සොළොස්ප්රසාදකරධර්ම
අද්ධමිදං යනාදියෙහි අද්ධං යන මෙය ඒකාන්ත යන්නට නමෙකි. ලාභයනගෙන් මෙය ඒකාන්තය, ලාභයන්ගෙන් මෙය නිශ්චිතයයි කියනලද්දෙවෙයි යදිදං ආරඤ්ඤකත්තං යනු යම් මේ ආරණ්යකභාවය ලාභයන්ට ඒකාන්තය. අවශ්යභාවිතයකි. ආරණ්යකයා විසින් ලාභ නොලැබීමට නොහැකියයි මෙය කියනලද්දේවෙයි. ආරණ්යක භික්ෂුව වනාහි තමන්ගේ අරණ්ය වාසයට සුදුස්සක් කරමැයි පවක් නම් නොකරයි. මේ භික්ෂුව ආරණ්යවාසියෙකැයි ඔහුට හටගත් ගෞරවය ඇති මහජනයා සිවුපසයෙන් පූජා කරයි. ‘මහණෙනි, යම් මේ ආරණ්යක භාවයක් වේද? මෙය ලාභයන්ට ඒකාන්ත’යයි එහෙයින් කියනලදී. සෙසු පදයන්හිද මේ ක්රමයමැයි. මෙහි වනාහි බාහුසච්චං යනු බහුශ්රැතභාවයයි. ථාවරෙය්යං යනු බොහෝකල් පැවිදිව සිටීමෙන් තහවුරුබවට පත්බවයි. ආකප්පසම්පදා යනු සිවුරු ගැනීම් ආදී ආකල්ප සම්පත්තියයි. පරිවාරසම්පදා යනු පිරිසුදු පිරිවර ඇති බවයි. කොලපුත්තී යනු කුලපුත්ර භාවයයි. වණ්ණපොක්ඛරතා යනු සපැමිණි රූපවත් බවයි. කල්යාණවාක්කරණතා යනු වචන ක්රියාවෙහි (කථාකිරීමෙහි) මිහිරිබවයි. අප්පබාධතා යනු නීරෝගී සම්පත්තියයි. නීරෝගී භික්ෂුව තමන්ගේ ශරීරයෙහි යහපත්බවින් වාස (විදර්ශනා) ධුරයන්ද ග්රන්ථධුරයන්ද සම්පූර්ණ කරන්නෙක් වෙයි. එහෙයින් ඔහුට ලාභය උපදියි.
සොළොස් ප්රසාදකර ධර්මයෝ නිමියෝයි.
අච්ඡරාසඞ්ඝාත වර්ගය
අච්ඡරාසංඝාතමත්තම්පි යන මේ සූත්රය යන මේ සූත්රය අග්ගික්ඛන්ඛොපම සූත්ර අර්ත්ථොත්පත්තියෙහිම කියනලදී. අර්පණාවට නැඟුණු මෛත්රයට විපාක කථාවක් නැත. එහි අර්ත්ථොත්පත්තියෙහිම මේ දේශනාව ඇරඹිණැයි දතයුතුය. එහි පඨමං යනු සංඛ්යානුපූර්වතාවෙන් මෙය පළමුවැනිය, පළමුව සමවදීයයි පළමු නමැයි විභංගයෙහි කියනලදී. ක්ධානං යනු ධ්යාන නම් ද්විවිධය. ආරම්මණූපනිජක්ධාන, ලක්ඛණූපනිජක්ධාන වශයෙනි. එහි ආරම්මණුපනිජක්ධානය නම් අෂ්ටසමාපත්තීහුයි. ඒවා වනාහි පඨවිකසිණාදී අරමුණුවලට නැවත නැවත ධ්යානකිරීම හේතුවෙන් ආරම්මණපනිජක්ධානයයි කියනුලැබෙයි. ලක්ඛණුපනිජක්ඛාන යනු විදර්ශනාමාර්ගඵලයෝයි. විදර්ශනාව වනාහි අනිත්යාදි වශයෙන් සංස්කාර ලක්ෂණය නැවත නැවත සිහිපත්කිරීම (ධ්යාන වැඩීම) හේතුවෙන් ලක්ඛණුපනිජක්ධාන නම් වෙයි. විදර්ශනාවට ලක්ඛණූපනිජක්ධාන කෘත්යය මාර්ගයෙන් සිද්ධවේයයි මාර්ගය ලක්ඛණුපනිජක්ධානයයි. ඵලය සුඤ්ඤත අනිමිත්ත අප්පණිහිත ලක්ෂණ ඇති නිර්වාණයෙහිම උපනිජක්ධානය වනබැවින් ලක්ඛණුපනිජක්ධානයයි කියනුලැබේ. එහි මේ අර්ත්ථයෙහි ආරම්මණුපනිජ්ක්ධානය අදහස් කරනලදී. කො පන වාදො යෙ නං බහුලීකරොන්ති යනු යමෙක් ඒ ප්රථමධ්යානය බොහෝ සෙයින් කරත්ද නැවත නැවත කරත්ද ඔවුන් කෙරෙහි කිවයුත්තක්ම නැත. මෙහි සෙස්සයට කියනලද ක්රමයෙන්ම දතයුතුයි.
