කුණඩදාන තෙරණුවෝ
තෙවැන්නෙහි පඨමං සලාකං ගණභන්තානං’ යනු සියල්ලන්ට පළමුව ලහ ගන්නාවූ භික්ෂූන් අතුරෙන් කුණඩදාන තෙරුන්වහන්සේ අග්රයයි දක්වනු ලැබේ. මේ තෙරුන්වහන්සේ වනාහි මහාසුභද්රා විසින් නිමන්ත්රණය කරනුලැබූ දිනයෙහි තථාගතයන්වහන්සේ උග්ගනුවරට වඩන කල්හි ‘අද ශාස්තෘන්වහන්සේ දුරට භික්ෂාචාරයට වඩිනසේක පෘථග්ජනයෝ සලාකය නොගනිත්වා! පන්සියයක් ක්ෂීණාශ්රවයෝම ගිනිත්වා’යි කීකල්හි පළමුවම සිංහනාද නඟා සලාකය ගත්හ. චුල්ලසුභද්රා විසින් අරයුම්කරනලද දිනයෙහි තථාගතයන්වහන්සේ සාකේතයට වඩිනකල්හිඳ පන්සියයක් භික්ෂූන් අතුරෙහි පළමුවම සලාකය ගත්හ. සුනාපරන්ත ජනපදයට වඩින කල්හිද මේ කරුණෙහිලා තෙරුන්වහන්සේ පළමුව සලාකය ගන්නවුන් අතුරින් අග්රනම් වූහ. කුණ්ඩධාන යනු ඔහුගේ නමයි.
ඔහුගේ ප්රශ්න කර්මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙහෙත වනාහි පදුමුත්තර බුද්ධ කාලයෙහි හංසවතී නගරයෙහි කුලගෙයක උපන්නේ කියනලද නයින්ම විහාරයට ගොස් දහම් අසන්නේ එක් භික්ෂුවක පළමුව සලාක ගන්නාවූ භික්ෂූන් අතුරෙන් අග්රස්ථානයෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක බුදුවරුන් උදෙසා පින්කම්කොට තනතුර පතා ශාස්තෘන්වහන්සේ විසින් අනතුරක් නොදැක විවරණ දෙලද්දේ දිවිඇති තෙක් කුසල් කොට දෙවියන් හා මිනිසුන් අතර සැරිසරන්නේ කාශ්යප බුද්ධකාලයෙහි භූම්යසථ දෙවියෙක්වී උපන්නේය. දීර්ඝායුෂ්ක බුදුවරුන්ට වනාහි අඩමසක් පාසාවූ උපෝෂථයෙක් නොවෙයි. විපස්සී බුදුන්වහන්සේට සාවුරුද්දක් අතරෙහි උපොසථය වූයේය. කාශ්යප බුදුරජාණන්වහන්සේ වනාහි සමසකින් සමසකින් ප්රාතිමොක්ෂය ඇතුළත්කළසේක. උන්වහන්සේගේ ප්රාතිමොක්ෂය පවත්වන කාලයෙහි දිසාවාසී යහළු භික්ෂුදෙනමක් උපොෂථය කරන්නෙමුයයි යත්. මේ භූම්යස්ථ දේවතාවා (මෙසේ) සිතුවේය. මේ භික්ෂූන් දෙනමගේ මිත්රභාවය අතිශයින් දැඩිය. කිමෙක්ද බිඳින්නකු ඇතිකල්හි බිඳෙන්නේද නැද්ද යනුවෙනි. (මෙසේ සිතා) ඔවුන්ගේ අවසරයක් බලන්නේ ඔවුනට නුදුරුව නුදුරුවම යයි.
