3. උබ්බාහිකා සූත්‍ර වර්ණනාව
තෙවැන්නෙහි උබ්බාහිකාය යනු පැමිණි අධිකරණය සංසිඳවීමට සංඝයා කෙරෙන් ඉවත්කොට උදුරායි, විනයෙ ඛො පන ඨිතො හොති යනු විනය ලක්ෂණයෙහි පිහිටියේ වෙයි. අසංහීරො යනු නොහික්මුණු වචන මාත්‍රයෙන් තමන්ගේ ලබ්ධිය (පිළිගැනීම) අත් නොහරියි. පටිබලො යනු ශරීර ශක්තියෙන් ද ඥාන ශක්තියෙන් ද යුක්ත වූයේයි, අඤ්ඤාපෙතුං යනු දැන්වීමටයි, සඤ්ඤාපෙතුං යනු මනාව දැන්වීමටයි, නිජ්ඣාපෙතුං යනු බැලවීමටයි, පසාදෙතුං යනු ප්‍රසාදය හටගැන්වීමටයි, අධිකරණං යනු විවාදාධිකරණය ආදී සතරාකාරයයි, අධිකරණනිරොධං යනු අධිකරණය සංසිඳීමයි, අධිකරණනිරොධගාමිණි පටිපදං යනු සවැදෑරුම් අධිකරණ සමථයයි,
4. උපසම්පදා සූත්‍ර වර්ණනාව
සිවුවැන්නෙහි අනභිරතිං යනු උකටලීබවයි, වූපකාසෙතුං යනු දුරුකිරීමටයි, අධිසීලෙ යනු උතුම් ශීලයෙහියි, චිත්ත පඤ්ඤාවන්හි ද මේ ක්‍රමයමයි.
7. සඞ්ඝභෙද සූත්‍ර වර්ණනාව
සත්වැන්නෙහි වත්ථුහි යනු කාරණයන්ගෙනි, අවකස්සන්ති යනු පිරිස අදිත්, වෙන්කරත්. එකත්පසෙකට ඔසවා දමති, වවකස්සන්ති තදින් අදිත්, යම්සේ වෙන් වූවාහු වෙත්ද එසේ කරත්. ආවෙනිකම්මානි කරොන්ති යනු වෙන්ව සංඝකර්ම කරත්.
9. ප්‍රථම ආනන්ද සූත්‍ර වර්ණනාව
නවවැන්නෙහි කපපට්ඨියං යනු ආයුෂ් කල්පයයි, කිබ්බිසං පසවති යනු පාපවිපාකය ලබයි, ආපායිකො යනු අපායට යායුතු වූයි, නෙරයිකො යනු නිරයෙහි උපදින තැනැත්තායි, වග්ගරතො යනු භේදයෙහි ඇළුනේයි, යොගක්ඛෙමතො ධංසති යනු යෝගක්ෂෙමයෙන් රහත්බවින් ගිලිහෙයි, ඉවතට යයි.
10. ද්විතීය ආනන්ද සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි අනුග්ගහො යනු ඔවුනොවුනට සංග්‍රහයෙන් අනුග්‍රහ කිරීමයි. සෙස්ස සියලු තන්හි පැහැදිලිමය.
සිවුවැනි වූ උපාලි වර්ගයයි.
5. අක්කොස වර්ගය
4. කුසිනාර සූත්‍ර වර්ණනාව
පස්වැනි වර්ගයෙහි සිවුවැනි සූත්‍රයෙහි කුසිනාරායං යනු එබඳු නම් ඇති නුවරෙහියි, මෙහි දෙවියන් සඳහා බිලි ගෙන යත්නුයි බලිහරණො නමි. ඒ බිලිගෙන යාමෙහි බලිහරණෙ නමි. අච්ඡිද්දෙන අප්පතිමංසෙන යනාදියෙහි යම්කිසිවකින් පහරදෙන ලද්දේ හෝ වෙයිද වෙදකම් ආදිය කරන ලද්දේ වෙයිද ඔහුගේ කායසමාචාරය වේයන් ආදීන් විසින් කන ලද තල්පතක් මෙන් සිදුරු වූයේමය. අතගෑමට යම්කිසි තැනෙක්හි ගෙන පැහැසීමට නොහැකි බැවින් පටිමංස වූයේම වෙයි. මෙයින් වෙනස් වූ තැනැත්තේ අච්ඡිද්දො අප්පටිමංසො නම් වෙයි. වචී සමාචරය වනාහි බොරුකීම, අපහාස කිරීම, කේලාම් කීම, අමූලික ආපත්තියෙන් චෝදනා කිරීම යනාදියෙන් සිදුරු වූයේ ද පටිමංස සහිත වූයේ ද වෙයි. මෙයින් වෙනස් වූ තැනැත්තේ අච්ඡිද්දො අප්පටිමංසො නමි. මෙත්තං නු ඛො මෙ චිත්තං යනු බාධක සිඳ කම්මට්ඨාන භාවනාවෙහි යෙදීමෙන් ලබන ලද මෙත් සිතයි. අනාඝාතං යනු වෛරයෙන් තොරවූයි, විෂ්කම්භන ප්‍රහානයෙන් නසනලද වෛර ඇත්තේ යන අරුත්ය, කත්ථ වුත්තං යනු මේ ශික්ෂාපදය කවර නුවරක කියන ලද්දක්ද? යනුයි,
