8-10. තිකිච්ඡක ආදි සූත්‍ර වර්ණනා
අටවැන්නෙහි චිරෙචනං යනු දොස් දුරු කරන බෙහෙතකි, විරිත්තා හොති යනු ඉවත් කරන ලද්දේ, දුරුකරන ලද්දේ වෙයි, නවවැන්නෙහි වමනං යනු වමනය ඇති කරවන බෙහෙතකි. දසවැන්නෙහි නිද්ධන්තා යනු බැහැර කරන ලද්දාවූයි.
11. අසෙඛ සූත්‍ර වර්ණනාව
එකළොස් වැන්නෙහි අඞ්ග සපිරීම සඳහා සම්මාදිට්ඨියම සම්මාඤාණයයි කියන ලදි. මෙසේ මේ සියලුම අරහත්ඵල ධර්‍මයෝ අශෛක්‍ෂයෝයි, අශෛක්‍ෂයාට පැවති බැවින් ප්‍රත්‍යවෙක්ෂණ ඥානය ද අශෛක්‍ෂයයි කියන ලදි.
12. අසෙඛියධම්ම සූත්‍ර වර්ණනාව
දොළොස්වැන්නෙහි අසෙඛියා යනු අශෛක්‍ෂයෝම අසෙඛියා නමි. මේ සූත්‍රයෙන් ක්ෂීණාශ්‍රවයන් වහන්සේ කියන ලදි.
පළමු සමණසඤ්ඤා වර්‍ගයයි.
2. පච්චොරොහණි වර්ගය
1-2. පඨම අධම්ම ආදි සූත්‍ර වර්ණනා
දෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි වෙන්වෙන්ව විමසීමද විසඳීම ද කරනලදි. දෙවැන්නෙහි එකටමය.
3. තතිය අධම්ම සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි උද්දෙසං උදදිසිත්‍වා යනු මාතෘකාව ඉදිරිපත් කොටයි, සත්‍ථු චෙව සංවණ්ණිතො යනු පස් තැනක එතදග්‍රස්ථානයෙහි තබන්නා වූ ශාස්තෲන් වහන්සේ විසින් වර්‍ණනා කරන ලද්දේයි. සම්භාවිතො යනු ගුණ පැසසීමෙන් සම්භාවනය කරන ලද්දේයි. පහොති යනු හැකිවෙයි. අතියීත්‍වා යනු ඉක්මවායි, ජානං ජානාති යනු දතයුත්ත දැනගනියි, පස්සං පස්සති යනු දැකියයුත්ත දකියි. චක්‍ඛුභූතො යනු ඇස්මෙන් වූයේ, හටගත්තේ, උපන්නේයි, ඤාණභූතො යනු ඥානස්වභාවයයි, ධම්මභූතො යනු ධර්‍ම ස්වභාවයයි, බ්‍රහ්මභූතො යනු ශ්‍රේෂ්ඨ ස්වභාවයයි, වත්තා පවත්තා යනු කීමෙහි සමත්වූයේ, පැවැත්වීමෙහි සමත් වූයේයි, අත්ථස්ස නින්නෙතා යනු අර්‍ත්‍ථය ගෙනහැර දක්වයි, යථා නො භගවා යනු යම්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ ද යනුයි.
4. අජිත සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි අජිනො යනු එබඳු නම් ඇත්තේයි, චිත්තට්ඨානසතානි යනු සිත් ඉපදීම් සියයකි, යම් යම් සිත් ඉපදවීම් සියයෙන් යොදනු ලබන්නා වූ උපාරද්ධා පජානං යනු උපාරද්ධමහා යනු විරුද්ධ වූවෝය, දොස්නඟනු ලද්දෝ යයි මෙසේ දනිත්. අපි විරුද්ධ වූවෝ වෙමු. ලද්දෝ වෙමු. අපට දෝෂය පවරන ලද්දේයි දනිති. පණ්ඩිතවත්‍ථුනි යනු පණ්ඩිත බවට කරුණුයි.
5. සඞ්ගාරව සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි ඔරිමංතීරං යනු ලෞකික මෙතරයි, පාරිමං තීරං යනු ලොකෝත්තර වූ එතෙරයි, පාරගාමිනො යනු නිවනට යන්නෝයි, තීරමවානුධාවති යනු සත්කාය ( දෘෂ්ටි) තෙරට ලුහුබඳියි, ධම්මෙ ධම්මානුවත්තිනො යනු මනාව දෙසනලද නවවැදෑරුම් ලොවුතුරු දහමෙහි අනුදහමෙහි පවතින්නෝයි, ධර්‍මයට සුදුසුවූ ශීලය සමඟ ඒ පූර්‍වභාග ප්‍රතිපත්තියෙහි පවතින්නාහුයි. මච්චුධෙය්‍යං සුදුත්තරං යනු මරයාට ස්ථාන වූ ත්‍රෛභූමික සංසාරය ඉතා දුකසේ තරණය කොටයි, පාරමෙස්සන්ති යනු නිවනට පැමිණෙත්.