ඉක්බිති එක් තෙර නමක් අනෙකාගේ අතට පාසිවුරුදී සිරුරුකිස සඳහා දිය පහසු තැනකට ගොස් දොවනලද අත්පා ඇත්තේ වනලැහැබින් නික්මෙයි. භූම්යස්ථ දේවතාවා ඒ තෙරුන්ගේ පිටුපසින් පිටුපසින් උතුම්රූපයක් ඇති ස්ත්රීයකවී කෙස් කඩා හැර ඒවා එක්කොට බඳන්නියක මෙන්ද පිටුපසින් පස් පිසදමන්නියක මෙන්ද සළුව සකසා හැඳින්නියක මෙන්දවී තෙරුන්ගේ පිය අනුව යන්නියකවී ලැහැබින් නික්මුණාය. එකත් පසෙක සිටි සහායක තෙරණුවෝ මෙකරුණ දැක දොම්නස්වූවෝ මේ භික්ෂුව සඟ බොහෝ කලක් පැවති මගේ ස්නේහය දැන් නටුයේය. ඉදින් මම මෙබඳු බවක් දන්නෙම් නම් පෙමණ දිගු කලක් මොහු සමඟ විශ්වාසයක් නොකරන්නෙමියි සිතා එන්නාවූම ඔහුට ‘මෙන්න. ඇවත, ඔබගේ පාසිවුරු. ඔබ වැනි පවිටකු සමඟ එක මග නොයමි’යි කීවේය. ඒ කථාව අසා ඒ ලජ්ජි භික්ෂුවගේ හදවත තියුණු සැතක් ගෙන විදිනලද්දේ මෙන්විය. ඉක්බිති ඔහුට, ‘ඇවැත්නි, මේ කුමක් කියහුද? මම මෙපමණ කලක් දුකුළා ඇවතක් පමණකුදු නොදනිමි. නුඹ අද මා පාපියෙකැයි කියහි ඔබ කුමක් දක්නාලද්දේදැයි ඇසීය. ‘දක්නා ලද අන්දෙයකින් කවර වැඩක්ද? නුඹ මෙබඳුවූ මනාව සැරසුණු මාගමක සමඟ එක්තැනකට වී නොනික්මුණෙහිද?’ ‘ඇවැත්නි, මෙය මට නැත මම එබඳවූ කාන්තාවක නොදකිමි. ඔහු තෙවැනිවර දක්වා කියද්දී වුවද අනෙක් තෙරහු කථාව නොපිළිගෙන තමාදුටු කරුණම අර්ත්ථගන්වා ඔහු සමඟ එක මගින් නොගොස් අනෙක් මගකින් හාස්තෘන් සමීපයට ගියහ. අනෙක් භික්ෂුවද අන්මගකින් ශාස්තෘන් සමීපයටම ගියේය.
ඉක්බිති භික්ෂුසංඝයා උපොෂථාගාරයට පිවිසෙන වේලෙහි ඒ භික්ෂුව උපොෂථාගාරයේදී අනෙක් භික්ෂුව හැඳින, ‘මේ උපොෂථාගාරයෙහි මෙබඳුවූ පාපී භික්ෂුවක් ඇත. මම ඔහු සමඟ උපොෂථය නොකරමැයි නික්ම පිටත සිටියේය. භූම්යස්ථ දේවතාවා, ‘මවිසින් බැරෑරුම් දෙයක් කරනලදැ’යි මහළු උපාසක වෙසකින් ඔහු සමීපයට ගොස් ස්වාමීනි, කුමක් නිසා ආර්ය්යයන්වහන්සේ මෙතැන්හි සිටියහුදැයි ඇසීය. ‘උවසුව මෙම උපොෂථාගාරයට එක් පවිටු භික්ෂුවක් පිවිසියේය. මම ඔහු සමඟ උපොෂථය නොකරමි’යි කියා නික්මී පිටත සිටියේ වෙමි.’ ‘ස්වාමීනි, එසේ නොකියනු මැනව. ඒ භික්ෂුව පිරිසුදු සිල් ඇත්තෙකි. නුඹවහන්සේ විසින් දක්නාලද මාගම නම් මමය. නුඹවහන්සේලා විමසනු සඳහා මේ තෙරුන්ගේ මිත්රත්වය දැඩිද නොදැඩිදැයි ලජ්ජි අලජ්ජි භාවය බලන්නාවූ මවිසින් ඒකර්මය කරනලදී. ‘සත්පුරුෂය නුඹ කවුද?’ ‘ස්වාමීනි, මම එක් භූම්යස්ථ දේවතාවෙක්මි’යි දිව්යපුත්රයා කියන්නේ කියන්නේම දිව්යානුභාවයෙහි සිට තෙරුන්ගේ දෙපාලඟ වැටී ‘ස්වාමීනි, මට ක්ෂමා කරනුමැනව. මේ දෝෂය තෙරණුවෝ නොදනිත්, උපොෂථය කරන්නැ’යි තෙරුන්ට අයැද උපොෂථාගාරයට යැවීය. ඒ තෙරුන්වහන්සේ උපොෂථය නම් එක් තැනක කළාහුය. මිත්රසන්ථව වශයෙන් යළිඔහු සමඟ එක්තැනක නොසිටියහ. මේ තෙරුන්ගේ කර්මය නොකියනුලැබේ. චුදිතක තෙරුන්වහන්සේ වනාහි විදර්ශනාව සඳහා යළියළිත් කටයුතු කරන්නාහු රහත්බවට පැමිණියහ.
