37. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්. නැති.
38. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසය පිරිසිඳ දනී. එහි කාමරාගානුසය නො ද පිරිසිඳ දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි මානානුසය ද පිරිසිඳ දනී, කාමරාගානුසය ද පිරිසිඳ දනී.
39-40. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, එහි කාමරාගානුසය නො ද පිරිසිඳ දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇතිකල්හි එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, කාමරාගානුසය ද පිරිසිඳ දනී.
41. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
42. යම් තැනෙක කාමරාගානුසය පිරිසිඳ දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් එහි කාමරාගානුසය පිරිසිඳ දනී ද යත්: දුඃඛවේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී, එහි කාමරාගානුසය නො ද පිරිසිඳ දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පිරිසිඳ දනී, කාමරාගානුසය ද පිරිසිඳ දනී.
43. යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
44-45. යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී. දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, පටිඝානුසය ද පිරිසිඳ දනී.
46. යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
තව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: නැති.
47. යම් තැනෙක පටිඝානුසය පිරිසිඳ දනී නම් එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක අවිජ්ජානුසය පිරිසිඳ දනී නම් එහි පටිඝානුසය පිරිසිඳ දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි අවිජ්ජානුසය පිරිසිඳ දනී, එහි පටිඝානුසය නො ද පිරිසිඳ දනී. දුඃඛවේදනා ඇති කල්හි එහි අවිජ්ජානුසය ද පිරිසිඳ දනී, පටිඝානුසය ද පිරිසිඳ දනී.
48-49. යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් එහි දිට්ඨානුසය … විචිකිච්ඡානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
තව ද යම් තැනෙක විචිකිච්ඡානුසය පිරිසිඳ දනී නම් එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: දුඃඛවේදනා ඇති කල්හි එහි විචිකිච්ඡානුසය පිරිසිඳ දනී, එහි මානානුසය නො ද පිරිසිඳ දනී. කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි විචිකිච්ඡානුසය ද පිරිසිඳ දනී, මානානුසය ද පිරිසිඳ දනී.
50. යම් තැනෙක මානානුසය පිරිසිඳ දනී නම් එහි භවරාගානුසය පිරිසිඳ දනී ද යත්: කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි එහි මානානුසය පිරිසිඳ දනී, එහි භවරාගානුසය නො ද පිරිසිඳ දනී. රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි මානානුසය ද පිරිසිඳ දනී, භවරාගානුසය ද පිරිසිඳ දනී.
තව ද යම් තැනෙක භවරාගානුසය පිරිසිඳ දනී නම් එහි මානානුසය පිරිසිඳ දනී ද යත්: එසේ යි.