මහාකාශ්‍යප තෙරණුවෝ
සිවුවැන්නෙහි ‘ධුතවාදානං’ යන මෙහි ධුතය දතයුතුය; ධුතවාදය දතයුතුය; ධුතධර්‍මයන් දතයුතුය; ධුතඞ්ග දතයුතුය එහි ධුත යනු සොලවනලද කෙලෙස් ඇති පුද්ගලයා හෝ කෙලෙස් සොලවන්නාවූ ධර්‍මය හෝ වේ.
ධුතවාදො යන මෙහි වනාහි ධුතවාදී නොවන ධුතයෙක් ඇත. ධුතයෙක් නොවන ධුතවාදියෙක් ඇත. ධුතයෙක්ද නොවන ධුතවාදියෙක් නොවන්නක්ද ඇත. ධුතයෙක් මෙන්ම ධුතවාදියෙක්ද ඇත. ධුතයෙක්ද නොවන ධුතවාදියෙක් නොවන්නෙක්ද ඇත. ධුතයෙක් මෙන්ම ධුතවාදියෙක්ද ඇත. එහි යමෙක් ධුතඞ්ගයෙන් තමාගේ කෙලෙස් සෙලවූකල්හි අනිකෙකුට ධුතාංගයෙන් අවවාද නොකරයිද අනුශාසනා නොකරයිද බක්කුල තෙරුන්මෙන්වූ මෙතෙම ධුතයෙකි. ධුතවාදියෙක් නොවේය’යි යම්සේ කියනලද්දදෙද එහෙයිනි. යමෙක් වනාහි දුතතඞ්ගයෙන් අවවාද කරයිද අනුසාසනා කරයිද, උපනන්ද තෙරු මෙන්වූ මෙතෙම ධුතයෙක් නොවේ. ධුතවාදියෙකි. ‘ඒ මේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රතෙමේ ධුතයෙක් නොව ධුතවාදියෙකි. ‘ඒ මේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රතෙමේ ධුතයෙක් නොව ධුතවාදියෙකැ’යි යම්සේ කියනලද්දේද එහෙයිනි. යමෙක් දෙකින්ම වියුක්තවූයේ ලාළුදායී මෙන්වූ මෙතෙම ධුතයෙක් නොවන්නේ ධුතවාදියෙක්ද නොවන්නේවෙයි. ‘ඒ සේ ආයුෂ්මත් ලාළුදායී තෙමේ ධුතයෙක් නොවන්නේද ධුතවාදියෙක් නොවන්නේදවේය’යි යම්සේ කියන ලද්දේද එහෙයිනි. යමෙක් වනාහි දෙකින්ම යුක්තවූයේ ආයුෂ්මත කාශ්‍යප තෙරුන් මෙන් වූ මෙතෙම ධුතයෙක්ද ධුතවාදියෙක්දවෙයි. ‘යම් මේ ආයුෂ්මත් මහා කාශ්‍යප තෙමේ ධුතයෙක්ද ධුතවාදියෙක්ද වේය’යි කියමි. එසේ කියනලද්දේද එහෙයිනි.
‘ධුතධර්‍ම දතයුතුය’ යනු අප්පිච්ඡතා, (අපිස්බව), සන්තුට්ඨිතා (සතුටුබව), සල්ලෙඛතා (සැහැල්ලුබව), පවිවෙකා (විවේකීබව), ඉදමට්ඨිකතා (පමණදැනීම) යන මේ ධුතංග චේතනාවට පිරිවරවූ ධර්‍මපස අපිස්බවම ඇසුරුකොට ඇත යනාදී වචනයෙන් ධුතධර්‍මනමි. එහි අපිස්බවද සතුටුබවද අලෝභයයි. සැහැල්ලුබවද පවිවේකී බවද අලෝභයෙහි හා අමෝහයෙහි යන ධර්‍ම දෙකෙහි ඇතළත් වෙයි. ඉදිමට්ඨිකතා (පමණ දැනීමේ) ඥානයමයි. එහි ආලෝභයට විරුද්ධ වස්තුන්හි ලෝභයද අමෝහයට ප්‍රතිපක්‍ෂවස්තූන්හි ආදීනවයන් සඟවන්නාවූ මෝහයද සොලවයි. අලෝභයෙන් අනුදත් දෙය සෙවීම්වශයෙන් පවත්නා කාමසුඛානුයෝගයද අමෝහයෙන් ධුතංගයන්ගේ ඉතා රූක්‍ෂවශයෙන් පවත්නා අත්තකිලමථානුයෝගයද සොලවයි. එබැවින් මේ ධර්‍මයෝ ධුතධර්‍මයෝයයි දත යුත්තතාහ.
