33. යමෙක් චක්ඛුන්ද්රිය පිරිසිඳැදනී නම් හෙ දෝමනස්සින්ද්රිය (ප්රහාණ පරිඥා විසින්) හැරැපියන්නෙ යැ යත්: නැත.
යළි යමෙක් දෝමනස්සින්ද්රිය හැරැපියන්නෙ වී නම් හෙ චක්ඛුන්ද්රිය පිරිසිඳැදනියි යත්: නැත.
යමෙක් චක්ඛුන්ද්රිය පිරිසිඳැදනී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වඩන්නෙ යැ යත්: නැත.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්ද්රිය පිරිසිඳැදනියි යත්: නැත.
යමෙක් චක්ඛුන්ද්රිය පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤින්ද්රිය වඩන්නෙ යැ යත්: නැත.
යළි යමෙක් අඤ්ඤින්ද්රිය වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්ද්රිය පිරිසිඳැදනියි යත්: නැත.
යමෙක් චක්ඛුන්ද්රිය පිරිසිඳැදනී නම් හෙ අඤ්ඤාතාවින්ද්රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ,
යළි යමෙක් අඤ්ඤාවින්ද්රිය පසක් කරන්නෙ වී නම් හෙ චක්ඛුන්ද්රිය පිරිසිඳැදනී යැ යත්: පුද්ගලයෝ දෙනෙක් අඤ්ඤාතාවින්ද්රිය පසක් කරන්නාහ. චක්ඛුන්ද්රිය නො ද පිරිසිඳැදනිත්. අග්රමාර්ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්ද්රිය ද පසක් කරන්නෙ යැ, චක්ඛුන්ද්රිය ද පිරිසිඳැදනී.
34. යමෙක් දෝමනස්සින්ද්රිය (ඒ ඒ මාර්ගයෙන් ප්රහාණ පරිඥා වශයෙන්) හැරැපියා නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වඩන්නෙ යැ යත්: නැත.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්ද්රිය හැරැපියා යැ යත්: නැත.
යමෙක් දෝමනස්සින්ද්රිය හැරැපියා නම් හෙ අඤ්ඤින්ද්රිය වඩන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤින්ද්රිය වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්ද්රිය හැරැපියා යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤින්ද්රිය වඩන්නාහ, දෝමනස්සින්ද්රිය නො ද හැරැපියත්, අනාගාමීමාර්ගසමඞ්ගී පුද්ගල අඤ්ඤින්ද්රිය ද වඩන්නෙ යැ, දෝමනස්සින්ද්රිය ද හැරැපියයි.
යමෙක් දෝමනස්සින්ද්රිය හැරැපියා නම් හෙ අඤ්ඤින්ද්රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්ද්රිය පසක් කරන්නෙ වී නම් හෙ දෝමනස්සින්ද්රිය හැරැපියා යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්ද්රිය පසක් කරන්නාහ. දෝමනස්සින්ද්රිය නො ද හැරැපියත්, අනාගාමීමාර්ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්ද්රිය ද පසක් කරන්නෙ යැ, දෝමනස්සින්ද්රිය ද හැරැපියා.
35. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය (භාවනා වශයෙන්) වඩා නම් හෙ අඤ්ඤින්ද්රිය වඩන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤින්ද්රිය වඩන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වඩා යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤින්ද්රිය වඩන්නාහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය නො ද වඩාත්, අෂ්ටමක (ශ්රෝතාපත්තිමාර්ගස්ථ) පුද්ගල අඤ්ඤින්ද්රිය ද වඩන්නෙ යැ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය ද වඩයි.
යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වඩා නම හෙ අඤ්ඤාතාවින්ද්රිය පසක් කරන්නේ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්ද්රිය පසක් කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වඩා යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්ද්රිය පසක් කරන්නාහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය නො ද වඩයි. අෂ්ටමක තෙම අඤ්ඤාතාවින්ද්රිය ද පසක් කරන්නෙ යැ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය ද වඩා.
36. යමෙක් අඤ්ඤින්ද්රිය වඩා නම් හෙ අඤ්ඤාතාවින්ද්රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්ද්රිය පසක් කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්ද්රිය වඩා යැ යත්: පුද්ගලයෝ පස් දෙනෙක් අඤ්ඤාතාවින්ද්රිය පසක් කරන්නාහ. අඤ්ඤින්ද්රිය නො ද වඩත්, මාර්ග සමඞ්ගීහු තිදෙනෙක් අඤ්ඤාතාවින්ද්රිය ද පසක් කරන්නාහ, අඤ්ඤින්ද්රිය ද වඩත්. (අනුලෝම යි.)
37. යමෙක් චක්ඛුන්ද්රිය නො පිරිසිඳැදනී නම් හෙ දෝමනස්සින්ද්රිය (ප්රහාණ පරිඥා විසින්) නො හැරැපියන්නෙ යැ යත්: පුද්ගලයෝ පස් දෙනෙක් චක්ඛුන්ද්රිය නො පිරිසිඳැදනිති, දෝමනස්සින්ද්රිය නො ද නො හැරැපියන්නාහ, පුද්ගලයෝ සතර දෙනෙක් චක්ඛුන්ද්රිය ද නො පිරිසිඳැදනිති, දෝමනස්සින්ද්රිය ද නො හැරැපියන්නාහ.
යළි යමෙක් දෝමනස්සින්ද්රිය නො හැරැපියන්නෙ වී නම් හෙ චක්ඛුන්ද්රිය නො පිරිසිඳැදනී යැ යත්: අග්රමාර්ගසමඞ්ගී පුද්ගල දෝමනස්සින්ද්රිය නො හැරැපියන්නෙ යැ. චක්ඛුන්ද්රිය නො ද නො පිරිසිඳැදනී. පුද්ගලයෝ සතර දෙනෙක් දෝමනස්සින්ද්රිය ද නො හැරැපියන්නාහ, චක්ඛුන්ද්රිය ද නො පිරිසිඳැදනිත්.