73. යමකුට කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
74. යමකුට කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
75. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: සවිතර්‍කසවිචාර පශ්චිමචිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි. ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි වාක්සංස්කාරය ද නිරුද්ධ වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වෙයි. විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගල යි)
76-78. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ... (අනුලෝමාවකාශ යි)
79. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන් ඔවුනට එහි ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි කායසංස්කාරය නිරුද්ධ වෙයි. ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ වෙයි, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
80. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: එසේ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ. ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වේ.