1. අනුසයවාර
1. යමකුට (අප්රහීනභාවයෙන් සන්තානයෙහි හෝනා) කාමරාගානුසය අනුශය (අනුරූප කරුණක් ලැබ උපදනේ) වේ නම් ඔහුට පටිඝානුසය අනුශය වේ ද යත්: එසේ යි.
තවද යමකුට පටිඝානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය වේ ද යත්: එසේ යි.
2. යමකුට කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට මානානුසය අනුශය වේ ද යත්: එසේ යි.
තවද යමකුට මානානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය වේ ද යත්: අනගැමිහට මානානුසය අනුශය වෙයි. ඔහුට කාමරාගානුසය නො ද අනුශය වෙයි, (පුහුදුන්, සෝවන්, සෙදගැමි) තුන් පුඟුලනට මානානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද අනුශය වෙයි.
3. යමකුට කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට දිට්ඨානුසය අනුශය වේ ද යත්: (සෝවන්, සෙදගැමි) දෙපුඟුලනට කාමරාගානුසය අනුශය වෙයි. ඔවුනට දිට්ඨානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට කාමරාගානුසය ද අනුශය වෙයි, දිට්ඨානුසය ද අනුශය වෙයි.
තවද යමකුට දිට්ඨානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය වේ ද යත්: එසේ යි.
4. යමකුට කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට විචිකිච්ඡානුසය අනුශය වේ ද යත්: දෙපුඟුලනට කාමරාගානුසය අනුශය වෙයි. ඔවුනට විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට කාමරාගානුසය ද අනුශය වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය වෙයි.
තවද යමකුට විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය වේ ද යත්: එසේ යි.
5. යමකුට කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට භවරාගානුසය අනුශය වේ ද යත්: එසේ යි.
තවද යමකුට භවරාගානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය වේ ද යත්: අනගැමිහට භවරාගානුසය අනුශය වෙයි, ඔහුට කාමරාගානුසය නො ද අනුශය වෙයි. තුන් පුඟුලනට භවරාගානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද අනුශය වේ.
6. යමකුට කාමරාගානුසය අනුශය වේ නම් ඔහුට අවිජ්ජානුසය අනුශය වේ ද යත්: එසේ යි.
තවද යමකුට අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට කාමරාගානුසය අනුශය වේ ද යත්: අනගැමිහට අවිජ්ජානුසය අනුශය වෙයි. ඔහුට කාමරාගානුසය නො ද අනුශය වෙයි. තුන් පුඟුලනට අවිජ්ජානුසය ද අනුශය වෙයි, කාමරාගානුසය ද අනුශය වේ.
7. යමකුට පටිඝානුසය අනුශය වේ නම් ඔහුට මානානුසය අනුශය වේ ද යත්: එසේ යි.
තවද යමකුට මානානුසය අනුශය වේ නම් ඔහුට පටිඝානුසය අනුශය වේ ද යත්: අනගැමිහට මානානුසය අනුශය වෙයි. ඔහුට පටිඝානුසය නො ද අනුශය වෙයි. තුන් පුඟුලනට මානානුසය ද අනුශය වෙයි, පටිඝානුසය ද අනුශය වේ.
8-9. යමකුට පටිඝානුසය අනුශය වේ නම් ඔහුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත්: දෙපුඟුලනට පටිඝානුසය අනුශය වෙයි, ඔවුනට විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට පටිඝානුසය ද අනුශය වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය වෙයි.
තවද යමකුට විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට පටිඝානුසය අනුශය වේ ද යත්: එසේ යි.
10-11. යමකුට පටිඝානුසය අනුශය වේ නම් ඔහුට භවරාගානුසය ... අවිජ්ජානුසය අනුශය වේ ද යත්: එසේ යි.
තවද යමකුට අවිජ්ජානුසය අනුශය වේ නම් ඔහුට පටිඝානුසය අනුශය වේ ද යත්: අනගැමිහට අවිජ්ජානුසය අනුශය වෙයි. ඔහුට පටිඝානුසය නො ද අනුශය වෙයි. තුන් පුඟුලනට අවිජ්ජානුසය ද අනුශය වෙයි, පටිඝානුසය ද අනුශය වේ.
12-13. යමකුට මානානුසය අනුශය වේ නම් ඔහුට දිට්ඨානුසය ... විචිකිච්ඡානුසය අනුශය වේ ද යත්: තුන් පුඟුලනට මානානුසය අනුශය වෙයි, ඔවුනට විචිකිච්ඡානුසය නො ද අනුශය වෙයි. පුහුදුනට මානානුසය ද අනුශය වෙයි, විචිකිච්ඡානුසය ද අනුශය වෙයි.
තවද යමකුට විචිකිච්ඡානුසය අනුශය වේ නම් ඔහුට මානානුසය අනුශය වේ ද යත්: එසේ යි.