4. පරිඥාවාර
1. යමෙක් කාමරාගානුසය පිරිසිඳ දනී නම් හේ පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
2. යමෙක් කාමරාගානුසය පිරිසිඳ දනී නම් හේ මානානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය (එය හා සහජාතවශයෙන් එක්වැ සිටි මානානුසය) පිරිසිඳ දනී.
තව ද යමෙක් මානානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
3-4. යමෙක් කාමරාගානුසය පිරිසිඳ දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
5-6. යමෙක් කාමරාගානුසය පිරිසිඳ දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
7. යමෙක් පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ මානානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
තව ද යමෙක් මානානුසය පිරිසිඳ දනී නම් හේ පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
8-9. යමෙක් පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
10-11. යමෙක් පටිඝානුසය පිරිසිඳ දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
12-13. යමෙක් මානානුසය පිරිසිඳ දනී නම් හේ දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ මානානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
14-15. යමෙක් මානානුසය පිරිසිඳ දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ මානානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
16-18. යමෙක් දිට්ඨානුසය පිරිසිඳ දනී නම් හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ දිට්ඨානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
19-20. යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
21. යමෙක් භවරාගානුසය පිරිසිඳ දනී නම් හේ අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් හේ භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි. (ඒකමූලක යි.)
22. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් හේ මානානුසය පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.
තව ද යමෙක් මානානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: නැති.
23-24. යමෙක් කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් හේ කාමරාගානුසය ද පටිඝානුසය ද පිරිසිඳ දනී ද යත්: තදේකස්ථය පිරිසිඳ දනී.