37. යමක්හට කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදනාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට කුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසුවනට කුශලධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ.
තවද යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
38. යමක්හට කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඔහුට කුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගී වූවනට රහතුනට දැ යි ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසුවනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදනාහ.
39. යමක්හට අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට රහතුනට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට ද අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසුවනට අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ. (අනුලෝමපුද්ගල යි.)
40. යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදනාහු නම් එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
තවද යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදනාහු නම් එහි කුශලධර්‍මයෝ උපදනාහු යත්: එසේ යි.
41. යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදනාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් එහි කුශලධර්‍මයෝ උපදනාහ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, එහි කුශලධර්‍මයෝ නො ද උපදනාහ. චතුවෝකාරභවයෙහි ද පඤ්චවෝකාරභවයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදනාහ.
42. යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදනාහු නම් එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
තවද යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අසංඥසත්‍ව වූ එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, එහි අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. චතුවෝකාරභවයෙහි ද පඤ්චවෝකාරභවයෙහි දැ යි එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ. (අනුලෝමාවකාශ යි.)
43. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට එහි කුශලධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි කුශලධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ.
තවද යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
44. යමක්හට යම් තැනෙකැ කුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි කුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි කුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, කුශලධර්‍මයෝ ද උපදනාහ.
45. යමක්හට යම් තැනෙකැ අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ යත්: එසේ යි.
තවද යමක්හට යම් තැනෙකැ අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ උපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට රහත්නට ද යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් (ඔවුනට ද) අසංඥසත්‍වයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ උපදනාහ, ඔවුනට එහි අකුශලධර්‍මයෝ නො ද උපදනාහ. සෙසු චතුවෝකාරයනට ද පඤ්චවෝකාරයනට දැ යි ඔවුනට එහි අව්‍යාකෘතධර්‍මයෝ ද උපදනාහ, අකුශලධර්‍මයෝ ද උපදනාහ. (අනුලෝමපුද්ගලාවකාශ යි.)
46. යමක්හට කුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට එහි අකුශලධර්‍මයෝ නූපදනාහ යත්: එසේ යි.
තවද යමක්හට අකුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපදනාහ යත්: යම් සිතකට අනතුරු වැ අග්‍රමාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුනට අකුශල ධර්‍මයෝ නූපදනාහ, ඔවුනට කුශලධර්‍මයෝ නො ද නූපදනාහ. අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට දැ යි ඔවුනට අකුශලධර්‍මයෝ ද නූපදනාහ, කුශලධර්‍මයෝ ද නූපදනාහ.
47. යමක්හට කුශලධර්‍මයෝ නූපදනාහු නම් ඕහට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහ යත්: අග්‍රමාර්‍ගසමඞ්‍ගීනට ද රහත්නට දැ යි ඔවුනට කුශලධර්‍මයෝ නූපදනාහ, ඔවුනට අව්‍යාකෘතධර්‍මයෝ නො ද නූපදනාහ. පශ්චිමචිත්තසමඞ්‍ගී වූ ඔවුනට කුශලධර්‍මයෝ ද නූපදනාහ, අව්‍යාකෘතධර්‍මයෝ ද නූපදනාහ.
තවද යමක්හට අව්‍යාකෘතධර්‍මයෝ නූපදනාහු නම් ඕහට කුශලධර්‍මයෝ නූපදනාහ යත්: එසේ යි.