍ඛවෙ බලං ආගම්ම යනු ශෛක්‍ෂයන් සත් දෙනාගේ ඥානබලය ඇරඹ, නිසා යනුයි. පජහති යනු මගින් දුරුකරයි. යම් හෙයකින් මේ දෙකම වඩා රහත්බවට පැමිණෙයිද එහෙයින් මෙහි එතදග්ගය නොපැමිණියේයි දතයුතුය.
2. 1. 2. 2
දෙවෙනි සූත්‍රයෙහි සතිසම්බොජක්‍ධංගං භාවෙති යනාදියෙහි මෙය යට නොආ පද වශයෙන් අර්‍ත්‍ථ වර්‍ණනාවයි. විවෙකනිස්සිතං යනු විවේකය ඇසුරුකොට ඇතියි. විවේකය යනු හුදෙකලා වීමයි. මේ විවෙකය, තදඞ්ග වික්‍ඛම්භන සමුච්ඡේද පටිප්පස්සද්ධි නිස්සරණ විවේකයයි පස් ආකාරය. ඒ පස් ආකාරවූ විවේකයෙහි විවේක නිස්සිතං යනු තදඞ්ග වික්‍ඛම්භන සමුචේඡද පටිපස්සද්ධි නිස්සරණ විවේකයයි පස් ආකාරය. ඒ පස් ආකාරවූ විවේකයෙහි විවේක නිස්සිතං යනු තදඞ්ගවිවෙකනිශ්‍රිතවූද, සමුච්ඡේද විවෙක නිශ්‍රිතවූද නිස්සරණවිවෙක නිශ්‍රිතවූද සතිසම්බොජ්ක්‍ධංගය වඩයි යන මේ අර්‍ත්‍ථය දතයුතුය. එසේම සතිසම්බොජ්ක්‍ධංග භාවනාවෙහි යෙදුණු යෝගීතෙමේ විදර්‍ශනාක්‍ෂණයෙහි කෘත්‍යවශයෙන් තදඞ්ගවිවේක නිශ්‍රිතවූද අදහස් වශයෙන් නිශ්ශරණවිවේක නිශ්‍රිතවූද මාර්‍ගකාලයෙහි කෘත්‍ය වශයෙන් සමුච්ඡෙද විවෙක නිශ්‍රිතවූද අරමුණවශයෙන් නිශ්ශරණවිවෙක නිශ්‍රිතවූද සතිසම්බොජ්ක්‍ධඞ්ගය වඩයි. පස් ආකර විවේකය ඇසුරු කොටඇති (සතිසම්බොජ්ක්‍ධඞ්ගය වඩිතියිද) ඇතැම්හු කියති. ඔවුහු හුදෙක් බලවත් විදර්‍ශනාමාර්‍ග ඵලක්‍ෂණයන්හි පමණක්ම බොජ්ක්‍ධඞ්ගයන් ඔසවා නොක්වති. විදර්‍ශනාධ්‍යාන කසිණධ්‍යාන ආණාපාන සුබ බ්‍රහ්මවිහාර ධ්‍යානයන්හිදීද ඔසවති. (මෙය) අර්‍ත්‍ථකථාචාර්‍ය්‍යවරුන් විසින් ප්‍රතික්‍ෂෙප නොකරනලදී. එබැවින් ඔවුන්ගේ මතයෙන් මේ ධ්‍යානයන්ගේ ප්‍රවෘත්ති ක්‍ෂණයෙහි යම්සේ විදර්‍ශනාක්‍ෂණයෙහි අදහස්වශයෙන් නිශ්ශරණවිවේක නිශ්‍රිතවේද එසේ විස්කම්භන විවේක නිශ්‍රිතවේයයි කියනලදී. මෙසේ පටිප්පස්සද්ධිවිවෙක නිශ්‍රිතවූ බොද්ධ්‍යංගයද වඩන්නේයයි කීමටවටී. විරාගනිශ්‍රිතාදීන් කෙරෙහිද මේ ක්‍රමයයි. විරාගාදීහු විවෙකාර්‍ත්‍ථය ඇත්තෝමය.
මෙහි හුදෙක් වොස්සග්ගය (පරිත්‍යාගය) දෙයාකාරය. පරිච්චාගවොස්සග්ගයද පක්‍ඛන්‍දන වොස්සග්ගයද වශයෙනි. එහි පරිච්චාගවොස්සග්ගය යනු විදර්‍ශනාක්‍ෂණයෙහි තදඞ්ගවශයෙන්ද මාර්‍ගක්‍ෂණයෙහි සමුච්ඡේද වශයෙන්ද කෙලෙසුන් දුරුකිරීමයි. පක්‍ඛන්‍දන වොස්සග්ගය යනු විදර්‍ශනාක්‍ෂණයෙහි එයට නැඹුරුවීම් වහයෙන්ද මාර්‍ගක්‍ෂණයෙහි අරමුණු කිරීමෙන්ද නිවන තුළට වැදීමයි. ඒ දෙකම මේ ලෞකික ලෝකෝත්තර මිශ්‍රකවූ අර්‍ත්‍ථවර්‍ණනා ක්‍රමයේදී සුදුසුය. මේ සති සම්බොජ්ක්‍ධඞ්ගය යම්සේ කියනලද ක්‍රමයෙන් කෙලෙසුන් දුරුකරයිද එසේම නිවනටද ඇතුළු වෙයි. වොස්සග්ගපරිනාමිං යන මෙම සියලු වචනයෙන් වොස්සග්ගාර්‍ත්‍ථය (පරිත්‍යාගාර්ථය) යොමුවන, යොමුවූ, පැසෙන පැසුණු යන (ලක්‍ෂණ ඇත) යන මෙය කියනලදී. මේ බොජක්‍ධඞ්ග භාවනාවෙහි යෙදුණු භික්‍ෂුව යම්සේ සතිසම්බොජක්‍ධඞ්ගය කිලෙසපරිච්චාග වොස්සග්ග අර්‍ත්‍ථයද නිබ්බාන පක්‍ඛන්‍දන වොස්සග්ග අර්‍ත්‍ථයද පැසවයිද යම්සේ මුහුකුරා ගියේවේද එසේ එම බොජක්‍ධඞ්ගය වඩයි යන මේ ක්‍රමය සෙසු බොධ්‍යංගයන්හිදවේ.