3-4. ඉට්ඨධම්ම ආදි සූත්‍ර වර්ණනා
තෙවැන්නෙහි වණ්ණො යනු සිරුරු පැහැයයි. ධම්මා යනු නවලොවතුරු දහම්ය, සිවුවැන්නෙහි අරියාය යනු පෘථග්ජන නොවන ශීලාදියෙන් මුසුවූ බැවින් මෙසේ කියන ලදි. සාරදායී ච හොති චරදායී යනු හරය ද වරය ද දෙන්නේ වෙයි, ඔහුගේ වරය යමක්ද එය ගනී යන අරුත්ය.
5. මිගසාලා සූත්‍ර වර්ණනාව
පස්වැන්නේ මුලදී යමක් කිවයුතුද එය ඡක්ක නිපාතයෙහි කියන ලද්දේය. දුස්සීලො හොති යනාදියෙහි දුස්සීලො යනු සිල් නැත්තේයි, චෙතොවිමුත්තිං යනු ඵලසමාධියයි, පඤ්ඤාවිමුත්තිං යනු ඵලඥානයයි, නප්පජානාති යනු ඉගෙනීම් විමසීම් වශයෙන් නොදනියි, දුස්සීල්‍යං අපරිස්සෙං නිරුජ්ඣති යන මෙහි පස් දුසිල්බව සෝවාන් මගින් ප්‍රහීන වෙයි, අරහත් මගින් ඵලක්‍ෂණයෙහි ඒවා ප්‍රහීනවූයේ නම්වෙයි. පුහුදුන් පුද්ගලයාගේ ශීලය කරුණු පසකින් බිඳෙයි. පරිජියකට පැමිණීමෙන්, ශික්‍ෂාව පිළිකෙවු කිරීමෙන්, අන්තොටු පැත්ත ගැනීමෙන්, රහත්බවින් හා මරණයෙනි, එහි මුලතුන පිරිහීම සඳහා පවතියි, සතරවැන්න අභිවෘද්ධිය සඳහාය. පස්වැන්න පිරිහීම හෝ අභිවෘද්ධිය සඳහා නොපවතියි. කෙසේ නම් මේ ශීලය රහත්බවින් බිඳෙයි ද? පුහුදුන් පුද්ගලයාගේ ශීලය අත්‍යන්තයෙන් කුසලයක්ම වෙයි. රහත්මග ද කුසල අකුසල කර්‍ම නැතිකිරීම සඳහා පවතියි යයි මෙසේ එයින් එය බිඳෙයි. සවනෙනපි අකතං හොති යනු ඇසිය යුත්ත නොඅසන ලද්දේ වෙයි. බාහුසච්චෙනපි අකතං හොති යනු මෙහි බාහුසච්චං යනු වීර්යයයි. වීර්යයෙන් කළයුත්ත නොකරන ලද්දේ වෙයි. එය නොකළබැවින් ස්වර්‍ගයෙන් මාර්‍ගයෙන් පිරිහෙයි. දිට්ඨියාපි අප්පටිවිද්ධං හොති යනු දැක්මෙන් (දෘෂ්ටියෙන්) අවබෝධ කළයුත්ත අවබෝධ නොකරන ලද්දේ වෙයි. පසක් නොකරන ලදි. සාමයිකම්පි විමුත්තිං න ලභති යනු කලින්කලට දහම් ඇසීම නිසා ප්‍රීතිය හා ප්‍රමුදිතබව නොලබයි, නානාය පරෙති යනු පිරිහීම සඳහා පවතියි,
යථාභූතං පජානාති යනු සෝවාන් පෙලෙන් පස්වැදෑරුම් දුසිල්බව ඉතිරි නැතිව නැතිවේයයි ඉගෙනීම් විමසීම් වශයෙන් දනියි, තස්ස සවනෙනපි කතං හොති යනු ඇසිය යුත්ත අසන ලද්දේ වෙයි, බාහුසචෙචනපි කතං හොති යනු වීර්යයෙන් කළයුත්ත යටත් පිරිසෙයින් දුබල විදසුනක් පමණක්වත් කරන ලද්දේ වෙයි. දිට්ඨියාපි සුප්පටිවිද්ධං හොති යනු යටත් පිරිසෙයින් ලෞකික ප්‍රඥාවෙන්වත් ප්‍රත්‍යය ප්‍රතිවෙධය කරන ලද්දේ වෙයි. මේ පුද්ගලයාගේ ප්‍රඥාව ශීලය පිරිසිදු කරයි. හෙතෙම ප්‍රඥා පරිශොධනයෙන් විශේෂයකට පැමිණෙයි,
