1. සමණසඤ්ඤා වර්ගය
1. සමණසඤ්ඤා සූත්‍ර වර්ණනාව
තෙවැනි පණ්ණාසකයෙහි පළමු සූත්‍රයෙහි සමණසඤ්ඤා යනු මහණුන්ට උපදින සංඥාවයි, සත්තතකාරී යනු නිතර කරන්නාවූයි, අව්‍යාපජ්ඣො යනු දුක්නැත්තේයි, ඉදමත්‍ථන්තිස්ස හොති යනු මෙය අර්‍ත්‍ථයය, මෙය ප්‍රත්‍යය යැයි මෙසේ ඔහුට ජීවිත පිරිකර කෙරෙහි වෙයි. ප්‍රත්‍යවේක්ෂා කරන ලද පරිභොගය වළදතියි අරුත්ය. දෙවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය,
3. මිච්ඡත්ත සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි විරාධනා හොති යනු ස්වර්‍ගයෙන් ද මාර්‍ගයෙන් ද මෙහි වැළකීමක් (වැළහීමක්) වෙයි. නො ආරාධනා යනු සම්පාදනයක් නොවේ. සපිරීමක් නොවේ (හැකිවේයයි පවතියි).
4. බීජ සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි යථාදිට්ඨි සමත්තං සමාදිණ්ණං යනු දෘෂ්ටියට අනුරූපව සපුරන ලදි. ගන්නා ලදි, සියල්ල ගන්නා ලදි, චෙතනා යනු තිදොරෙහි උපන් චේතනාවම ගන්නා ලදි. පත්‍ථනා යනු මෙසේ වන්නේයයි මෙසේ ඇති කල්හි පැතුමයි. පණිධි යනු දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් අනෙකෙක් හෝ වන්නෙමියි සිත පිහිටුවීමයි. සඞ්ඛාරා යනු එක්ව යෙදුණු සංස්කාරයෝයි.
5. විජ්ජා සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි, ඉදිරියෙහි හැසිරෙන අරුතින් පුබ්බඞ්ගමා නමි, අන්‍වදෙව යනු එය ඵහුබඳින්නාවූමයි,
6. නිජ්ජර සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි, නිජ්ජරවත්‍ථුනි යනු දිරායාමට හේතුයි, මිච්ඡාදිට්ඨි නිජ්ජිණ්ණා හොති යනු මේ මිත්‍ථ්‍යාදෘෂ්ටිය යට විදර්‍ශනාවෙන් ද දිරාපත් වූයේමය. කුමක් හෙයින් යළි ගන්නා ලද්දේ ද යත්? සම්පූර්‍ණයෙන් විනාශ නොවූ බැවිනි. විදර්‍ශනාවෙන් මඳක් ගෙවී ගියේයි, සම්පූර්‍ණයෙන් වැනසුනේ නොවෙයි. මාර්‍ගය ඉපිද එය සහමුලින් වනසයි. යළි නැඟී සිටීමට නොදෙයි. එහෙයින් නැවත ගන්නා ලදී. මෙසේ සියලු පදයන්හි යෙදිය යුතුය. (මෙහිද සම්මා විමුත්තිය හේතුවෙන් සිවුසැට දහම්) වැඩීම සපිරීමට යයි. කවර සිවු සැටක්ද? සොතාපත්ති මාර්‍ගක්‍ෂණයෙහි අධිෂ්ඨාන අර්‍ත්‍ථයෙන් සද්ධින්‍ද්‍රිය සපිරෙයි. (දැඩිව ගැනීම් අර්‍ත්‍ථයෙන්) විරියින්‍ද්‍රිය එළඹසිටීමේ අර්‍ත්‍ථයෙන් සතිඉන්‍ද්‍රිය නොවිසිරීමේ අරුතින් සද්ධින්‍ද්‍රිය දැකීමේ අරුතින් පඤ්ඤින්‍ද්‍රිය දැනීමේ අරුතින් මනින්‍ද්‍රිය ගලායාමේ අරුතින් සොමනස්ස ඉන්‍ද්‍රිය පැවති සන්තතියට අධිපතිවීමේ අරුතින් ජීවිතින්‍ද්‍රිය සපිරෙයි. අරහත් ඵලක්‍ෂණයෙහි අධිෂ්ඨාන අර්‍ත්‍ථයෙන් ශ්‍රද්ධා ඉන්‍ද්‍රිය -පෙ- පවතින සන්තතියට අධිපති වීමේ අරුතින් ජීවිතින්‍ද්‍රිය සපුරයි. මෙසේ සිවුමග සිවුපෙලෙහි අට අට වී සිවුසැට දහම් සම්පූර්‍ණ බව යයි.
