ප්රහීණවාරයහි අනුලෝම යි.
109. යමක්හුගේ කාමරාගානුසය අප්රහීණ වී නම් ඔහුගේ පටිඝානුසය අප්රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හුගේ පටිඝානුසය අප්රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය අප්රහීණ වී ද යත්: එසේ යි.
110. යමක්හුගේ කාමරාගානුසය අප්රහීණ වී නම් ඔහුගේ මානානුසය අප්රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හුගේ මානානුසය අප්රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය අප්රහීණ වී ද යත්: අනාගාමීහට මානානුසය අප්රහීණයැ. ඔහුගේ කාමරාගානුසය නො ද අප්රහීණයැ. තෙවැදෑරුම් පුඟුලන්ගේ මානානුසය ද අප්රහීණයැ. කාමරාගානුසය ද අප්රහීණ යි.
111-112. යමක්හුගේ කාමරාගානුසය අප්රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ කාමරාගානුසය අප්රහීණයැ, ඔවුන්ගේ විචිකිච්ඡානුසය ද නො ද අප්රහීණයැ. පුහුදුන්ගේ කාමරාගානුසය ද අප්රහීණයැ, විචිකිච්ඡානුසය ද අප්රහීණ යි.
තව ද යමක්හුගේ විචිකිච්ඡානුසය අප්රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය අප්රහීණ වී ද යත්: එසේ යි.
113-114. යමක්හුගේ කාමරාගානුසය අප්රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය අප්රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හුගේ අවිජ්ජානුසය අප්රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය අප්රහීණ වී ද යත්: අනාගාමීහුගේ අවිජ්ජානුසය අප්රහීණයැ, ඔහුගේ කාමරාගානුසය නො ද අප්රහීණයැ. තෙවැදෑරුම් පුඟුලන්ගේ අවිජ්ජානුසය ද අප්රහීණයැ. කාමරාගානුසය ද අප්රහීණ යි.
115. යමක්හුගේ පටිඝානුසය අප්රහීණ වී නම් ඔහුගේ මානානුසය අප්රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හුගේ මානානුසය අප්රහීණ වී නම් ඔහුගේ පටිඝානුසය අප්රහීණ වී ද යත්: එසේ යි. අනගැමිහුගේ මානානුසය අප්රහීණයැ, ඔහුගේ පටිඝානුසය නො ද අප්රහීණයැ. තෙවැදෑරුම් පුඟුලන්ගේ මානානුසය ද අප්රහීණයැ, පටිඝානුසය ද අප්රහීණ යි.
116-117. යමක්හුගේ පටිඝානුසය අප්රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අප්රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ පටිඝානුසය අප්රහීණයැ, ඔවුන්ගේ විචිකිච්ඡානුසය ද නො ද අප්රහීණයැ. පුහුදුන්හුගේ පටිඝානුසය ද අප්රහීණයැ, විචිකිච්ඡානුසය ද අප්රහීණයි.
තව ද යමක්හුගේ විචිකිච්ඡානුසය අප්රහීණ වී නම් ඔහුගේ පටිඝානුසය අප්රහීණ වී ද යත්: එසේ යි.