4. ප්රවෘත්ති නිරෝධවාර
1. යමකුට කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: විතර්කවිචාරයන්ගෙන් තොර වැ ආශ්වාසප්රශ්වාසයන්ගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ වෙයි, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ප්රථමධ්යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්රශ්වාසයන්ගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ වෙයි. වාක්සංස්කාරය ද නිරුද්ධ වේ.
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: ආශ්වාසප්රශ්වාසයන්ගෙන් තොර වැ විතර්කවිචාරයන්ගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි, ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ප්රථමධ්යානයට සමවන් කාමාවචර වූ ඔවුනට ආශ්වාසප්රශ්වාසයන්ගේ භඞ්ගක්ෂණයෙහි වාක්සංස්කාරය ද නිරුද්ධ වෙයි, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
2. යමකුට කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වෙයි යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: ආශ්වාසප්රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වෙයි, ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්රශ්වාසයන්ගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වෙයි, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
3. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වෙයි යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි ද යත්: විතර්කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වෙයි, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වෙයි. විතර්කවිචාරයන්ගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වෙයි, වාක්සංස්කාරය ද නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගල යි)
4-6. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් එහි වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: ද්විතීයධ්යානයෙහි තෘතීයධ්යානයෙහි දැයි එහි කායසංස්කාරය නිරුද්ධ වෙයි. එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වේ ... (අනුලෝමාවකාශ යි)
7-9. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: ... (අනුලෝමපුද්ගලාවකාශ යි)
(යස්සකය ද යස්සයත්ථකය ද සමාන යි.)
10. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: ආශ්වාසප්රශ්වාසයන්ගෙන් තොර වැ විතර්කවිචාරයන්ගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්රශ්වාසයන්ගෙන් තොර වැ අවිතර්කඅවිචාරචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, වාක්සංස්කාරය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි ද යත්: විතර්කවිචාරයන්ගෙන් තොර වැ ආශ්වාසප්රශ්වාසයන්ගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ නො වේ. චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි සියල්ලනට ද ආශ්වාසප්රශ්වාසයන්ගෙන් තොර වැ අවිතර්කඅවිචාරචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ නො වෙයි, කායසංස්කාරය ද නිරුද්ධ නො වේ.
11. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: ආශ්වාසප්රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ නො වෙයි, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි සියල්ලනට ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට චිත්තසංස්කාරය ... එසේ යි.
12. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වෙයි යත්: විතර්කවිචාරයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ නො වෙයි. ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ නො වෙයි. චිත්තයාගේ උත්පාදක්ෂණයෙහි සියල්ලනට ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ නො වෙයි, චිත්තසංස්කාරය ද නිරුද්ධ නො වේ.
තවද යමකුට ... එසේ යි. (ප්රත්යනීකපුද්ගල යි)