2. ප්‍රඥප්ති නිර්දේශවාර
1. චක්‍ෂුස චක්ඛායතන වේ ද යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්‍ෂුස යි. චක්ඛායතන නො වේ. චක්ඛායතනය චක්‍ෂුස ද වූයේ ම චක්ඛායතන ද වේ. චක්ඛායතනය චක්‍ෂුස වේ ද යත්: එසේ යි.
ශ්‍රෝත්‍රය සෝතායතනය වේ ද යත්: දිබ්බසෝතය තණ්හාසෝතය සෝත යි. සෝතායතන නො වේ. සෝතායතනය සෝත ද වූයේ ම සෝතායතන ද වේ. සෝතාතනය සෝත වේ ද යත්: එසේ යි.
ඝ්‍රාණය ඝානායතන වේ ද යත්: එසේ යි. ඝානායතනය ඝ්‍රාණ වේ ද යත්: එසේ යි.
ජිහ්වාව ජිහ්වායතන වේ ද යත්: එසේ යි. ජිහ්වායතනය ජිහ්වා වේ ද යත්: එසේ යි.
කාය කායායතන වේ ද යත්: කායායතනය තබා අවශේෂ කාය කාය යි. කායායතන නො වේ. කායායතනය කාය ද වූයේ ම කායනායතන ද වේ. කායායතනය කාය වේ ද යත්: එසේ යි.
රූපය රූපායතන වේ ද යත්: රූපායතනය තබා අවශේෂ රූපය රූප යි. රූපායතන නො වේ. රූපායතනය රූප ද වූයේ ම රූපායතන ද වේ. රූපායතනය රූප වේ ද යත්: එසේ යි.
ශබ්දය සද්දායතන වේ ද යත්: එසේ යි. සද්දායතනය ශබ්ද වේ ද යත්: එසේ යි.
ගන්‍ධය ගන්‍ධායතන වේ ද යත්: ශීලගන්‍ධය සමාධිගන්‍ධය ප්‍රඥාගන්‍ධය ගන්‍ධ යි. ගන්‍ධායතන නො වේ. ගන්‍ධායතනය ගන්‍ධ ද වූයේ ම ගන්‍ධායතන ද වේ. ගන්‍ධායතනය ගන්‍ධ වේ ද යත්: එසේ යි.
රසය රසායතන වේ ද යත්: අර්‍ත්‍ථරසය ධර්‍මරසය විමුක්ති රසය රස යි. රසායතන නො වේ. රසායතනය රස ද වූයේ ම රසායතන ද වේ. රසායතනය රස වේ ද යත්: එසේ යි.
ස්ප්‍රෂ්ටව්‍යය ඵොඨබ්බායතනය වේ ද යත්: එසේයි. ඵොඨබ්බායතනය ස්ප්‍රෂ්ටව්‍ය වේ ද යත්: එසේ යි.
මනස මනායතන වේ ද යත්: එසේ යි. මනායතනය මනස වේ ද යත්: එසේ යි.
ධර්‍මය ධම්මායතන වේ ද යත්: ධම්මායතනය තබා අවශේෂ ධර්‍මය ධර්‍ම යි. ධම්මායතන නො වේ. ධම්මායතනය ධර්‍ම ද වූයේ ම ධම්මායතන ද වේ. ධම්මායතනය ධර්‍ම වේ ද යත්: (අනුලෝම යි.)
2. චක්‍ෂුස නොවූයේ චක්ඛායතන නො වේ ද යත්: එසේ යි. චක්ඛායතන නොවූයේ චක්‍ෂුස නො වේ ද යත්: දිව්‍යචක්‍ෂුස ප්‍රඥාචක්‍ෂුස චක්ඛායතන නො වෙයි. චක්‍ෂුස වේ. චක්‍ෂුස ද චක්ඛායතනය ද තබා සෙස්ස චක්‍ෂුස ද නොම වෙයි. චක්ඛායතන ද නොවේ.
ශ්‍රෝත්‍ර නොවූයේ සෝතායතන නො වේ ද යත්: එසේ යි. සෝතායතන නොවූයේ සෝත නො වේ ද යත්: දිබ්බසෝතය තණ්හාසෝතය සෝතායතන නො වෙයි. ශ්‍රෝත්‍ර වේ. සෝතය ද සෝතායතනය ද තබා සෙස්ස සෝත ද නොම වෙයි. සෝතායතන ද නො වේ.
ඝ්‍රාණ නොවූයේ ඝානායතන නො වේ ද යත්: එසේ යි. ඝානායතන නොවූයේ ඝ්‍රාණ නො වේ ද යත්: එසේ යි.
ජිව්හා නොවූයේ ජිව්හායතන නො වේ ද යත්: එසේ යි. ජිව්හායතන නොවූයේ ජිව්හා නො වේ ද යත්: එසේ යි.
කාය නොවූයේ කායායතන නො වේ ද යත්: එසේ යි. කායායතන නොවූයේ කාය නො වේ ද යත්: කායායතනය තබා අවශේෂකාය කායායතන නො වෙයි. කාය වේ. කාය ද කායායතනය ද තබා සෙස්ස කාය ද නො ම වෙයි. කායායතන ද නො වේ.
රූප නොවූයේ රූපායතන නො වේ ද යත්: එසේ යි. රූපායතන නොවූයේ රූප නො වේ ද යත්: රූපායතනය තබා අවශේෂරූපය රූපායතන නො වෙයි. රූප වේ. රූපය ද රූපායතනය ද තබා සෙස්ස රූප ද නො ම වෙයි. රූපායතන ද නො වේ.
ශබ්ද නොවූයේ සද්දායතන නො වේ ද යත්: එසේ යි. ශබ්දායතන නොවූයේ ශබ්ද නො වේ ද යත්: එසේ යි.
ගන්‍ධ නොවූයේ ගන්‍ධායතන නො වේ ද යත්: එසේ යි. ගන්‍ධායතන නොවූයේ ගන්‍ධ නො වේ ද යත්: ශීලගන්‍ධය සමාධිගන්‍ධය ප්‍රඥාගන්‍ධය ගන්‍ධායතන නො වෙයි. ගන්‍ධ වේ. ගන්‍ධය ද ගන්‍ධායතනය ද තබා සෙස්ස ගන්‍ධ ද නොම වෙයි. ගන්‍ධායතන ද නො වේ.
රස නො වූයේ රසායතන නො වේ ද යත්: එසේ යි. රසායතන නොවූයේ රස නො වේ ද යත්: අර්‍ත්‍ථරසය ධර්‍මරසය විමුක්තිරසය රසායතන නො වෙයි. රස වේ. රසය ද රසායතනය ද තබා සෙස්ස රස ද නොම වෙයි. රසායතන ද නො වේ.
ස්ප්‍රෂ්ටව්‍ය නොවූයේ ඵොට්ඨබ්බායතන නො වේ ද යත්.: එසේ යි. ඵොට්ඨබ්බායතන නොවූයේ ස්ප්‍රෂ්ටව්‍ය නො වේ ද යත්: එසේ යි.