55. යමක්හට කුශලධර්මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්මයෝ උපන්හ යත්: එසේ යි.
තවද යමක්හට අකුශලධර්මයෝ උපදනාහු නම් ඕහට කුශලධර්මයෝ උපදිතී යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද කුශල විප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට අකුශලධර්මයෝ උපන්හ, ඔවුනට කුශලධර්මයෝ නො ද උපදිත්. කුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට අකුශලධර්මයෝ ද උපන්හ, ඔවුනට කුශලධර්මයෝ ද උපදිත්.
56. යමක්හට කුශලධර්මයෝ උපදිත් නම් ඕහට අව්යාකෘතධර්මයෝ උපන්හ යත්: එසේ යි.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ උපන්නාහු නම් ඕහට කුශලධර්මයෝ උපදිතී යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද කුශලවිප්රයුක්ත චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට අව්යාකෘතධර්මයෝ උපන්හ, ඔවුනට කුශලධර්මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට අව්යාකෘතධර්මයෝ ද උපන්හ, කුශලධර්මයෝ ද උපදිත්.
57. යමක්හට අකුශලධර්මයෝ උපදිත් නම් ඕහට අව්යාකෘතධර්මයෝ උපන්හ යත්: එසේ යි.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ උපන්නාහු නම් ඕහට අකුශලධර්මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අකුශල විප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට අව්යාකෘතධර්මයෝ උපන්හ, ඔවුනට අකුශලධර්මයෝ නො ද උපදිති. අකුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට අව්යාකෘතධර්මයෝ ද උපන්හ, අකුශලධර්මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගල යි.)
58-60. යම් තැනෙකැ කුශලධර්මයෝ උපදිත් නම් එහි අකුශලධර්මයෝ උපන්හ යත්: ... (අනුලෝමාවකාශ යි.)
61. යමක්හට යම් තැනෙකැ කුශලධර්මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්මයෝ උපන්හ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්මයෝ උපන්නාහු නම් ඕහට එහි කුශලධර්මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද කුශල විප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්මයෝ උපන්හ, ඔවුනට එහි කුශලධර්මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්මයෝ ද උපන්හ, කුශලධර්මයෝ ද උපදිත්.
62. යමක්හට යම් තැනෙකැ කුශලධර්මයෝ උපදිත් නම් ඕහට එහි අව්යාකෘතධර්මයෝ උපන්හ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙකැ අව්යාකෘතධර්මයෝ උපන්නාහු නම් ඕහට එහි කුශලධර්මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද කුශල විප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද අසංඥසත්වයනට දැ යි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ උපන්හ, ඔවුනට එහි කුශලධර්මයෝ නො ද උපදිත්. කුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ ද උපන්හ, කුශලධර්මයෝ ද උපදිත්.
63. යමක්හට යම් තැනෙකැ අකුශලධර්මයෝ උපදිත් නම් ඕහට එහි අව්යාකෘතධර්මයෝ උපන්හ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙකැ අව්යාකෘතධර්මයෝ උපන්නාහු නම් ඕහට අකුශලධර්මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අකුශල විප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද අසංඥසත්වයනට දැ යි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ උපන්හ, ඔවුනට එහි අකුශලධර්මයෝ නො ද උපදිත්. අකුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ ද උපන්හ, අකුශලධර්මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
64. යමක්හට කුශලධර්මයෝ නූපදිත් නම් ඕහට අකුශලධර්මයෝ නූපන්හ යත්: උපන්හ.
තවද යමක්හට අකුශලධර්මයෝ නූපන්නාහු නම් ඕහට කුශලධර්මයෝ නූපදිති යත්: නැති.
65. යමක්හට කුශලධර්මයෝ නූපදිත් නම් ඕහට අව්යාකෘතධර්මයෝ නූපන්හ යත්: උපන්හ.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ නූපන්නාහු නම් ඕහට කුශලධර්මයෝ නූපදිති යත්: නැති.
66. යමක්හට අකුශලධර්මයෝ නූපදිත් නම් ඕහට අව්යාකෘතධර්මයෝ නූපන්හ යත්: උපන්හ.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ නූපන්නාහු නම් ඕහට අකුශලධර්මයෝ නූපදිති යත්: නැති. (ප්රත්යනීකපුද්ගල යි.)
67-69. යම් තැනෙකැ කුශලධර්මයෝ නූපදිත් නම් එහි අකුශලධර්මයෝ නූපන්හ යත්: ... (ප්රත්යනීකාවකාශ යි.)