181. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි පටිඝානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට දුඃඛ වේදනා ඇති කල්හි ඔවුනට එහි කාමරාගානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි පටිඝානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය ද අනුශය නො වෙයි. පටිඝානුසය ද අනුශය කො වේ. දෙපුඟුලනට හැම තැන්හි කාමරාගානුසය ද අනුශය නො වෙයි. පටිඝානුසය ද අනුශය නො වේ.
තවද යමකුට යම් තැනෙක පටිඝානුසය අනුශය නො වේ නම් එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි පටිඝානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට පටිඝානුසය ස ද අනුශය නො වෙයි. කාමරාගානුසයද අනුශය නො වෙයි. දෙපුඟුලනට හැම තැන්හි පටිඝානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද අනුශය නො වේ.
182. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි මානානුසය අනුශය නො වේ ද යත්: තුන් පුඟුලනට රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි මානානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම දුඃඛවේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට කාමරාගානුසය ද අනුශය නො වෙයි. මානානුසයද අනුශය නො වෙයි. අනගැමිහට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය අනුශය නො වෙයි. ඔහුට එහි මානානුසය ද නො ද අනුශය නො වෙයි. ඒ පුඟුලනට ම දුඃඛ වේදනායෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔහුට කාමරාගානුසය ද අනුශය නො වෙයි. මානානුසයද අනුශය නො වෙයි. රහත්හට හැමතැන්හි කාමරාගානුසය අනුශය නො වෙයි. මානානුසය ද අනුශය නො වේ.
තවද යමකුට යම් තැනෙක මානානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: එසේ යි.
183-184. යමකුට යම් තැනෙක කාමරාගානුසය අනුශය නො වේ නම් ඔහුට එහි දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය නො වේ ද යත්: පුහුදුන්හට දුඃඛ වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි දැ යි ඔහුට එහි කාමරාගානුසය අනුශය නො වෙයි. ඔහුට එහි විචිකිච්ඡානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම අපරියාපන්නය ඇති කල්හි ඔහුට එහි කාමරාගානුසය ද අනුශය නො වෙයි. විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. දෙපුඟුලනට හැමතැන්හි කාමරාගානුසය ද අනුශය නො වෙයි. විචිකිච්ඡානුසය ද අනුශය නො වේ.
තවද යමකුට යම් තැනෙක විචිකිච්ඡානුසය අනුශය නො වේ නම් ඔහුට එහි කාමරාගානුසය අනුශය නො වේ ද යත්: දෙපුඟුලනට කාමධාතුයෙහි දෙවැදෑරුම් වේදනා ඇති කල්හි ඔවුනට එහි විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි විචිකිච්ඡානුසය අනුශය නො වෙයි. ඔවුනට එහි කාමරාගානුසය නො ද අනුශය නො වෙයි. ඒ පුඟුල්හට ම දුඃඛ වේදනායෙහි ද රූපධාතුයෙහි ද අරූපධාතුයෙහි ද අපරියාපන්නයෙහි දැ යි එහි ඔවුනට විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද අනුශය නො වෙයි. දෙපුඟුලනට හැමතැන්හි විචිකිච්ඡානුසය ද අනුශය නො වෙයි. කාමරාගානුසය ද අනුශය නො වේ.