1. යමක්හුගේ කාමරාගානුසය ප්රහීණ වී නම් ඔහුගේ පටිඝානුසය ප්රහීණ වී ද යත්: එසේ යි.
තවද යමක්හුගේ පටිඝානුසය ප්රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ප්රහීණ වී ද යත්: එසේ යි.
2. යමක්හුගේ කාමරාගානුසය ප්රහීණ වී නම් ඔහුගේ මානානුසය ප්රහීණ වී ද යත්: අනාගාමීහුගේ කාමරාගානුසය ප්රහීණයැ, ඔහුගේ මානානුසය නො ද ප්රහීණයැ. රහත්හුගේ කාමරාගානුසය ද ප්රහීණයැ. මානානුසය ද ප්රහීණ යි.
තවද යමක්හුගේ මානානුසය ප්රහීණවී නම් ඔහුගේ කාමරාගානුසය ප්රහීණ වී ද යත්: එසේ යි.
3-4. යමක්හුගේ කාමරාගානුසය ප්රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්රහීණ වී ද යත්: එසේ යි.
තවද යමක්හුගේ විචිකිච්ඡානුසය ප්රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ප්රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ප්රහීණයැ. ඔවුන්ගේ කාමරාගානුසය නො ද ප්රහීණයැ. දෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ද ප්රහීණයැ, කාමරාගානුසය ද ප්රහීණ යි.
5-6. යමක්හුගේ කාමරාගානුසය ප්රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය ප්රහීණ වී ද යත්: අනාගාමීහුගේ කාමරාගානුසය ප්රහීණයැ, ඔහුගේ අවිජ්ජානුසය නො ද ප්රහීණයැ. රහත්හුගේ කාමරාගානුසය ද ප්රහීණයැ, අවිජ්ජානුසය ද ප්රහීණ යි.
තවද යමක්හුගේ අවිජ්ජානුසය ප්රහීණ වී නම් ඔහුගේ කාමරාගානුසය ප්රහීණ වී ද යත්: එසේ යි.
7. යමක්හුගේ පටිඝානුසය ප්රහීණ වී නම් ඔහුගේ මානානුසය ප්රහීණ වී ද යත්: අනාගාමීහුගේ පටිඝානුසය ප්රහීණ යැ, ඔහුගේ මානානුසය නො ද ප්රහීණයැ. රහත්හුගේ පටිඝානුසය ද ප්රහීණයැ, මානානුසය ද ප්රහීණ යි.
තවද යමක්හුගේ මානානුසය ප්රහීණවී නම් ඔහුගේ පටිඝානුසය ප්රහීණ වී ද යත්: එසේ යි.
8-9. යමක්හුගේ පටිඝානුසය ප්රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්රහීණ වී ද යත්: එසේ යි.
තවද යමක්හුගේ විචිකිච්ඡානුසය ප්රහීණ වී නම් ඔහුගේ පටිඝානුසය ප්රහීණ වී ද යත්: දෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ප්රහීණයැ, ඔවුන්ගේ පටිඝානුසය නො ද ප්රහීණයැ. දෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ද ප්රහීණයැ, පටිඝානුසය ද ප්රහීණ යි.
10-11. යමක්හුගේ පටිඝානුසය ප්රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය ප්රහීණ වී ද යත්: අනාගාමීහුගේ පටිඝානුසය ප්රහීණයැ, ඔහුගේ අවිජ්ජානුසය නො ද ප්රහීණයැ. රහත්හුගේ පටිඝානුසය ද ප්රහීණයැ, අවිජ්ජානුසය ද ප්රහීණ යි.
තවද යමක්හුගේ අවිජ්ජානුසය ප්රහීණ වී නම් ඔහුගේ පටිඝානුසය ප්රහීණ වී ද යත්: එසේ යි.
12-13. යමක්හුගේ මානානුසය ප්රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය ප්රහීණ වී ද යත්: එසේ යි.
තවද යමක්හුගේ විචිකිච්ඡානුසය ප්රහීණ වී නම් ඔහුගේ මානානුසය ප්රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ප්රහීණයැ, ඔවුන්ගේ මානානුසය නො ද ප්රහීණයැ. රහත්හුගේ විචිකිච්ඡානුසය ද ප්රහීණයැ, මානානුසය ද ප්රහීණ යි.
14-15. යමක්හුගේ මානානුසය ප්රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය ප්රහීණ වී ද යත්: එසේ යි.
තවද යමක්හුගේ අවිජ්ජානුසය ප්රහීණ වී නම් ඔහුගේ මානානුසය ප්රහීණ වී ද යත්: එසේ යි.
16-18. යමක්හුගේ දිට්ඨානුසය ප්රහීණ වී නම් ඔහුගේ විචිකිච්ඡානුසය ප්රහීණ වී ද යත්: එසේ යි.
තවද යමක්හුගේ විචිකිච්ඡානුසය ප්රහීණ වී නම් ඔහුගේ දිට්ඨානුසය ප්රහීණ වී ද යත්: එසේ යි.
19-20. යමක්හුගේ විචිකිච්ඡානුසය ප්රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ... අවිජ්ජානුසය ප්රහීණ වී ද යත්: තෙවැදෑරුම් පුඟුලන්ගේ විචිකිච්ඡානුසය ප්රහීණයැ. ඔවුන්ගේ අවිජ්ජානුසය නො ද ප්රහීණයැ. රහත්හුගේ විචිකිච්ඡානුසය ද ප්රහීණ යැ, අවිජ්ජානුසය ද ප්රහීණ යි.
තවද යමක්හුගේ අවිජ්ජානුසය ප්රහීණ වී නම් ඔහුගේ විචිකිච්ඡානුසය ප්රහීණ වී ද යත්: එසේ යි.
21. යමක්හුගේ භවරාගානුසය ප්රහීණ වී නම් ඔහුගේ අවිජ්ජානුසය ප්රහීණ වී ද යත්: එසේ යි.
තවද යමක්හුගේ අවිජ්ජානුසය ප්රහීණ වී නම් ඔහුගේ භවරාගානුසය ප්රහීණ වී ද යත්: එසේ යි. (ඒකකමූලක යි.)