91. යමකුට කායසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: සවිතර්කසවිචාරපශ්චිමචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද අවිතර්කඅවිචාරපශ්චිමචිත්තසමඞ්ගීනට ද යම් සිතකට අනතුරු වැ අවිතර්කඅවිචාරපශ්චිමචිත්තය උපදින්නෙ නම් ඔවුනට ද කායසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ වී, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
තවද යමකුට ... එසේ යි.
92. යමකුට කායසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට කායසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට කායසංස්කාරය ද නිරුද්ධ වී, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
තවද යමකුට ... එසේ යි.
93. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: පශ්චිමචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වී, ඔවුනට චිත්තසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට වාක්සංස්කාරය ද නිරුද්ධ වී, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
තවද යමකුට ... එසේ යි. (අනුලෝම පුද්ගල යි)
94-96. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වී නම් ... (අනුලෝමාවකාශ යි)
97. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ද ද්විතීයධ්යානයට තෘතීයධ්යානයට සමවන්නවුනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. ප්රථමධ්යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ වී, වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ වී යැ යත්: රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වී. ප්රථමධ්යානයට සමවන් කාමාවචර වූ ඔවුනට එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වී.
98. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: කාමාවචරයෙහි පශ්චිමචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. ප්රථමධ්යානයට ද්විතීයධ්යානයට තෘතීයධ්යානයට සමවන්නවුනට ද සෙසු කාමාවචරයනට දැ යි ඔවුනට එහි කායසංස්කාරය ද නිරුද්ධ වී, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ වී යැ යත්: චතුර්ත්ථධ්යානයට සමවන්නවුනට ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වී. ප්රථමධ්යානයට ද්විතීයධ්යානයට තෘතීයධ්යානයට සමවන්නවුනට ද කාමාවචරයනට දැ යි ඔවුනට එහි චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යැ, කායසංස්කාරය ද නිරුද්ධ වී.
99. යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ යත්: සවිතර්කසවිචාරභුමියෙහි පශ්චිමචිත්තයාගේ භඞ්ගක්ෂණයෙහි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වී, ඔවුනට එහි චිත්තසංස්කාරය නො ද නිරුද්ධ වන්නෙ යැ. සෙසු ඔවුනට සවිතර්කසවිචාරභුමියෙහි වාක්සංස්කාරය ද නිරුද්ධ වී, චිත්තසංස්කාරය ද නිරුද්ධ වන්නෙ යි.
තවද යමකුට යම් තැනෙක චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වී යැ යත්: අවිතර්කඅවිචාරභුමියෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වී. සවිතර්කසවිචාරභුමියෙහි ඔවුනට එහි චිත්තසංස්කාරය නිරුද්ධ වන්නෙ යැ, වාක්සංස්කාරය ද නිරුද්ධ වී. (අනුලෝමපුද්ගලාවකාශ යි)
100. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: නැති.
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: නිරුද්ධ වී.
101. යමකුට කායසංස්කාරය නිරුද්ධ නො වී නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ යැ යත්: නැති.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ නො වන්නෙ නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ නො වී යැ යත්: නිරුද්ධ වී.