55. යමකුට කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වී යැ යත්: එසේ යි.
තවද යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: සිත උපදනා කෙණෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට වාක්සංස්කාරය නිරුද්ධ වී, ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට වාක්සංස්කාරයය නිරුද්ධ වී, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
56. යමකුට කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වී යැ යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: සිත උපදනා කෙණෙහි සියල්ලනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ සිත බිඳෙන කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරයය නිරුද්ධ වී, ඔවුනට කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වී, කායසංස්කාරය ද නිරුද්ධ වේ.
57. යමකුට වාක්සංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට චිත්තසංස්කාරය නිරුද්ධ වී යැ යත්: එසේ යි.
තවද යමකුට චිත්තසංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට වාක්සංස්කාරය නිරුද්ධ වෙයි යත්: සිත උපදනා කෙණෙහි සියල්ලනට ද විතර්‍කවිචාරයන්ගෙන් තොර වැ සිත බිඳෙනා කෙණෙහි ද නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැ යි ඔවුනට චිත්තසංස්කාරය නිරුද්ධ වී, ඔවුනට වාක්සංස්කාරය නො ද නිරුද්ධ වෙයි. විතර්‍කවිචාරයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ඔවුනට චිත්තසංස්කාරය ද නිරුද්ධ වී, වාක්සංස්කාරය ද නිරුද්ධ වේ. (අනුලෝමපුද්ගල යි)
58-60. යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ... (අනුලෝමාවකාශ යි)
61. යමකුට යම් තැනෙක කායසංස්කාරය නිරුද්ධ වේ නම් ඔහුට එහි වාක්සංස්කාරය නිරුද්ධ වී යැ යත්: ද්විතීයධ්‍යානයට තෘතීයධ්‍යානයට සමවන්නවුනට ද ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද ඔවුනට එහි කායසංස්කාරය නිරුද්ධ වේ, ඔවුනට එහි වාක්සංස්කාරය නො ද නිරුද්ධ වී. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචර වූ ඔවුනට එහි ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි කායසංස්කාරය ද නිරුද්ධ වෙයි, වාක්සංස්කාරය නිරුද්ධ වී.
තවද යමකුට යම් තැනෙක වාක්සංස්කාරය නිරුද්ධ වී නම් ඔහුට එහි කායසංස්කාරය නිරුද්ධ වෙයි යත්: ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචරයනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ උත්පාදක්‍ෂණයෙහි ද ඔවුනට මැ ආශ්වාසප්‍රශ්වාසයන්ගෙන් තොර වැ චිත්තයාගේ භඞ්‍ගක්‍ෂණයෙහි ද රූපාවචරයනට ද අරූපාවචරයනට දැ යි ඔවුනට එහි වාක්සංස්කාරය නිරුද්ධ වී, ඔවුනට එහි කායසංස්කාරය නො ද නිරුද්ධ වෙයි. ප්‍රථමධ්‍යානයට සමවන් කාමාවචර වූ ඔවුනට ආශ්වාසප්‍රශ්වාසයන්ගේ භඞ්‍ගක්‍ෂණයෙහි එහි වාක්සංස්කාරය ද නිරුද්ධ වී, කායසංස්කාරය ද නිරුද්ධ වේ.