දෙවන වර්ගය
දෙවැන්නෙහි මිච්ඡාදිට්ඨ යනු දෙසැට ආකාරවූ මිථ්‍යාදෘෂ්ටියට මේ නමකි. මිච්ඡාදිට්ඨකස්ස යනු ඒ දෘෂ්ටියෙන් යුක්ත වූවහුටයි.
සම්මාදිට්ඨ යනු පස් ආකාරවූ සම්‍යක්දාෂ්ටියට මේ නමකි. සම්මාදිට්ඨකස්ස යනු ඒ දෘෂ්ටියෙන් යුක්තවූවහුටයි.
අයොනිසො මනසිකාරො යනු වැරදි අයුරින් සලකා බැලීමයි.
යොනිසොමනසිකාරො යනු නිවැරදි අයුරින් මෙනෙහි කිරීමයි. එහි වැරදිලෙස මෙනෙහි කරන්නාට පෙර නූපන් මිත්‍ථ්‍යාදෘෂටිය උපදියි. උපන් මිථ්‍යාදෘෂ්ටිය පිළිවෙළට බැස ගැන්ම තෙක් වැඩෙයි. පිළිවෙළට බැස ගත් විට වැඩුනේ නම් වෙයි. [missing trans]
මිච්ඡාදිට්ඨියා භික්‍ඛවෙ සමන්නාගතා සත්තා යනු මෙහි ඇතැමි මිත්‍යාදෘෂ්ටියක් ස්වර්‍ගය වළහන්නේද මාර්‍ගය වළහන්නේද වෙයි. ඇතැම් දෘෂ්ටියක් මාර්‍ගය වළහන්නේම ස්වර්‍ගය වළහන්නේ නොවෙයි. ඇතැම් මිථ්‍යාදෘෂ්ටියක් ස්වර්‍ගය නොවළහන්නේ ද මාර්‍ගය නොවළහන්නේද වෙයි. එයි අහෙතුක දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය, නාස්තිකදෘෂ්ටිය, යන මේ තුන් ආකාර දෘෂ්ටිය ස්වර්‍ගය වළහන්නේද මාර්‍ගය වළහන්නේද වෙයි. දශවස්තුක වූ අන්තග්‍රාහී මිත්‍ථ්‍යා දෘෂ්ටිය මාර්‍ගය වළහන්නේම වෙයි. ස්වර්‍ගය නොවළහන්නේද මාර්‍ගය නොවළහන්නේද වෙයි. මේ නියමය ප්‍රතික්‍ෂෙප කොට මේ සූත්‍රයෙහි මිච්ඡාදිට්ඨියා භික්‍ඛවෙ සමන්නාගතා’ යන වචනයෙන් යටත්පිරිසෙයින් විංශතිවස්තුක මිත්‍ථ්‍යාදෘෂටියගෙන ස්වර්‍ගය එළවීමට සමත් මිත්‍ථ්‍යාදෘෂ්ටියක් නම් නැත. ඒකාන්තයෙන් නිරයෙහිම ගිල්වන්නේයයි කියනලදී. යම්සේ වනාහි දියෙහි හෙලන ලද මුං මෑ ප්‍රමාණවූද ගල් කැබැලිත්ත පාවන්නේ නම් නොවේ. ඒකාන්තයෙන් යටටම පිවිසෙයි. මෙසේම යටත් පිරිසෙයින් සත්කාය දෘෂ්ටියද ස්වර්‍ගයට එළඹවීමට සමත් වන්නේ නම් නැත. ඒකාන්තයෙන් අපායයන්හිම ගිල්වන්නේයයි කියනලදී.
