5. කසිණ සූත්ර වර්ණනාව
පස්වැන්නෙහි සියලු අර්ත්ථයෙන් කසිණයෝ තදාරම්මණ වූ ධර්මයන්ට ක්ෂේත්රාර්ත්ථයෙන් හෝ අධිෂ්ඨානාර්ථයෙන් ආයතනයෝ වෙත්නුයි කසිණායතනානි නමි. උද්ධං යනු මතු අහස්තලයට අබිමුවයි, අධො යනු යට බිම්තලයට අබිමුවයි, තිරියං යනු කෙත් මඬුල්ලක් මෙන් හාත්පසින් පිරිසිඳයි, ඇතමෙක් උඩටම විහිදුවයි, ඇතමෙක් යටටය, ඇතමෙක් හාත්පසිනි. ඒ ඒ ආකාරයෙන්ම මෙසේ විහිදුවයි. රූප දකිනු කැමත්තේ ආලෝකය මෙනි, එහෙයින් එකෙක් පඨවි කසිණය උඩට යටට සරසට හඳුනා ගනිතියි කියනලදි. අද්වයං යන මෙය වනාහි එකෙකුට වෙනත් ස්වභාවයකට නොපැමිනෙනු සඳහා කියන ලදි. යම්සේ නම් ජලයට පිවිසි තැනැත්තාට සියලු දිසාවන්හිම ජලයම වෙයිද වෙනෙකක් නොවේද එසේම පඨවි කසිණය පඨවි කසිණයම වෙයි. ඔහුට වෙනත් කසිණ මුසුවීමක් නැත. සියලු තන්හි මේ ක්රමයයි. අප්පමාණං යන මෙය ඔහුගේ පැතිරවීම අප්රමාණ වශයෙන් කියනලදි. එය සිතින් පතුරුවන්නේ සියල්ලම පතුරුවයි. මෙය ඔහුට මුල මැද අගයයි ප්රමාණයක් නොගනියි. විඤ්ඤාණකසිණං යනු මෙහි කසිණ ඉඟුලු අහසෙහි පැවති විඤ්ඤාණයයි. එහෙයින් එය විඤ්ඤාණයයි කියනු ලැබේ. කසිණ වශයෙන් ද කසිණ ඉගුළු අහස වශයෙන් ද එහි පැවති විඤ්ඤාණයෙහි උඩුයටි සරස් බව දතයුතුය. මේ මෙහි සංක්ෂෙපයයි. කර්මස්ථාන භාවනා ක්රමයෙන් මේ පඨවිකසිණාදිය විස්තර වශයෙන් විසුද්ධි මග්ගයෙහි කියනලදි.
6. කාලී සූත්ර වර්ණනාව
සවැන්නෙහි කුමාරිපඤ්හෙසු යන මාරදූ කූමරියන්ගේ ප්රශ්නයන්හියි. අත්ථස්ස පත්තිං හදයස්ස සන්තිං යන පද දෙකින්ම රහත්බවම කියනලදි. සෙනං යනු රාගාදී කෙලෙස් සෙනඟයි, පියසාතරූපං යනු ප්රියජාතිකවූත් ප්රසාදජාතිකවූත් වස්තූන්හි උපදින බැවින් එසේ ලබන ලද නම් ඇත්තේයි. එකොහං ඣායං සුඛමනුබොධං යනු මෙසේ කෙලෙස් සෙන් දිනා මම හුදෙකලාව ධ්යාන වඩන්නේ සුවය වින්දෙමි, පසක් කෙළෙමි. සක්ඛිං යනු සාක්ෂ්ය භාවයට පත්, ධර්ම සාක්ෂියයි, න සමපජ්ජති කෙන චී මෙ යනු මගේ කිසිවකු සමඟ මිතු දහමක් නැත. පඨවිකසිණසමාපත්තිපරමා ඛො භගිනි එකෙ සමණබ්රාහ්මණා අත්ථාභිනිබ්බත්තෙසුං පඨවිකසිණ සමාපත්තිය පරම වූ උතුම් අර්ත්ථයයි ගෙන ඉපිදවූවාහුය. යාවතා ඛො භගිනි පඨවිකසිණසමාපත්තිපරමතා යනු පඨවි කසිණ සමාපත්තියෙහි උතුම්බව යම්තාක්ද, තදභිඤ්ඤාසි භගවා යනු එය භාග්යවතුන් වහන්සේ අභිඥා ප්රඥාවෙන් දැනගත් සේක. ආදිමද්දස යනු සමුදය සත්යය දුටුවේය, ආදීනවමද්දස යනු දුක්ඛ සත්යය දුටුවේය, නිස්සරණමද්දස යනු නිරොධ සත්යය දුටුවේය. මග්ගාමග්ගඤාණදස්සනමද්දස යනු මාර්ග සත්යය දුටුවේය. අත්ථස්ස පත්තී යනු මේ සිවුසස් දුටු බැවින් රහත්බව නමැති අර්ත්ථයට පැමිණීමක්, තැවුල් සංසිඳීම සඳහා හදවතට ශාන්තියක් යනුයි.
7. පඨම මහාපඤ්හ සූත්ර වර්ණනාව
සත්වැන්නෙහි අභිජානාථ යනු මනාව දැන පසක් කොට වසවු, අභිඤ්ඤාය යනු මනාව දැනයි, ඉධ යනු මේ, ධම්මදෙසනාය වා ධම්මදෙසනං යනු ඉදින් ශ්රමණ ගෞතමයන්ගේ මේ ධර්ම දේශනාව සමඟ අපගේ ධර්ම දේශනය හෝ අපගේ ධර්ම දේශනාව සමඟ ශ්රමණ ගෞතමයන්ගේ ධර්ම දේශනය අරභයා වෙනසක් කියන්නහු ද ඒ කුමක් නම් දැයි කියත්, දෙවැනි පදයෙහි ද මේ ක්රමයමයි. මෙසේ ඔවුහු මැදින් බිඳුණු සවර්ණයක් මෙන් සසුන සමඟ තමන්ගේ ලබ්ධිය වචන මාත්රයෙන් මිහිරි කොට තැබූහ. නෙව අභිනන්දිංසු යනු එය එසේමයයි නොපිළිගත්හ, න පටික්කොසිංසු යනු මෙය එසේයයි පිළිකෙවු නොකළහ, කුමක් හෙයින්දයත්? ඒ තීර්ථකයෝ නම් දැන නොදැන කියන්නහුයයි සතුටු නොවූහ.
න සම්පායිස්සන්ති යනු සම්පාදනය කොට කීමට නොහැකි වෙත්. උත්තරිඤ්ච විඝාතං යනු නොසපයන්නෝ මත්තෙහිද දුකට පැමිණෙත්, සපයා කීමට නොහැකිවන්නන්ට දුක උපදියි, යථා තං භික්ඛවෙ අවිසයස්මිං යනු මෙහි ද තං යනු නිපාත මාත්රයකි. යථා යනු හේතු දැක්වීමේ වචනයයි, යම් විෂය නොවන - ගොදුරු නොවන දෙයක ප්රශ්න අසන ලද්දාහු වෙතියි අර්ත්ථයි, ඉතො වා පන සුත්වා යනු මේ මගේ සසුනින් හෝ අසායි, ඉතො යනු තථාගතයන් වහන්සේගෙනුදු තථාගත ශ්රාවකයකු ගෙනුදුයි. ආරාධෙය්ය යනු සතුටු කරවන්නේය, වෙනත් ලෙසකින් සතුටු කිරීමක් නම් නැතැයි දක්වයි,