අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවෝ
එහි ‘එතදග්ග’ පදය කියනලද අර්‍ත්‍ථ ඇත්තේමය. ‘රත්තඤ්ඤුනං’ යනු රාත්‍රීන් දනනවුන් අතුරෙන් යනුයි. සම්බුදුන්වහන්සේ හැර අඤ්ඤකොණ්ඩඤ්ඤ තෙරුන පළමුව පැවිදිවූ අන් සව්වෙක් නම් නැතැයි පැවිදිවූ කාලයෙහි පටන් තෙරුන්වහන්සේ බොහෝ කලක් රාත්‍රීන් දනිතැයි රත්තඤ්ඤූ වෙති. සියල්ලන්ට පළමුව ධර්‍මය අවබෝධකළ බැවින්, යම් විටෙක ඒ තෙරුන්වහන්සේ විසින් ධර්‍මය අවබෝධ කරනලද්දේද බොහෝ කලකසිට එම රාත්‍රි දනිතියි රත්තඤ්ඤු නමි. තවද ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේලාගේ රෑදාවල් පිරිසිඳීම ප්‍රකටවෙයිද මේ තෙරුන්වහන්සේද පළමුවැනි ක්‍ෂීණාශ්‍රවයායි. මෙසේද රාත්‍රීන් දන්නා ශ්‍රාවකයන් අතුරෙන් මේ තෙරුන්වහන්සේම අග්‍රය, පූර්ව කෙළවරෙහි වූයේය: ශේෂ්ඨය. එහෙයින්, රත්ත්ඤ්ඤූනං යදිදං අඤ්ඤාකොණ්ඩඤඤෙ’යි කියනලදී.
මෙහිද ‘යදිදං’ යනු නිපාතයකිය. ඊට තෙරුන් බලා ‘යෙ එසො’යි ද අග්ගශබ්දය බලා ‘යං එතං”යිද අර්‍ත්‍ථයි. ‘අඤ්ඤාකොණ්ඩඤඤො’ යනු දැනගත් කොණඩඤ්ඤයි, අවබෝද කළ කොණ්ඩඤ්ඤයි. එහෙයින්ම, අඤ්ඤසි වත භො කොණ්ඩඤ්ඤො අඤ්ඤසි වත හො කොණ්ඩඤ්ඤො ඉතිහිදං ආයසමතො කොණ්ඩඤ්ඤද්ද අඤ්ඤාකොණඩඤ්ඤොත්‍වෙව නාමං අහොසි’ (භවත් කොණ්ඩඤ්ඤ තෙමේ දත්තේය: භවත් කොණ්ඩඤ්ඤතෙමේ දත්තේයයි මෙසේ ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන්ට අඤ්ඤාකොණඩඤ්ඤයයි මේ නම වූයේය’යි කියනලදී.
මේ තෙරුන්වහන්සේ වනාහි කවරබුද්ධකාලයක පූර්‍වප්‍රාර්‍ත්‍ථනයවූ අභිනීහාරය කළේද? කෙදිනක පැවිදිවූයේද? කෙදිනක මොහු විසින් ධර්‍මය අවබෝධ කළේද? කෙදිනක තනතුරෙහි තබන ලද්දේදැයි මේ ක්‍රමයෙන් සියලුම එතදග්‍රස්ථානයන්හි ප්‍රශ්නඇසීම දත යුතුය.
ඒ මේ තෙරුන්වහන්සේ පිළිබඳ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි. මෙයින් කල්ප ලක්‍ෂයකට මත්තෙහි පියුමුතුරා නම් බුදුකෙනෙක් පහළවූහ. අවබෝධකළ සර්‍වඥතාඥාන ඇති මහ බෝ පළඟින් නැගීසිටින්නාවූ උන්වහන්සේට මහපොළොවෙහි තැබීමට පා එසවූ කෙණෙහි පාපිළිගැනීම සඳහා මහත් නෙළුම් මලක් පැන නැංගේය. ඒමලේ පෙති රියන් අනූවක් වෙයි. මල් කෙසරැ තිස්රියනකි. කෙමිය දොළොස්රියනකි. පා පිහිටි තැන එකොළොස්රියනකි. ඒ භාග්‍යවතුන්වහන්සේගේ ශරීරය අටපනස් රියනක් උස්වූයේය. ඒ මල් කෙමියෙහි දකුණුපස පිහිටන කල්හි මහත් තිඹපමණවූ රේණු නැඟී සිරුරෙහි විසිරෙමින් බටුයේය. වම්පය තබන කල්හිද එබඳුමවූ පියුමක් මතුවී පය පිළිගත්තේය. එයිනුදු මතුවූ කියනලද පමණ ඇති රේණු සිරුරෙහි විසිරෙමින් බටුයේය. වම්පය තබන කල්හිද එබඳුමවූ පියුමක් මතුවී පය පිළිගත්තේය. එයිනුදු මතුවූ කියනලද පමණ ඇති රේණු සිරුරෙහි විසුරුණේය. එයිනුදු මතුවූ කියනලද පමණ ඇති රේණු සිරුරෙහි විසුරුණේය. ඒ රේණු අභිභවනය කරමින් ඒ භාග්‍යවතුන්වහන්සේගේ සිරුරු පැහැ නික්මී යන්ත්‍ර නාලිකාවකින් විසුරුණු රන්රසදහරක් මෙන් හාත්පසින් දොළොස් යොදුනක් තැන් ඒකාලෝක කළේය. තෙවැනි පය ඔසවන කල්හි පළමුව නැඟුණු පියුම අතුරුදහන් විය. පා පිළිගැනීම සඳහා වෙනත් අලුත් පියුමක් පැන නැංඟේය. මේ ක්‍රමයෙන්ම යම්යම් තැනකට යනු කැමැත්තේද පියෙන් පියට මහ පියුමක් නැඟෙයි. එහෙයින්ම උන්වහන්සේට පියුමුතුරා (පදුමුත්තර) සම්මාසම්බුදුන්වහන්සේයයි නමක්වූයේය.
