10. දුතිය කොසල සූත්‍ර වර්ණනාව
දසවැන්නෙහි උය්යොධිකාය නිවත්තො හොති යනු යුද්ධයෙන් නැවතියේ වෙයි, ලද්ධාධිප්පායො යනු බිම්සර රජුට දුව දෙන්නා වූ මහ කොසොල් රජු විසින් රාජ්‍ය දෙකට අතරෙහි ලක්ෂයක් ඉපැයෙන කාසිග්‍රාමය දියණියට දෙන ලදි. අජාසත් විසින් පියා නසනු ලැබූ කල්හි ඔහුගේ මව ද රජුගේ වියොවින් උපන් සොවින් නොබෝදිනකින්ම මියගියාය. ඉක්බිති පසේනදි කොසොල් රජතෙමේ අජාසත් විසින් මාපියෝ මරණ ලදහ. මගේ පියා සතු ගමයි (සිතා) ඒ සඳහා වියවුල් කරයි. අජාසත් රජතෙමේ ද මගේ මව සතුවූවකැයි වියවුල් කරයි. ඒ ගම සඳහා මයිල් බෑණණු දෙදෙනාම සිවුරඟ සෙනඟ සන්නද්ධ කොට යුද වැදුනාහ. එහිදී පසේදී කොසොල් රජ තෙමේ දෙවරක් අජාසත් රජු අතින් පැරදුනේ නුවරට පිවිසියේය. තෙවැනි වර කෙසේනම් මගේ ජය වන්නේදැයි චරපුරුෂ මාර්ගයෙන් යුදකළයුතු ආකාරය දැන බලඇණි සූදානම් කොට දෙපසින් වටකොට අජාසත් රජු (පරදවා) ගත්තේය. එතැන්පටන්, දිනුම බලාපොරොත්තුවෙන් ලද බැවින් ලද්ධාධිප්පාය නම්වීය.
යෙනාරාමො තෙන පායාසි යන පිටිනුවරෙහි ජයකඳවුර පිහිටුවා නුවර සරසන තුරු බුදුන්වහන්සේ වඳින්නෙමි. නුවරට පිවිසි කල් පටන් පමාවන්නේයයි ඇමති සමුහයා පිරිවරන ලද්දේ ආරාමයට පිවිසියේය. කවර විටෙක පිවිසියේද යත්? සම්බුදුන් වහන්සේ පිණ්ඩපාතය නිමවූ භික්ෂූන්ට ඔවදන් දී ගඳකිළියට පිවිසි විට භික්ෂු සංඝයා ද ඔවදන් පිළිගෙන තමතමන්ගේ රාත්රිස්ථාන, දිවා ස්ථානාදියට ගිය කල්හියි, වඞ්කමන්ති යනු කවර වේලාවක සක්මන් කරත්ද? රසවත් බොජුන් හේතුවෙන් (හටගත්) ථිනමිද්ධය දුරුකරනු සඳහා පසුබතෙහි සක්මන් කොට නහා සිරුර සෘතු ගන්වා හිඳ මහණදම් කරන්නවුන්ගේ සිත එකඟ වෙයි. යෙ තෙ භික්ඛු යනු හෙතෙම ශාස්තෲන් වහන්සේ කොහි වාසයට එළැඹි සේක්දැයි පිරිවෙණින් පිරිවෙණට නොගොස් විමසාම යන්නෙමැයි බලන්නේ අරණෙහි ඇතුන් මෙන් සක්මන් කරනු ලබන පාංශුකූලික භික්ෂූන් දැක ඔවුන්ගේ සමීපයට ගියේය. එය සඳහා මෙය කියන ලදි. දස්සනකාමා යනු දකිනු කැමැත්තාහුයි, විහාරො යනු ගඳ කිළිය සඳහා කීවාහුය, අතරමානො යනු ඉක්මන් නොවී හෙමින් පියවර පමණ තන්හි පියවර තබමින් වත්කොට සුසුමුදු මුතුවැලි සිඳුවර වැනි වැල්ල නොනසමින් හුන්නාවූ යන අරුත්ය. ආළින්දං යනු ප්රමුඛයෙහි (දොරටුව ඉදිරිපසෙහියි). අග්ගලං යනු කවුළුවයි, උක්කාසිත්වා යනු උගුර හඬවායි, ආකොටෙහි යනු නියගින් මඳක් යතුරු සිදුර සමීපයෙහි තට්ටුකරවයි කියන ලද්දේ වෙයි. දොරට ඉතා උඩින් අමනුෂ්‍යයෝ ද ඉතා යටින් සර්පයෝ ද තට්ටු කරති. එසේ තට්ටු නොකොට මැද සිදුරු සමීපයෙහි තට්ටුකළ යුතුය යන මෙය දොරට තට්ටු කිරීමේ වතයයි කියත්. විවරි භගවා ද්වාරං යනු භාග්‍යවතුන් වහන්සේ නැඟිට දොර විවර නොකරති. ඇරේවායි අත දිගු කරති. නොයෙක් කෙළගණන් කල්පයන්හි දන් දෙන්නා වූ ඔබවහන්සේ විසින් සියතින් දොර ඇරීමක් නොකරන ලදැයි දොර තෙමේම විවරවෙයි. යම් හෙයකින් එය භාග්‍යවතුන් වහන්සේගේ සිතෙන් විවරවීද එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දොර විවර කළහයි කීමට වටියි.
මෙත්තූපහාරං යනු මෛත්‍රියෙන් යුක්තවූ කායික වාචසික උපහාරයකි, කතඤ්ඤුතං යනු මේ රජතෙමේ පෙර ස්ථුල ශරීර ඇත්තේ විය. ද්‍රොණයක් අහර බුදියි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුට