37. යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණැ යි හෝ අප්‍රහීණැ යි හෝ නො කියයුතු ය.
තව ද යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණැ යි හෝ අප්‍රහීණැ යි හෝ නො කියයුතු යි.
38. යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ප්‍රහීණ වී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි මානානුසය ප්‍රහීණයැ. කාමරාගානුසය ප්‍රහීණැ යි හෝ අප්‍රහීණැ යි හෝ නො කියයුතු ය. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි මානානුසය ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද ප්‍රහීණ යි.
39-40. යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ප්‍රහීණ වී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි විචිකිච්ඡානුසය ප්‍රහීණයැ. කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි විචිකිච්ඡානුසය ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද ප්‍රහීණ යි.
41. යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් එහි භවරාගානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය.
තව ද යම් තැනෙක භවරාගානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය.
42. යම් තැනෙක කාමරාගානුසය ප්‍රහීණ වී නම් එහි අවිජ්ජානුසය ප්‍රහීණ වී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය ප්‍රහීණ වී නම් එහි කාමරාගානුසය ප්‍රහීණ වී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි මෙහි අවිජ්ජානුසය ප්‍රහීණයැ. කාමරාගානුසය ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි මෙහි අවිජ්ජානුසය ද ප්‍රහීණයැ, කාමරාගානුසය ද ප්‍රහීණ යි.
43. යම් තැනෙක පටිඝානුසය ප්‍රහීණ වී නම් එහි මානානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය.
තව ද යම් තැනෙක මානානුසය ප්‍රහීණ වී නම් එහි පටිඝානුසය ප්‍රහීණ වී ද යත්: ප්‍රහීණයැ යි හෝ අප්‍රහීණයැ යි හෝ නො කියයුතු ය.