145. යම් තැනෙක කාමරාගානුසය අප්රහීණ වී නම් එහි පටිඝානුසය අප්රහීණ වී ද යත්: ප්රහීණ යැ යි හෝ අප්රහීණ යැ යි හෝ නො කියයුතු යි.
තව ද යමක්හට යම් තැනෙක පටිඝානුසය අප්රහීණ වී නම් එහි කාමරාගානුසය අප්රහීණ වී ද යත්: ප්රහීණයැ යි හෝ අප්රහීණයැ යි හෝ නො කියයුතු යි.
146. යම් තැනෙක කාමරාගානුසය අප්රහීණ වී නම් එහි මානානුසය අප්රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක මානානුසය අප්රහීණ වී නම් එහි කාමරාගානුසය අප්රහීණ වී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි මානානුසය අප්රහීණයැ, කාමරාගානුසය ප්රහීණයැ යි හෝ අප්රහීණයැ යි හෝ නො කියයුතු යැ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි මානානුසය ද අප්රහීණයැ, කාමරාගානුසය ද අප්රහීණ යි.
147-148. තව ද යම් තැනෙක කාමරාගානුසය අප්රහීණ වී නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය අප්රහීණ වී නම් එහි කාමරාගානුසය අප්රහීණ වී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය අප්රහීණයැ, කාමරාගානුසය ප්රහීණයැ යි හෝ අප්රහීණයැ යි හෝ නො කියයුතු යැ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද අප්රහීණයැ, කාමරාගානුසය ද අප්රහීණ යි.
149. යම් තැනෙක කාමරාගානුසය අප්රහීණ වී නම් එහි භවරාගානුසය අප්රහීණ වී ද යත්: ප්රහීණයැ යි හෝ අප්රහීණයැ යි හෝ නො කියයුතු යැ.
තව ද යම් තැනෙක භවරාගානුසය අප්රහීණ වී නම් එහි කාමරාගානුසය අප්රහීණ වී ද යත්: ප්රහීණයැ යි හෝ අප්රහීණයැ යි හෝ නො කියයුතු යි.
150. යම් තැනෙක කාමරාගානුසය අප්රහීණ වී නම් එහි අවිජ්ජානුසය අප්රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය අප්රහීණවී නම් එහි කාමරාගානුසය අප්රහීණ වී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය අප්රහීණයැ, කාමරාගානුසය ප්රහීණයැ යි හෝ අප්රහීණයැ යි හෝ නො කියයුතු යැ. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද අප්රහීණයැ, කාමරාගානුසය ද අප්රහීණ යි.
151. යම් තැනෙක පටිඝානුසය අප්රහීණ වී නම් එහි මානානුසය අප්රහීණ වී ද යත්: ප්රහීණයැ යි හෝ අප්රහීණයැ යි හෝ නො කියයුතු යි.
තව ද යම් තැනෙක මානානුසය අප්රහීණ වී නම් එහි පටිඝානුසය අප්රහීණ වී ද යත්: ප්රහීණයැ යි හෝ අප්රහීණයැ යි හෝ නො කියයුතු යි.