පරිඥාවාරයෙහි අනුලෝම යි.
109. යමෙක් කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
තව ද යමෙක් පටිඝානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
110. යමෙක් කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ මානානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම කාමරාගානුසය පිරිසිඳ නො දනී, හේ මානානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද පිරිසිඳ නො දනිති, මානානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් මානානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල තෙම මානානුසය පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු මානානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පිරිසිඳ නො දනිත්.
111-112. යමෙක් කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී ද යත්: අෂ්ටමක පුද්ගල තෙම කාමරාගානුසය පිරිසිඳ නො දනී, හේ විචිකිච්ඡානුසය නො ද පිරිසිඳ නො දනී. අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද පිරිසිඳ නො දනිති, විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල විචිකිච්ඡානුසය පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. අනාගාමීමාර්‍ගසමඞ්ගියා ද අෂ්ටමකයා ද තබා සෙසු පුඟුල්හු විචිකිච්ඡානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පිරිසිඳ නො දනිත්.
113-114. යමෙක් කාමරාගානුසය පිරිසිඳ නො දනී නම් හේ භවරාගානුසය … අවිජ්ජානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල කාමරාගානුසය පිරිසිඳ නො දනී, හේ අවිජ්ජානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු කාමරාගානුසය ද පිරිසිඳ නො දනිති, අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් අවිජ්ජානුසය පිරිසිඳ නො දනී නම් හේ කාමරාගානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල අවිජ්ජානුසය පිරිසිඳ නො දනී, හේ කාමරාගානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු අවිජ්ජානුසය ද පිරිසිඳ නො දනිති, කාමරාගානුසය ද පිරිසිඳ නො දනිත්.
115. යමෙක් පටිඝානුසය පිරිසිඳ නො දනී නම් හේ මානානුසය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී පුද්ගල පටිඝානුසය පිරිසිඳ නො දනී, හේ මානානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු පටිඝානුසය ද පිරිසිඳ නො දනිති, මානානුසය ද පිරිසිඳ නො දනිත්.
තව ද යමෙක් මානානුසය පිරිසිඳ නො දනී නම් හේ පටිඝානුසය පිරිසිඳ නො දනී ද යත්: අනාගාමීමාර්‍ගසමඞ්ගී පුද්ගල මානානුසය පිරිසිඳ නො දනී, හේ පටිඝානුසය නො ද පිරිසිඳ නො දනී. දෙවැදෑරුම් මාර්‍ගසමඞ්ගීන් තබා සෙසු පුඟුල්හු මානානුසය ද පිරිසිඳ නො දනිති, පටිඝානුසය ද පිරිසිඳ නො දනිත්.