181. යමෙක් යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්ගසමඞ්ගී පුද්ගල දුඃඛවේදනා ඇති කල්හි හේ එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී, හේ එහි පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් තෙමේ මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, පටිඝානුසය ද පිරිසිඳ නො දනී. අනාගාමීමාර්ගසමඞ්ගියා තබා සෙසු පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසය ද පිරිසිඳ නො දනිති, පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්ගසමඞ්ගී පුද්ගල කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි පටිඝානුසය පිරිසිඳ නො දනී, හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී, ඒ පුඟුල් මැ රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ පටිඝානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පිරිසිඳ නො දනී. අනාගාමීමාර්ගසමඞ්ගියා තබා සෙසු පුඟුල්හු හැම තැන්හි පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පිරිසිඳ නො දනිත්.
182. යමෙක් යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි මානානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්රමාර්ගසමඞ්ගී පුද්ගල කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසය පිරිසිඳ නො දනී, හේ එහි මානානුසය නො ද පිරිසිඳ නො දනී, ඒ පුඟුල් මැ දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, මානානුසය ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසය ද පිරිසිඳ නො දනිති, මානානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක මානානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්ගසමඞ්ගී පුද්ගල කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි මානානුසය පිරිසිඳ නො දනී, හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී, ඒ පුඟුල් මැ දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ මානානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, දෙවැදෑරුම් මාර්ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු හැම තැන්හි මානානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පිරිසිඳ නො දනිත්.
183-184. යමෙක් යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමධාතුයෙහි තෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි හේ කාමරාගානුසය පිරිසිඳ නො දනී, හේ එහි විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී. ඒ පුඟුල් තෙමේ ම අපරියාපන්නය ඇති කල්හි හේ එහි කාමරාගානුසය ද පිරිසිඳ නො දනී, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී, අනාගාමීමාර්ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි කාමරාගානුසය ද පිරිසිඳ නො දනිති, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ එහි කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්ගසමඞ්ගී පුද්ගල කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි හේ එහි විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී, හේ එහි කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී, ඒ පුඟුල් තෙමේ මැ දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි හේ විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනී, කාමරාගානුසය ද පිරිසිඳ නො දනී. අනාගාමීමාර්ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු හැම තැන්හි විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පිරිසිඳ නො දනිත්.