73. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට කුශලධර්‍මයෝ උපදිති, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුන්ගෙන් සෙසුවනට කුශලධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ.
තවද යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිති. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අකුශලධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
74. යමක්හට කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදිත්. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
75. යමක්හට අකුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද අකුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද නිරෝධසමාපන්නයනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදිත්. අකුශලධර්‍මයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදිත්. (අනුලෝමපුද්ගල යි.)
76-78. යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදිත් නම් එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: ... (අනුලෝමාවකාශ යි.)
79. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගයාගේ උත්පාදක්‍ෂණයෙහි ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඒ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි කුශලධර්‍මයෝ උපදිත්, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුන්ගෙන් සෙසුවනට එහි කුශලධර්‍මයෝ ද උපදිත්, අකුශලධර්‍මයෝ ද උපදනාහ.
තවද යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට එහි අකුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිත්. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අකුශලධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.
80. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදිත් නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදිති යත්: සියල්ලනට චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ද කුශල විප්‍රයුක්තචිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදිත්. කුශලයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදිත්.