‘ධුතංගානි වේදිතබ්බානි’ යනු පංසුකූලිකාංගය -පෙ- නෙසජ්ජිකාංගය යන තෙළෙස් ධුතංගයෝ දතයුත්තාහ යනුයි.
‘ධුතවාදානං යදිදං මහාකස්සපො’ යනු යම්තාක් අය ධුතවාදය කියත්ද ඒ සියල්ලන් අතුරෙන් මහාකාශ්‍යප ස්ථවිරයන්වහන්සේ අග්‍රයහයි අග්‍රස්ථානයෙහි තැබූසේක ‘මහාකස්සපො’ යනු උරුවෙලකස්සප, නදීකස්සප, ගයාකස්සප කුමාරකස්සප යන මේ කුඩා අනුකුඩා තෙරුන් ගෙන මෙතෙම මහත්ය. එබැවින් මහාකාශ්‍යපය’යි කියනලදී.
මෙම මහාකාශ්‍යප තෙරුන්වහන්සේගේද ප්‍රශ්නකර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. අතීතයෙහි වනාහි කල්පලක්‍ෂයකට මත්තෙහි පියුමුතුරා යන ශාස්තෘන්වහන්සේ පහළවූසේක. උන්වහන්සේ හංසවතී නගරය ඇසුරුකොට ඛෙම නම් මිගදායෙහි වාසයකරනකල්හි වේදෙහ නම් කෙළෙඹියා අසූ කෙළක් ධනයෙන් ආඪ්‍යවූයේ උදෑසනින්ම මනා බොජුන් වළදා පෙහෙවස් අංග ඉටා සුවඳමල් ආදිය ගෙන විහාරයට ගොස් ශාස්තෘන්වහන්සේ වැඳපුදා එකත්පසෙක හුන්නේය. එකෙණෙහි ශාස්තෘන්වහන්සේ මහානිසඟතෙරුන් නම් වූ තෙවැනි සව්වා ‘මහණෙනි, ධුතවාදී මගේ ශ්‍රාවක භික්‍ෂූන් අතුරෙන් යම් මේ නිසඟ තෙරුන්වහන්සේ අග්‍රය’යි අග්‍රස්ථානයෙහි තැබූසේක. උවසුතෙමේ එය අසා පැහැදුනේ ධර්‍මකථාව අවසන්හි මහජනයා නැගිට ගිය කල්හි ශාස්තෘන්වහන්සේ වැඳ, ‘ස්වාමීනි, හෙට මගේ හික්‍ෂාව පිළිගනුමැනවැයි කීවේය. භික්‍ෂුසංඝයායි’ ‘ස්වාමීනි, එක් හෙරණකුදු විහාරයෙහි ඉතිරි නොකොට හික්‍ෂාව පිළිගනු මැනවැයි’ කීවේය. ශාස්තෘන්වහන්සේ ඉවසූ (පිළිගත්)සේක. උවසුතෙමේ ශාස්තෘන්වහන්සේගේ ඉවසීම දැන ගෙට ගොස් මහදනක් පිළියෙළකරවා දෙවෙනි දිනයෙහි ශාස්තෘන්වහන්සේට දැන්වූයේය. ශාස්තෘන්වහන්සේ පාසිවුරුගෙන බික්සඟන පිරිවරනලද්දාහු උවසුවහුගේ ගෙට ගොස් පනවනලද අසුන්හි හුන්සේක් දක්‍ෂිණෝදකය අවසන්හි කැඳආදිය පිළිගන්නාහු බත් වැළඳුසේක. උවසුතෙමේද ශාස්තෘන්වහන්සේ සමීපයෙහි හුන්නේය.