ඔකා අනොකමාගම්ම යනු සසරින් නිවනට පැමිණයි, විවෙක යත්‍ථ දූරමං යනු යම් කායචිත්ත උපධි විවේකයෙක්හි දුකසේ සතුටුවන්නාවූයි, තත්‍රාභිරතිමිච්ඡෙය්‍ය හිත්‍වා කාමෙ යනු දෙවැදෑරුම්වූ ද කාමයන් අතහැරයි, අකිඤ්චනො උවදුරු නැත්තේ, ආදානපටිනිස්සග්ගෙ යනු දැඩිව ගැනීම අත්හැරීම් සංඛ්‍යාත නිවනෙහියි, අනුපාදාය යෙ තො යනු සතර උපාදානයන්ගෙන් කිසිවකුදු දැඩි සේ නොගෙන ඇලුනාවූ යම් කෙනෙක්, පරිනිබ්බුතා යනු ඔවුහු ප්‍රත්‍යය නැති පිරිනිවුමෙන් පිරිනිවුණාහුයයි දතයුත්තාහ. සවැන්න භික්‍ෂුන්ට දෙසන ලදි.
7-8. පඨම පච්චොරොහණී ආදි සූත්‍ර වර්ණනා
සත්වැන්නෙහි පච්චොරොහණී යනු පාපයාගේ පහළ බැස්මයි, පත්‍ථරිත්‍වා යනු අතුරුවායි, අන්තරා ච වෙලං අන්තරා ච අග්‍යාගාරං යනු වැලිගොඩට ද ගිනිගෙයට ද අතරයි, අටවැන්න භික්ෂු සංඝයාට දෙසන ලදි. සෙස්ස සියලු තැන පැහැදිලි අරුත් ඇත්තේමය.
දෙවැනිවූ පච්චොරොහණි වර්‍ගයයි.
3. පරිශුද්ධ වර්ගය
තෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි පරිසුද්ධා යනු නිර්‍මලවූයි, පරියොදාතා යනු පැබසරවූයි (බබළන), දෙවැන්න ආදිය පැහැදිලි අරුත් ඇත්තේමය.
තෙවැනි පාරිසුද්ධි වර්‍ගයයි.
4. සාධු වර්ගය
සිවුවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි සාධුං යනු සොඳුරුවූයි, සිලිටිවූයි, දෙවැන්න ආදිය කියන ලද අරුත් ඇත්තේමය.
සිවුවැනි වූ සාධුවර්‍ගයයි.
5. අරිය වර්ගය
අරියමග්ගවර්‍ගය කියනලද අරුත් ඇත්තේමය.
තෙවැනි පණ්ණාසකය නිමියේයි.
4. සතරවන පණ්ණාසකය
2. ජාණුස්සොණි වර්ගය
සිවුවැනි පණ්ණාසකයෙහි පළමුවැනි සූත්‍රය ආදිය පැහැදිලි අරුත් ඇත්තේමය.
8. කම්මනිදාන සූත්‍ර වර්ණනාව
අටවැනි සූත්‍රයෙහි ලොභහෙතුකම්පි යනු සත්‍වාඝාතනයට ලෝභය උපනිඃශ්‍රය කෙළවරින් හේතු වෙයි. දෙවෙෂමොහ යුක්ත තැනැත්තේ ද එසේය. මේ ක්‍රමයෙන් සියලු තන්හි අර්‍ත්‍ථය දතයුතුය.
9. සපරික්කමන සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි පරික්කමනං හොති යනු අත්හැරීම වෙයි,
10. චුන්ද සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි කම්මාරපුත්තස්ස යනු රන්කරු පුත්‍රයාගේයි, කස්ස නො ත්‍වං යනු නුඹ කාගේ ද? පච්ඡාභූමිකා යනු පැසුළුබිම වැසියෝයි, කමණ්ඩලුකා යනු සෙවල මල්දමක් මෙන් දරත්, සෙවලින් තැනු පිළි හඳින්නාහුයි ද කියන ලද්දේය. උදකොරොහකා යනු උදේ හවස ජලයට බැසීමේ ව්‍රතයෙහි යෙදුනාහුයි, ආමසෙය්‍යාසි යනු අතින් පිරිමඳින්නේය.