7. අනුශයයමකය
උත්පත්තිස්ථානවාර
පරිච්ඡේදවාර යි
අනුශයයෝ සත්දෙනෙකි:
කාමරාගානුසය යැ පටිඝානුසය යැ මානානුසය යැ දිට්ඨානුසය යැ විචිකිච්ඡානුසය යැ භවරාගානුසය යැ අවිජ්ජානුසය යි.
පරිච්ඡින්න උද්දේසවාර යි
1. කාමරාගානුසය (අප්‍රහීනභාවයෙන් සන්තානයෙහි හෝනා බැවින් අනුශය වූ කාමරාගය) කොහි අනුශය (අනුරූප කරුණක් ලැබැ උපදනේ) වේ ද යත් : කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි යැ. මෙහි කාමරාගානුසය අනුශය වෙයි.
2. පටිඝානුසය කොහි අනුශය වේ ද යත්: දුඃඛවේදනායෙහි යැ. මෙහි පටිඝානුසය අනුශය වෙයි.
3. මානානුසය කොහි අනුශය වේ ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද වෙයි. මෙහි මානානුසය අනුශය වෙයි.
4. දිට්ඨානුසය කොහි අනුශය වේ ද යත්: සර්‍වසත්කාය පර්‍ය්‍යාපන්න වූ ධර්‍මයෙහි යැ. මෙහි දිට්ඨානුසය අනුශය වෙයි.
5. විචිකිච්ඡානුසය කොහි අනුශය වේ ද යත්: සර්‍වසත්කායපර්‍ය්‍යාපන්න වූ ධර්‍මයෙහි යැ. මෙහි විචිකිච්ඡානුසය අනුශය වෙයි.
6. භවරාගානුසය කොහි අනුශය වේ ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද වෙයි. මෙහි භවරාගානුසය අනුශය වෙයි.
7. අවිජ්ජානුසය කොහි අනුශය වේ ද යත්: සර්‍වසත්කාය පර්‍ය්‍යාපන්න වූ ධර්‍මයෙහි යැ. මෙහි අවිජ්ජානුසය අනුශය වෙයි.
උත්පත්තිස්ථානවාර යි.
1. අනුසයවාර
1. යමකුට (අප්‍රහීනභාවයෙන් සන්තානයෙහි හෝනා) කාමරාගානුසය අනුශය (අනුරූප කරුණක් ලැබ උපදනේ) වේ නම් ඔහුට පටිඝානුසය අනුශය වේ ද යත්: එසේ යි.
තවද යමකුට පටිඝානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය වේ ද යත්: එසේ යි.
2. යමකුට කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට මානානුසය අනුශය වේ ද යත්: එසේ යි.
තවද යමකුට මානානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය වේ ද යත්: අනගැමිහට මානානුසය අනුශය වෙයි. ඔහුට කාමරාගානුසය නො ද අනුශය වෙයි, (පුහුදුන්, සෝවන්, සෙදගැමි) තුන් පුඟුලනට මානානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද අනුශය වෙයි.
3. යමකුට කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට දිට්ඨානුසය අනුශය වේ ද යත්: (සෝවන්, සෙදගැමි) දෙපුඟුලනට කාමරාගානුසය අනුශය වෙයි. ඔවුනට දිට්ඨානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට කාමරාගානුසය ද අනුශය වෙයි, දිට්ඨානුසය ද අනුශය වෙයි.
තවද යමකුට දිට්ඨානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය වේ ද යත්: එසේ යි.
4. යමකුට කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට විචිකිච්ඡානුසය අනුශය වේ ද යත්: දෙපුඟුලනට කාමරාගානුසය අනුශය වෙයි. ඔවුනට විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට කාමරාගානුසය ද අනුශය වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය වෙයි.
තවද යමකුට විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය වේ ද යත්: එසේ යි.
5. යමකුට කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට භවරාගානුසය අනුශය වේ ද යත්: එසේ යි.
තවද යමකුට භවරාගානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය වේ ද යත්: අනගැමිහට භවරාගානුසය අනුශය වෙයි, ඔහුට කාමරාගානුසය නො ද අනුශය වෙයි. තුන් පුඟුලනට භවරාගානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද අනුශය වේ.