සම්මාදිටඨියා සමන්නාගතා යනු මෙහි කම්මාසස්කත සම්මාදිට්ඨි, ක්‍ධානසම්මාදිට්ඨි, විපස්සනා සම්මාදිට්ඨි, මග්ගසම්මාදිට්ඨි, ඵලසම්මාදිට්ඨි, ක්‍ධානසම්මාදිට්ඨි, විපස්සනා සම්මාදිට්ඨි, මග්ගසම්මාදිට්ඨි, ඵලසම්මාදිට්ඨි යනුවෙන් සම්‍යක්දෘෂ්ටිය පස්ආකාරය. එහි කම්මස්සකත සම්මාදිට්ඨිය සම්පත්ති භවය අදියි (කැඳවයි.) ක්‍ධානසම්මාදිට්ඨිය රූපාරූප භවයන්හි ප්‍රතිසන්‍ධිය දෙයි. මග්ගසම්මාදිට්ඨිය සංසාරවෘතය විනාශකරයි. ඵලසම්මාදිට්ඨිය භවය මැඬලයි. විපස්සනා සම්මාදිට්ඨිය කුමක් කෙරේද? එයද ප්‍රතිසන්‍ධිය නොඅදියි. ත්‍රපිටක චූලාභය තෙරුන්වහන්සේ ‘ඇවැත්නි, ඉදින් විපස්සනා සම්මාදිට්ටිය වඩනා ලද්දේ ඉහාත්මයෙහිම රහත්බවට පැමිණවීමට හැකිය යන මෙය මැනවි. ඉදින් නොහැකි වුවහොත් භවසතෙක්හි දෙතැ’යි කීහ. මෙසේ මේ ලෞකික ලෝකෝත්තර සම්‍යක්දෘෂ්ටිය කියනලදී. මෙහි වනාහි ලෞකිකවූ භවය ඇති කරන සම්‍යක් දෘෂ්ටියම දත යුතුය.
යං චෙව කායකම්මං යථාදිට්ඨ සමතතං සමාදින්නං යන මෙහි යථාදිට්ඨ යනු යම් මේ දෘෂ්ටියක් වේද ඊට අනුරූපවයි. සමත්තං යනු සම්පූර්ණවූයි. සමාදින්නං යනු ගන්නාලද යනුයි. ඒ මෙය දෘෂ්ටියට අනුරූපව සිටි කායකර්‍මයය. දෘෂ්ටිය සමඟ උපන් කාකර්‍මයය, දෘෂ්ටියට අනුලොම්වූ කාය කර්‍මයයයි ත්‍රිවිධ වෙයි. එහි පරපණ නසන, නොදුන් දෙය ගන්නා, මිත්‍ථ්‍යාචාරයෙහි යෙදෙන ‘එය හේතුකොටගෙන පාපයක් නැත. පාපයක පැමිණීමක් නැතැයි මෙබදු ලබ්ධි ඇත්තහුගේ ප්‍රාණාතිපාත අදින්නාදාන මිත්‍ථ්‍යාචාර සංඛ්‍යාතවූ යම් කායකර්‍මයක් වේද එය දෘෂ්ටියට අනුරූපව සිටි කායකර්‍මය නමි. පරපණ නසන, නොදුන්දෙය ගන්නා, මිථ්‍යාචාරයෙහි යෙදෙන තැනැත්තාගේ මේ හේතුකොටගෙන පවක් නැත. පවේ පැමිණිමක් නැතැයි යන මේ දෘෂ්ටිය මේ දැක්ම සමඟ හටගත් කාය කර්‍මය දිට්ඨිසහජාත කාය කර්‍මය නමි. එයින් පිරුණු, සමාදන්වූ, ගන්නාලද සිතෙහි මුල්බැසගත් යමක්වේද එය දිට්ඨානුලෝමිකකායකර්‍මය නමි. වාක් කර්‍මාදියෙහිද මේ ක්‍රමයමැයි. යම් සේ වනාහි මෙහි පරපණ නසන, නොදුන් දෙය ගන්නා මිත්‍ථ්‍යාචාරයෙහි යෙදෙන්නහුට එය හේතුකොටගෙන පාපයක් නැත යන යෝජනාව කරනලද්දේද එසේ වාක්කර්‍මමනොකර්‍මයන්හි බොරුකියන, කේලාම් කියන රළු වචන කියන හිස්වචන දොඩන දැඩිලෝභය ඇති කෝපවූ සිත් ඇති මිත්‍ථ්‍යාදෘෂ්ටිකයාටද එය හේතුකොටගෙන පවක් නැත යන යෝජනාව කළ යුතුය.