7. ධොවන සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි ධොවනං යනු ඇට සේදීමයි, ඒ දනව්වෙහි මිනිස්සු නෑයන් මළවිට නොදවත්, වළක් කැණ බිම තැන්පත් කරයි. ඉක්බිති ඔවුන්ගේ කුණු වූ ඇට ගොඩගෙන දොවා පිළිවෙලින් ඔසවා ගඳමලින් පුදා තබත්. නැකත පැමිණිවිට ඒවා ගෙන හඬත්. වැලපෙත්. එයින් නැකත්කෙළි කරත්.
8-10. තිකිච්ඡක ආදි සූත්‍ර වර්ණනා
අටවැන්නෙහි චිරෙචනං යනු දොස් දුරු කරන බෙහෙතකි, විරිත්තා හොති යනු ඉවත් කරන ලද්දේ, දුරුකරන ලද්දේ වෙයි, නවවැන්නෙහි වමනං යනු වමනය ඇති කරවන බෙහෙතකි. දසවැන්නෙහි නිද්ධන්තා යනු බැහැර කරන ලද්දාවූයි.
11. අසෙඛ සූත්‍ර වර්ණනාව
එකළොස් වැන්නෙහි අඞ්ග සපිරීම සඳහා සම්මාදිට්ඨියම සම්මාඤාණයයි කියන ලදි. මෙසේ මේ සියලුම අරහත්ඵල ධර්‍මයෝ අශෛක්‍ෂයෝයි, අශෛක්‍ෂයාට පැවති බැවින් ප්‍රත්‍යවෙක්ෂණ ඥානය ද අශෛක්‍ෂයයි කියන ලදි.
12. අසෙඛියධම්ම සූත්‍ර වර්ණනාව
දොළොස්වැන්නෙහි අසෙඛියා යනු අශෛක්‍ෂයෝම අසෙඛියා නමි. මේ සූත්‍රයෙන් ක්ෂීණාශ්‍රවයන් වහන්සේ කියන ලදි.
පළමු සමණසඤ්ඤා වර්‍ගයයි.
2. පච්චොරොහණි වර්ගය
1-2. පඨම අධම්ම ආදි සූත්‍ර වර්ණනා
දෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි වෙන්වෙන්ව විමසීමද විසඳීම ද කරනලදි. දෙවැන්නෙහි එකටමය.
3. තතිය අධම්ම සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි උද්දෙසං උදදිසිත්‍වා යනු මාතෘකාව ඉදිරිපත් කොටයි, සත්‍ථු චෙව සංවණ්ණිතො යනු පස් තැනක එතදග්‍රස්ථානයෙහි තබන්නා වූ ශාස්තෲන් වහන්සේ විසින් වර්‍ණනා කරන ලද්දේයි. සම්භාවිතො යනු ගුණ පැසසීමෙන් සම්භාවනය කරන ලද්දේයි. පහොති යනු හැකිවෙයි. අතියීත්‍වා යනු ඉක්මවායි, ජානං ජානාති යනු දතයුත්ත දැනගනියි, පස්සං පස්සති යනු දැකියයුත්ත දකියි. චක්‍ඛුභූතො යනු ඇස්මෙන් වූයේ, හටගත්තේ, උපන්නේයි, ඤාණභූතො යනු ඥානස්වභාවයයි, ධම්මභූතො යනු ධර්‍ම ස්වභාවයයි, බ්‍රහ්මභූතො යනු ශ්‍රේෂ්ඨ ස්වභාවයයි, වත්තා පවත්තා යනු කීමෙහි සමත්වූයේ, පැවැත්වීමෙහි සමත් වූයේයි, අත්ථස්ස නින්නෙතා යනු අර්‍ත්‍ථය ගෙනහැර දක්වයි, යථා නො භගවා යනු යම්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ ද යනුයි.
4. අජිත සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි අජිනො යනු එබඳු නම් ඇත්තේයි, චිත්තට්ඨානසතානි යනු සිත් ඉපදීම් සියයකි, යම් යම් සිත් ඉපදවීම් සියයෙන් යොදනු ලබන්නා වූ උපාරද්ධා පජානං යනු උපාරද්ධමහා යනු විරුද්ධ වූවෝය, දොස්නඟනු ලද්දෝ යයි මෙසේ දනිත්. අපි විරුද්ධ වූවෝ වෙමු. ලද්දෝ වෙමු. අපට දෝෂය පවරන ලද්දේයි දනිති. පණ්ඩිතවත්‍ථුනි යනු පණ්ඩිත බවට කරුණුයි.