3. උත්පාදවාරය
1. යමක්හට කුශලධර්මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්මයෝ උපදිතී යත්: නැති.
තවද යමක්හට අකුශලධර්මයෝ උපදිත් නම් ඕහට කුශලධර්මයෝ උපදිතී යත්: නැති.
2. යමක්හට කුශලධර්මයෝ උපදිත් නම් ඕහට අව්යාකෘතධර්මයෝ උපදිතී යත්: අරූපභවයෙහි කුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට කුශලධර්මයෝ උපදිති. ඔවුනට අව්යාකෘතධර්මයෝ නො ද උපදිත්, පඤ්චවෝකාරභවයෙහි කුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට කුශලධර්මයෝ ද උපදිති, අව්යාකෘතධර්මයෝ ද උපදිත්.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ උපදිත් නම් ඕහට කුශලධර්මයෝ උපදිතී යත්: උපදනා වූ සියල්ලන්ගේ ප්රවෘත්තියෙහි කුශල විප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි අව්යාකෘතධර්මයෝ උපදිති. ඔවුනට කුශලධර්මයෝ නො ද උපදිත්, පඤ්චවෝකාරභවයෙහි කුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට අව්යාකෘතධර්මයෝ ද උපදිති. කුශලධර්මයෝ ද උපදිත්.
3. යමක්හට අකුශලධර්මයෝ උපදිත් නම් ඕහට අව්යාකෘතධර්මයෝ උපදිතී යත්: අරූපභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට අකුශල ධර්මයෝ උපදිති, ඔවුනට අව්යාකෘතධර්මයෝ නො ද උපදිත්, පඤ්චවෝකාරභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට අකුශලධර්මයෝ ද උපදිති, අව්යාකෘතධර්මයෝ ද උපදිත්.
තවද යමක්හට අව්යාකෘතධර්මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්මයෝ උපදිතී යත්: උපදනා වූ සියල්ලන්ගේ ප්රවෘත්තියෙහි අකුශල විප්රයුක්ත චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට අව්යාකෘතධර්මයෝ උපදිති. ඔවුනට අකුශලධර්මයෝ නො ද උපදිත්. පඤ්චවෝකාරභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට අව්යාකෘතධර්මයෝ ද උපදිති. අකුශලධර්මයෝ ද උපදිත්. (අනුලෝම පුද්ගල යි.)
4. යම් තැනෙක කුශලධර්මයෝ උපදිත් නම් එහි අකුශල ධර්මයෝ උපදිතී යත්: එසේ යි.
තවද යම් තැනෙක අකුශලධර්මයෝ උපදිත් නම් එහි කුශල ධර්මයෝ උපදිතී යත්: එසේ යි.
5. යම් තැනෙක කුශලධර්මයෝ උපදිත් නම් එහි අව්යාකෘතධර්මයෝ උපදිතී යත්: එසේ යි.
තවද යම් තැනෙක අව්යාකෘතධර්මයෝ උපදිත් නම් එහි කුශලධර්මයෝ උපදිතී යත්: අසංඥසත්ව වූ එහි අව්යාකෘතධර්මයෝ උපදිති, එහි කුශලධර්මයෝ නො ද උපදිති, චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැයි එහි අව්යාකෘතධර්මයෝ ද උපදිති. කුශලධර්මයෝ ද උපදිත්.
6. යම් තැනෙක අකුශලධර්මයෝ උපදිත් නම් එහි අව්යාකෘතධර්මයෝ උපදිතී යත්: එසේ යි.
තවද යම් තැනෙක අව්යාකෘතධර්මයෝ උපදිත් නම් එහි අකුශලධර්මයෝ උපදිතී යත්: අසංඥසත්ව වූ එහි අව්යාකෘතධර්මයෝ උපදිතී, එහි අකුශලධර්මයෝ නො ද උපදිත්, චතුවෝකාරයෙහි ද පඤ්චවෝකාරයෙහි දැ යි එහි අව්යාකෘතධර්මයෝ ද උපදිතී, අකුශලධර්මයෝ ද උපදිත්.(අනුලෝමාවකාශ යි.)
7. යමක්හට යම් තැනෙක කුශලධර්මයෝ උපදිත් නම් ඕහට එහි අකුශලධර්මයෝ උපදිතී යත්: නැති.
තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්මයෝ උපදිත් නම් ඕහට එහි කුශලධර්මයෝ උපදිතී යත්: නැති.
8. යමක්හට යම් තැනෙකැ කුශලධර්මයෝ උපදිත් නම් ඕහට එහි අව්යාකෘතධර්මයෝ උපදිතී යත්: අරූපභවයෙහි කුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට එහි කුශලධර්මයෝ උපදිති, ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ නො ද උපදිතී. පඤ්චවෝකාරභවයෙහි කුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට එහි කුශලධර්මයෝ ද උපදිති, අව්යාකෘතධර්මයෝ ද උපදිත්.
තවද යමක්හට තැනෙකැ අව්යාකෘතධර්මයෝ උපදිත් නම් ඕහට එහි කුශලධර්මයෝ උපදිති යත්: උපදනා වූ සියල්ලනට ද ප්රවෘත්තියෙහි කුශලවිප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ උපදිති, ඔවුනට එහි කුශල ධර්මයෝ නො ද උපදිත්. පඤ්චවෝකාරයෙහි කුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ ද උපදිතී, කුශලධර්මයෝ ද උපදිත්.
9. යමක්හට යම් තැනෙකැ අකුශලධර්මයෝ උපදිත් නම් ඕහට එහි අව්යාකෘතධර්මයෝ උපදිතී යත්: අරූපභවයෙහි අකුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්මයෝ උපදිති, ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ නො ද උපදිත්. පඤ්චවෝකාරයෙහි අකුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්මයෝ ද උපදිතී, අව්යාකෘතධර්මයෝ ද උපදිත්.
තවද යමක්හට යම් තැනෙකැ අව්යාකෘතධර්මයෝ උපදිත් නම් ඕහට එහි අකුශලධර්මයෝ උපදිතී යත්: උපදනා වූ සියල්ලනට ද ප්රවෘත්තියෙහි අකුශල විප්රයුක්තචිත්තයාගේ උත්පාදක්ෂණයෙහි ද ඔවුනට එහි අව්යාකෘතධර්මයෝ උපදිතී, ඔවුනට එහි අකුශලධර්මයෝ නො ද උපදිත්. පඤ්චවෝකාර භවයෙහි අකුශලයන්ගේ උත්පාදක්ෂණයෙහි ඔවුනට එහි අව්යාකෘත ධර්මයෝ ද උපදිතී, අකුශලධර්මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගලාවකාශ යි.)