දුතියං ආදියෙහිද ගණනානුක්රමයෙන් දෙවැනිය ආදී නයින් අර්ත්ථය දතයුතුය.
මෙත්තං යනු සියලු සතුන් කෙරෙහි හිතවත්බව පැතිරීමයි. චෙතොවිමුත්තිං යනු චිත්තවිමුක්තියයි. මෙහි අර්පණාවට පැමිණි මෛත්රියම අදහස් කරනලදී. කරුණා ආදියෙහිද මෙම ක්රමයමයි. මේ සතර බ්රහමවිහාරයෝ වට්ටවෙති, වට්ටපාදයෝ වෙති. විපස්සනාපාදයෝ වෙත්. දිට්ඨධම්මසුඛවිහරණයෝ වෙත්, අභිඥාපාදයෝ හෝ නිරෝධපාදයෝ හෝ වෙත්. ලෝකෝත්තර නොවෙත්. කුමක් හෙයින්දයත්? සත්වයෝ අරමුණුකොට ඇතිබැවිනි.
කායෙ කායානුපස්සී යනු ආනාපාන පබ්බ, ඉරියාපථපබ්බ චතුසම්පජඤ්ඤපබ්බ පටිකකූලමනසිකාරපබ්බ ධාතුමනසිකාරපබ්බ, නවසීවථිකාපබ්බ අධ්යාත්ම පරිකර්ම වශයෙන් නීලකසින සතර යන මේ අටළොස් වැදැරුම් කයෙහි එම කයම ප්රඥාවෙන් බලන්නේයි. විහරති යනු ඉරියව් පවත්වයි, පවතියි මෙයින්, අටළොස් ආකාරය කායානුපස්සනා සතිපට්ඨාන භාවනාව වඩන මේ භික්ෂුවගේ ඉරියව් කියන ලද්දේ වෙයි. ආතාපි යනු ඒ කියනලද ආකාර ඇති සතිපට්ඨානභාවනාව වඩන වීර්යයෙන් වීර්ය්යවත්වූයේයි. සම්පජානො යනු කායානුපස්සනා සතිපට්ඨානයාගේ අටළොස් ආකාරවූ පරිග්රහණ ප්රඥාවෙන් මනාව දන්නේයි. සතිමා යනු කායානුපස්සනා සතිපට්ඨානයාගේ අටළොස් ආකාරවූ පරිග්රාහක සමෘතියෙන් යුක්ත වූයේයි. විනෙය්ය ලොකෙ අභිජක්ධා දොමනස්සං යනු ඒ කාය (ශරීර) සංඛ්යාතවූ ලොකයෙහි පඤචකාමගුණයන්ට අයත් තෘෂ්ණාවද ප්රතිඝසම්ප්රයුක්තවූ දොම්නසද දුරුකොට යටපත් කොට කයෙහි කය අනුව බලමින් වෙසේයයි කියනලද්දේ වෙයි. මෙපමණකින් කායානුපස්සනා වශයෙන් හුදුරූප (ස්කන්ධය) මෙනෙහි කිරීමම කියනලදැයි දතයුතුයි.