මෙසේ ඒ භාග්‍යවතුන්වහන්සේ සම්මාසම්බුදුන්වහන්සේයයි නමක්වූයේය. මෙසේ ඒ භාග්‍යවතුන්වහන්සේ ලොව ඉපිද භික්‍ෂූන් ලක්‍ෂයක් පිරිවර කොටඇතිසේක් මහජනයාට සංග්‍රහ පිණිස ගම්නියම් රජදහන්හි පිඬු පිණිස හැසිරෙන්නාහු හංසවතී නගරයට සැපැමිණිසේක. ඉක්බිති උන්වහන්සේ පැමිණිබව අසා පියමහරජතෙමේ පෙරගමන්කළේය. ශාසතෘන්වහන්සේ ඔහුට ධර්‍මය ප්‍රකාශකළසේක. දේශනාවසානයෙහි ඇතැම්හු සෝවාන්වූවාහුය. ඇතැම්හු සකෘදාගාමී අනාගාමී භූමීන්ට පැමිණියාහුය. ඇතැම්හු රහත්බවට පත්වූවාහුය. රජතෙමේ හෙට දිනයට බුදුරදුන්ට ආරාධනාකොට දෙවන දිනයෙහි කල් දන්වා භික්‍ෂූන් ලක්‍ෂයක් පිරිවර කොට ඇති භාග්‍යවතුන්වහන්සේට සියනිවසෙහි මහදන් දුන්නේය. ශාස්තෘන්වහන්සේ භුත්තානුමොදනාවකොට විහාරයටම වැඩිසේක. එ ක්‍රමයෙන්ම දෙවන දිනයෙහි නුවරුද ඊලඟ දිනයෙහි රජ ද වශයෙන් දිගුකලක් මහදන් දුන්නාහුය.
එකල්හි මේ තෙරුන්වහන්සේ හංසවතී නගරයෙහි ගෘහපති මහාසාර කුලයෙහි උපන්නේ එක්දිනක් බුදුරදුන් දහම් දෙසනකල්හි, ගඳමල් ආදිය අතැතිව බුදුන්වහන්සේ යම්තැනකද ධර්‍මය යම්තැනකද සංඝයා යම් තැනකද ඒ දෙසට යොමුව ඒ දෙසට නැඹුරුව යන්නාවූ, හංසවතී නුවරවැසියන් දැක ඒ මහජනයා සමඟම දම්දෙසනතැනට ගියේය. එකල්හි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ තම සසුනෙහි පළමුව ප්‍රතිවේධ කළ ධර්‍මය ඇති එක් භික්‍ෂුවක එතදග්‍රස්ථානයෙහි තැබූසේක. ඒ කුලපුත්‍රයා එකරුණ අසා, මේ භික්‍ෂුව වනාහි ආශ්චර්‍ය්‍යයකි. බුදුන්වහන්සේ හැර මොහුවිසින් පළමුව අවබෝධ කළ ධර්‍මය ඇති අන් භික්‍ෂුවක් නැත. මමද අනාගතයෙහි එක් බුදු සසුනක පළමුව ධර්‍මය අවබෝධකිරීමෙහි සමර්‍ත්‍ථයෙක් වන්නෙනම් අහෝ යෙහෙකැයි සිතා දෙසුම අවසන භාග්‍යවතුන්වහන්සේ වෙත එළැඹ හෙට මගේ භික්‍ෂාව ගනුමැනවැයි ආරාධනා කළේය. ශාස්තෘන්වහන්සේ ඉවසූසේක.