6. උප්පජ්ජනවාර
108. යමකුට කාමරාගානුසය උපදී නම් ඔහුට පටිඝානුසය උපදී ද යත්: එසේ යි.
තවද යමකුට පටිඝානුසය උපදී නම් ඔහුට කාමරාගානුසය උපදී ද යත්: එසේ යි.
යමකුට කාමරාගානුසය උපදී නම් ඔහුට මානානුසය උපදී ද යත්: එසේ යි.
තවද යමකුට මානානුසය උපදී නම් ඔහුට කාමරාගානුසය උපදී ද යත්: අනගැමිහට මානානුසය උපදී. ඔහුට කාමරාගානුසය නො ද උපදී. තෙවැදෑරුම් පුඟුලන්ට මානානුසය ද උපදී. කාමරාගානුසය ද උපදී. (විස්තර කටයුතු යි.)
109-216. යමකුට කාමරාගානුසය නූපදී නම් ඔහුට පටිඝානුසය නූපදී ද යත්: එසේ යි.
තවද යමකුට පටිඝානුසය නූපදී නම් ඔහුට කාමරාගානුසය නූපදී ද යත්: එසේ යි.
යමකුට කාමරාගානුසය නූපදී නම් ඔහුට මානානුසය නූපදී ද යත්: අනගැමිහට කාමරාගානුසය නූපදී, ඔහුට මානානුසය නො ද නූපදී. රහත්හට කාමරාගානුසය නූපදී, මානානුසය ද නූපදී.
තවද යමකුට මානානුසය නූපදී නම් ඔහුට කාමරාගානුසය නූපදී ද යත්: එසේ යි. (විස්තර කටයුතු යි.)
උප්‍පජ්‍ජනවාර යි.
7. ධාතුපුච්ඡාවාර
1. කාමධාතුයෙන් ච්‍යුත වැ කාමධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ (අනුරූප කාරණා ලැබ උපදනා බැවින්) අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ (අනුශය වෙති නොවෙති) විභාග කළයුතු වෙත් ද:
2. කාමධාතුයෙන් ච්‍යුත වැ රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ විභාග කළයුතු වෙත් ද:
3. කාමධාතුයෙන් ච්‍යුත වැ අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ විභාග කළයුතු වෙත් ද:
4. කාමධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට (රූප - අරූප - ධාතුවට) පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ විභාග කළයුතු වෙත් ද:
5. කාමධාතුයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ විභාග කළයුතු වෙත් ද:
6. කාමධාතුයෙන් ච්‍යුත වැ නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ විභාග කළයුතු වෙත් ද:
7. කාමධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
8. කාමධාතුයෙන් ච්‍යුත වැ නො රූපධාතුවට නො අරූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද:
9. කාමධාතුයෙන් ච්‍යුත වැ නො කාමධාතුවට නො රූපධාතුවට පැමිණෙන්නහුට කෙතෙක් අනුශයයෝ අනුශය වෙත් ද: කෙතෙක් අනුශයයෝ අනුශය නො වෙත් ද: කෙතෙක් අනුශයයෝ භඞ්ග වෙත් ද: (කාමධාතුමූලක යි.)