181. යමකුට යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ.
තව ද යමකුට යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
182. යමකුට යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමකුට යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: අනගැමිට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි මානානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි මානානුසය ද අප්‍රහීණ යැ, ඔහුට එහි කාමරාගානුසය නො ද අප්‍රහීණ යැ. තෙවැදෑරුම් පුඟුලන්ට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට මානානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔවුනට මානානුසය ද අප්‍රහීණ යැ, කාමරාගානුසය නො ද අප්‍රහීණ යි.
183-184. යමකුට යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්‍රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔවුනට කාමරාගානුසය ද අප්‍රහීණයැ, ඔවුනට එහි විචිකිච්ඡානුසය නො ද අප්‍රහීණයැ. පුහුදුන්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔවුනට කාමරාගානුසය ද අප්‍රහීණ යැ, විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යි.
තව ද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: පුහුදුන්ට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි විචිකිච්ඡානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි විචිකිච්ඡානුසය ද අප්‍රහීණ යැ, කාමරාගානුසය ද අප්‍රහීණ යි.
185. යමකුට යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
තව ද යමකුට යම් තැනෙක භවරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණ යැ යි හෝ නො කියයුතු යි.
186. යමකුට යම් තැනෙක කාමරාගානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි අවිජ්ජානුසය අප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමකුට යම් තැනෙක අවිජ්ජානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය අප්‍රහීණ වී ද යත්: අනගැමිහට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට අවිජ්ජානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණ යැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහුට අවිජ්ජානුසය අප්‍රහීණයැ, ඔහුට එහි කාමරාගානුසය නො ද අප්‍රහීණ යැ. තෙවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට අවිජ්ජානුසය අප්‍රහීණ යැ, කාමරාගානුසය ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔවුනට අවිජ්ජානුසය ද අප්‍රහීණ යැ, කාමරාගානුසය ද අප්‍රහීණ යි.
187. යමකුට යම් තැනෙක පටිඝානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි.
තව ද යමක්හට යමකුට යම් තැනෙක මානානුසය අප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය අප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ හෝ අප්‍රහීණ යැ හෝ නො කියයුතු යි.