73. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ.
තව ද යමක්හට යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණවී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.
74. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: අනාගාමීහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණ යැ. ඔහුට එහි මානානුසය නො ද ප්‍රහීණ යැ. රහත්හට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද ප්‍රහීණයැ, මානානුසය ද ප්‍රහීණ යි.
තව ද යමක්හට යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණවී ද යත්: රහත්හට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි මානානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුල්හට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි ඔහුට මානානුසය ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද ප්‍රහීණ යි.
75. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි දිට්ඨානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හට යම් තැනෙක දිට්ඨානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණවී ද යත්: දෙවැදෑරුම් පුඟුල්හට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි දිට්ඨානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි දිට්ඨානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි කාමරාගානුසය නො ද ප්‍රහීණයැ. දෙවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි දිට්ඨානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි දිට්ඨානුසය ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද ප්‍රහීණ යි.
76. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යමක්හට යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණවී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, ඔවුනට එහි කාමරාගානුසය නො ද ප්‍රහීණයැ. දෙවැදෑරුම් පුඟුලන්ට දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔවුනට එහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ, කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යැ. ඒ පුඟුලන්ට මැ කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය ද ප්‍රහීණ යැ, කාමරාගානුසය ද ප්‍රහීණ යි.
77. යමක්හට යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණ යැ යි හෝ අප්‍රහීණ යැ යි හෝ නො කියයුතු යැ.
තව ද යමක්හට යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් ඔහුට එහි කාමරාගානුසය ප්‍රහීණවී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු යි.