කාලෙන වක්ඛාමි යනාදියෙහි එකෙක් එක් ඉඩක් (අවස්ථාවක්) ගෙන චෝදනා කරන්නේ (සුදුසු) කාලයෙන් කියයි නමි. සඟමැද දන්හල, සංවාද ශාලාව පිඬු හැසිරෙන මග, අසුන්හල ආදියෙහි හෝ උවැටැන්හල්හි හෝ චෝදනා කරන්නේ අකාලෙන වදති නමි, සත්‍යයෙන් චෝදනා නගන්නේ භූතෙන වදති නමි, කොලුව, මහල්ලා, ඔත්තුකාරය, පාංශුකූලිකය, ධර්මකථිකය, නුඹලාට ගැලපේයයි කියන්නේ එරුසෙන වදති නමි, කරුණු ඇසුරුකොට මහළු ස්වාමීනි, ඔත්තුබලන පාංශුකූලික හිමියනි, ධර්මකථික හිමියනි, මෙය ඔබවහන්සේලාට ගැලපේයයි කියන්නේ සණ්හෙන වදති නමි, කරුණු ඇසුරු කොට කියන්නේ අත්ථසංහිතෙන වදති නමි, මෙත්තචිත්තො වක්ඛාමි නො දොසන්තරො යනු මෙත් සිත උපදවා කියමි. දුෂ්ට සිත් ඇත්තේ නොවීයි.
5. රාජන්තෙපුරප්පවෙසන සූත්‍ර වර්ණනාව
පස්වැන්නෙහි කතං වා කරිස්සන්ති වා යනු මෛථුන පාරාජික ඇවත ඉක්මවූවාහුය හෝ ඉක්මවන්නාහුය, රතනං යනු මැණික් රුවන් ආදියෙහි යම්කිසිවකි, පත්ථෙති යනු මැරීමට කැමති වෙයි, ඇතුන්ගෙන් බාධාව හෝ ඇතුන් විසින් වටකරගනු ලැබීම හෝ යනු එහි අර්ත්ථයයි. සෙස්සෙහි ද මේ ක්‍රමයමයි.
6. සකක්‍ය සූත්‍ර වර්ණනාව
සවැන්නෙහි යෙන කෙනචි කම්මට්ඨානෙන යනු ගොවිතැන වෙළඳාම ආදිය අතුරින් කිසියම් කටයුත්තකිනි, අනාපජ්ජ අකුසලං යනු කිසියම් අකුසලයකට නොපැමිණයි, නිබ්බිසෙය්ය යනු උපදවන්නේය, රැස්කරන්නේය, අනාපජ්ජ අකුසලං යනු අකුසලයකට නොපැමිණෙයි, දක්ඛො යනු දක්ෂයෙකි, උට්ඨානසම්පන්නො යනු උත්ථාන වීර්යයෙන් යුක්ත වූයේයි, අලං වචනාය යනු කීමට යුත්තෙකි, එකන්තසුඛපටිසංවෙදී විහරෙය්ය යනු ඒකාන්තවූම කායික චෛතසික සුවය (නුවණින් විඳිමින් වසන්නේය, අනිච්චා යනු වී නැතිව යාමෙන්ය, තුච්ඡා යනු සැපරහිත වූයි, මුසා යනු නිත්‍ය සුභ සුඛයයි ගනු ලබන්නාහුද එසේ නොවෙත්නුයි මුසායි, මොසධම්මා යනු නැසෙන ස්වභාවය ඇත්තෝයි, එහෙයින් ඒවා නිසා දුක උපදීයයි දක්වයි, ඉධ ඛො පන වො යන මෙහි වො යනු නිපාත මාත්‍රයෙකි, අපණ්ණකං වා සොතාපන්නො යන ඒකාන්තයෙන්ම සෝවාන් වූයේ හෝ වෙයි, හෙතෙමේත් ධ්‍යාන උපදවයි, බඹලොව හෝ ගොස් කාමස්වර්ග සයෙහි හෝ ඒකාන්තයෙන් සුව විඳින්නේ වී වසන්නේය. මේ සූත්‍රයෙහි දී ශාස්තෲන් වහන්සේ අෂ්ටාංග උපොෂථයේ ගුණ ප්‍රකාශ කළ සේක.