3. ප්‍රවෘත්ති උත්පාදවාර
1. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට සෝතායතන උපදී ද යත්: ඇස් ඇති ව කන් නැති ව උපදනා ඔවුනට චක්ඛායතනය උපදී. ඔවුනට සෝතායතනය නො ද උපදී. ඇස් ඇති ව කන් ඇති ව උපදනා ඔවුනට චක්ඛායතනය ද උපදී. සෝතායතනය ද උපදී.
තවද යමකුට සෝතායතනය උපදී නම් ඔහුට චක්ඛායතනය උපදීද යත්: කන් ඇති ව ඇස් නැති ව උපදනා ඔවුනට සෝතායතනය උපදී. ඔවුනට චක්ඛායතනය නො ද උපදී. කන් ඇතිව ඇස් ඇති ව උපදනා ඔවුනට සෝතායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී.
2. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට ඝානායතනය උපදී ද යත්: ඇස් ඇති ව නැහැ නැති ව උපදනා ඔවුනට චක්ඛායතනය උපදී. ඔවුනට ඝානායතනය නො ද උපදී. ඇස් ඇතිව නැහැ ඇති ව උපදනා ඔවුනට චක්ඛායතනය ද උපදී. ඝානායතනය ද උපදී.
තවද යමකුට ඝානායතනය උපදී නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: නැහැ ඇති ව ඇස් නැති ව උපදනා ඔවුනට ඝානායතනය උපදී. ඔවුනට චක්ඛායතනය නො ද උපදී. නැහැ ඇති ව ඇස් ඇති ව උපදනා ඔවුනට ඝානායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී.
3. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට රූපායතනය උපදී ද යත්: එසේ යි.
තවද යමකුට රූපායතනය උපදී නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: රූ ඇති ව ඇස් නැති ව උපදනා ඔවුනට රූපායතනය උපදී. ඔවුනට චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට රූපායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී.
4. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට මනායතනය උපදී ද යත්: එසේ යි.
තවද යමකුට මනායතනය උපදී නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: සිත් ඇති ව ඇස් නැති ව උපදනා ඔවුනට මනායතනය උපදී. ඔවුනට චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට මනායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී.
5. යමකුට චක්ඛායතනය උපදී නම් ඔහුට ධම්මායතනය උපදී ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය උපදී නම් ඔහුට චක්ඛායතනය උපදී ද යත්: ඇස් නැති ව උපදනා ඔවුනට ධම්මායතනය උපදී. ඔවුනට චක්ඛායතනය නො ද උපදී. ඇස් ඇති ව උපදනා ඔවුනට ධම්මායතනය ද උපදී. චක්ඛායතනය ද උපදී. (චක්ඛායතන මූලකය යි.)
6. යමකුට ඝානායතනය උපදී නම් ඔහුට රූපායතනය උපදී ද යත්: එසේ යි.
තවද යමකුට රූපායතනය උපදී නම් ඔහුට ඝානායතනය උපදී ද යත්: රූ ඇති වැ නැහැ නැති වැ උපදනා ඔවුනට රූපායතනය උපදී. ඔවුනට ඝානායතනය නො ද උපදී. නැහැ ඇති වැ උපදනා ඔවුනට රූපායතනය ද උපදී. ඝානායතනය ද උපදී.
7. යමකුට ඝානායතනය උපදී නම් ඔහුට මනායතනය උපදී ද යත්: එසේ යි.
තවද යමකුට මනායතනය උපදී නම් ඔහුට ඝානායතනය උපදී ද යත්: සිත් ඇතිවැ නැහැ නැතිවැ උපදනා ඔවුනට මනායතනය උපදී. ඔවුනට ඝානායතනය නො ද උපදී. නැහැ ඇති වැ උපදනා ඔවුනට මනායතනය ද උපදී. ඝානායතනය ද උපදී.
8. යමකුට ඝානායතනය උපදී නම් ඔහුට ධම්මායතනය උපදි ද යත්: එසේ යි.
තවද යමකුට ධම්මායතනය උපදී නම් ඔහුට ඝානායතනය උපදී ද යත්: නැහැ නැතිවැ උපදනා ඔවුනට ධම්මායතනය උපදී. ඔවුනට ඝානායතනය නො ද උපදි. නැහැ ඇති වැ උපදනා ඔවුනට ධම්මායතනය ද උපදී. ඝානායතනය ද උපදී. (ඝානායතනමූලක යි.)
9. යමකුට රූපායතනය උපදී නම් ඔහුට මනායතනය උපදී ද යත්: සිත් නැති වැ උපදනා ඔවුනට රූපායතනය උපදී. ඔවුනට මනායතනය නො ද උපදී. රූ ඇති වැ සිත් ඇති වැ උපදනා ඔවුනට රූපායතනය ද උපදී. මනායතනය ද උපදී.
තවද යමකුට මනායතනය උපදී නම් ඔහුට රූපායතනය උපදී ද යත්: රූ නැති වැ උපදනා ඔවුනට මනායතනය උපදී. ඔවුනට රූපායතනය නො ද උපදී. සිත් ඇතිවැ රූ ඇති වැ උපදනා ඔවුනට මනායතනය ද උපදී. රූපායතනය ද උපදී.