භූම්ය දේවතාවා ඒ කර්මයාගේ විපාකයෙන් එක් බුද්ධාන්තරයක් අපාය දුකින් නොමිදුනේය. ඉදින් වනාහි කලින්කලට මනුෂත්වයට එයිද අන්කිසිවෙකු විසින් කරනලද දෝෂය ඔහු මතට වැටෙයි. හෙතෙම අපගේ භාග්යවතුන්වහන්සේගේ කාලයෙහි සැවතෙහි බමුණු කුලයෙහි උපන්නේය. ධානමානවයයි ඔහුට නම් කළාහුය. හෙතෙම වියපත්ව ත්රිවේදයන් උගෙන මහළුකල්හි ශාස්තෘන්වහන්සේගේ ධර්මදේශනය අසා ලබනලද සැදැහැ ඇත්තේ පැවිදිවූයේය. ඔහුගේ උපසපන් දිනයෙහි පටන් එක් මනාව සැරසුණු ස්ත්රියක් ඔහු ගමට පිවිසෙන කල්හි (ඔහු) සමඟම ගමට පිවිසෙයි. නික්මෙන විට නික්මෙයි. විහාරයට පිවිසෙන විටද සමඟ පිවිසෙයි. සිටිනවිටද සිටී. මෙසේ නිබඳව එක්ව සිටියා පෙනෙයි. තෙරණුවෝ ඇය නොදකිති. ඔහුගේ මුල් කර්මයෙහි විපාකයන් හෙතෙම අනූනට උපස්ථාන කරයි.
ගමෙහි කැඳ පිණ්ඩපාතය දෙන ගැහැනු ‘ස්වාමීනි, මේ එක් කැඳ හැන්දක් ඔබ වහන්සේටය. එකක් මේ අපගේ යෙහෙළියටයයි පරිහාස කරත්, තෙරුන්ට මහත් වෙහෙසක් වෙයි. විහාරයට ගියහුටද හෙරණ පැවිද්දෝද තරුණ භික්ෂූහුද (ඔහු) පිරවරා ධාන තෙමේ කොණ්ඩයෙක් වූයේයි පරිභව කරත්, ඉක්බිති ඔහුට ඒ කරුණින්ම කුණ්ඩධාන තෙරණුවෝයයි නමක්විය. හෙතෙම නැගිට නැගිට ඔවුන් විසින් කරනුලබන කෙළිකවටකම් ඉසිලීමට නොහැක්කේ උමතුවක් ගෙන තොපි කොණ්ඩයෝය. තොපගේ උපාධ්යායයෝ කොණ්ඩයෝය. ආචාර්යවරු කොණ්ඩයෝයයි කියයි. ඉක්බිති ‘කුණඩධාන තෙමේ දහර සාමණේරවරුන් සමඟ මෙබඳුවූ රළුවචන කියති’යි මෙකරුණ ශාස්තෘන්වහ්නසේට සැළකළහ. ශාස්තෘන්වහන්සේ ඔහු කැඳවා ‘ඇත්තද මහණැ’යි අසා ‘භාග්යවතුන්වහන්ස, ඇත්ත’යි කීකල්හි කුමක් නිසා මෙසේ කියන්නේහිදැයි ඇසූසේක. ‘ස්වාමීනි, නිතර වෙහෙස නොයිවසමින් මෙසේ කියමි’යි කීවේය. ‘නුඹ පෙරකළ කර්මය අද දක්වා දිරවන්නට නොහැක්කෙහිය. යළි මෙබඳුවූ රළුවචනයක් නොකියව’යි පවසා මෙසේ වදාළසේක.