පමාණිකා යනු පුද්ගලයන් අතුරෙහි ප්‍රමාණ කොට ගන්නෝයි, පමිණන්ති යනු මැන බැලීමට තුලනයට සුදුසු වෙත්, එකො හීනො යනු එකෙක් ගුණයෙන් අඩු වූවෙකි. එකො පණීතො යනු එකෙක් ගුණයෙන් ප්‍රණීත වූවෙකි. උතුම් වූවෙකි. තං හී යනු ඒ පමණ කිරීමයි, අභික්‍ඛන්තතරො යනු සොඳුරුතර වූයේයි, පණීතතරො යනු ඉතා උතුම් වූයේයි. ධම්මසොතො නිබ්බහති යනු සූරයකු වී පවත්වනු ලබන විදසුන් නුවණ ගෙනයයි. ආර්‍ය්‍ය භූමියට පමුණුවයි, තදන්තරං කො ජානෙය්‍ය යනු මෙබඳු කාරණය කවරෙක් දන්නේද? සීලවා හොති යනු ලෞකික ශීලයෙන් සිල්වත් වෙයි. යත්‍ථස්ස තං සීලං යනු රහත් විමුක්තියට පත්ව ශීලය නොඉතිරිව නිරුද්ධ වෙයි නමි. එහි කියන ලද පරිද්දම වෙයි. මින් මත්තෙහි අංග දෙකෙහි අනාගාමී ඵලය විමුක්ති නමි. පස්වැන්නෙහි රහත්බවමයි. මෙහි සෙස්ස කියන ලද්දට අනුව දතයුතුය. සවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.
7. කාක සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි ධංසි යනු ගුණය නොගෙන අතින්වුවද ගන්නා ලද්දේ ඔහුගේ හිසෙහි වසුරු හෙලයි, පගබ්හො යනු ප්‍රගල්භතාවෙන් යුක්තවූයෙයි, (තින්තිනො) යනු තින්තිනංයි කියනු ලබනුයේ තෘෂ්ණාවය, එයින් යුක්ත වූයේ හෝ සැකබහුල වූයේයි, ලුද්දො යනු දරුණු තැනැත්තේයි, අකාරුණිකො යනු කරුණා රහිත වූයේයි, දුබ්බලො යනු දුර්‍වල වූයේයි, ශක්තිය අඩුවූයේයි, ඔරවිතා යනු ලාමක බවින් යුක්තවූයේ ලාමකව හැසිරෙයි. නෙවයිකො යනු රැස් කරන්නායි.
9. ආඝාතවස්ථු සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි අට්ඨානෙ යනු නිකරුණෙහි, දනුමැතිව සිටියදී මට ඇවැඩ පිණිස හැසුරුනේය යනාදී කාරණයක් වන්නේය. ඛාණුපහත ආදියෙහි එය නැත. එහෙයින් එහි ආඝාතය (වෛරය) නමි. සෙස්ස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
තෙවැනි වූ ආකඞ්ඛ වර්‍ගයයි.
4. ථෙර වර්ගය
1-3. බාහුන ආදි සූත්‍ර වර්ණනා
සිවුවැනි වර්‍ගයේ පළමු සූත්‍රයෙහි විමරියාදිකතෙන යනු කෙලෙස් සීමාව බිඳ සීමාව නැති කිරීමෙනි, දෙවැන්න පැහැදිලි අරුත් ඇත්තේමය. තෙවැන්නෙහි නො ච පයිරුපාසිතා යනු නොඑළඹෙයි,
4. බ්‍යාකරණ සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි ඣායී සමාපත්තිකුසලො යනු ධ්‍යානයන්ගෙන් යුක්තවූයේ සමවත්හි දක්ෂවූයේ ද වෙයි. ඉරීණං යනු හිස්බවයි, විපිනං යනු ගුණයෙන් තොර වූ ගුණ නැති බවයි. නැතහොත් ඉරීණ සංඛ්‍යාත වූ අරණට විපින සංඛ්‍යාත වූ මහා ගහනයට පැමිණියෙකු මෙන් වෙයි, අනයං යන අවැඩයි, ව්‍යසනං යනු විනාශයයි, අනයව්‍යසනං යනු ඇවැඩ හා විනාශයයි. කින්නුඛො යනු කවර කරුණකින්?
5. කත්ථී සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි කත්‍ථි හොති විකත්‍ථි යනු කියවන සුලු වූයේ නිවන (ගැන) කියයි, න සන්තතකාරි යනු තහවුරුව නොකරන්නේයි.
6. අධිමාන සූත්‍ර වර්ණනාව
[missing trans]