අමෘත වර්ගය
අමතං තෙ භික්ඛවෙ න පරිභූඤ්ජන්ති යනු මරණයෙන් තොරවූ නිවන නොවිඳිති යන අර්ථයි. නිවන ලෝකෝත්තරවූයේ කායගතාසතිය ලෞකික වූයේ නොවේද? කෙසේනම් එය නොවිඳින්නාහු අමෘතය නොවිඳිත්දයත්? එය වඩා අවබෝධ කටයුතු බැවිනි. කායගතාසතිය වඩන්නේ අමෘතය අවබෝධ කරයි. නොවඩන්නේ අවබෝධ නොකරයි එබැවින් මෙසේ කියනලදී. මේ අයුරින් සියලු තන්හි අර්ථය දතයුතුය. තවද මෙහි විරද්ධං යනු වළකනු ලැබූයි. අවබෝධ නොකළා වූයි. ආරද්ධං යනු සපිරුණුයි. පමාදිංසු යනු පමාවෙත් යනුයි. පමුට්ඨං යනු මුළාවට පත්වූ අමතක කළ හෝ නැසීගිය යනුයි. ආසෙවිතං යනු මුලසිට සෙවුනාලදයි. භාවිතං යනු වඩනාලදයි බහුලීකතං යනු යළියළිත් කරනලදයි. අනභිඤ්ඤාතං යනු ප්රකට අභිඥාවෙන් නොදන්නාලදයි. අපරිඤ්ඤාතං යනු ප්රකට පරිඤ්ඤා වශයෙන් වෙන්කොට නොදන්නාලද යනුයි. අසච්ජිකතං යනු ප්රත්යක්ෂ නොකරනලදයි. සච්ඡිකතං යනු ප්රත්යක්ෂකරනලද යනුයි. සෙස්ස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
මනොරථපුරණි නම්වූ අංගුත්තරනිකායට්ඨකථාවෙහි සූත්රාන්ත දහසකින් පරිමිතවූ එක්කනිපාත වර්ණනාව නිමියේයි.