17. යමෙක් චක්ඛුන්ද්රිය පිරිසිඳැදත්තෙ වී නම් හෙ දෝමනස්සින්ද්රිය ප්රහාණය කරන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්ද්රිය පිරිසිඳැදන්නාහ, දෝමනස්සින්ද්රිය නො ද ප්රහාණය කරන්නාහ. පුද්ගලයෝ පස්දෙනෙක් චක්ඛුන්ද්රිය ද පිරිසිඳැදන්නාහ, දෝමනස්සින්ද්රිය ද ප්රහාණය කරන්නාහ.
යළි යමෙක් දෝමනස්සින්ද්රිය ප්රහාණය කරන්නෙ වී නම් හෙ චක්ඛුන්ද්රිය පිරිසිඳැදන්නෙ යැ යත්: එසේ යැ.
යමෙක් චක්ඛුන්ද්රිය පිරිසිඳැදන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් චක්ඛුන්ද්රිය පිරිසිඳැදන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය නො ද වඩන්නාහ. යම් පෘථග්ජන කෙනෙක් මාර්ග ප්රතිලාභය කරන්නාහු නම් ඔහු චක්ඛුන්ද්රිය ද පිරිසිඳැදන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය ද වඩන්නාහ.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්ද්රිය පිරිසිඳැ දන්නෙ යැ යත්: එසේ යැ.
යමෙක් චක්ඛුන්ද්රිය පිරිසිඳැදන්නෙ වී නම් හෙ අඤ්ඤින්ද්රිය වඩන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤින්ද්රිය වඩන්නෙ වී නම් හෙ චක්ඛුන්ද්රිය පිරිසිඳැදන්නෙ යැ යත්: එසේ යැ.
යමෙක් චක්ඛුන්ද්රිය පිරිසිඳදන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්ද්රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්ද්රිය පසක් කරන්නෙ වී නම් හෙ චක්ඛුන්ද්රිය පිරිසිඳැදන්නෙ යැ යත්: අග්රමාර්ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්ද්රිය පසක් කරන්නෙ යැ, චක්ඛුන්ද්රිය නො ද පිරිසිඳැ දන්නෙ යැ. පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්ද්රිය ද පසක් කරන්නාහ. චක්ඛුන්ද්රිය ද පිරිසිඳැදන්නාහ.
18. යමෙක් දෝමනස්සින්ද්රිය ප්රහාණය කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සතර දෙනෙක් දෝමනස්සින්ද්රිය ප්රහාණය කරන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය නො ද වඩන්නාහ. යම් පුහුදුන් කෙනෙක් මාර්ග ප්රතිලාභය කරන්නාහු නම් ඔහු දෝමනස්සින්ද්රිය ද ප්රහාණය කරන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය ද වඩන්නාහ.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්ද්රිය ප්රහාණය කරන්නෙ යැ යත්: එසේ යැ.
යමෙක් දෝමනස්සින්ද්රිය ප්රහාණය කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්ද්රිය වඩන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤින්ද්රිය වඩන්නෙ වී නම් හෙ දෝමනස්සින්ද්රිය ප්රහාණය කරන්නෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් අඤ්ඤින්ද්රිය වඩන්නාහ, දෝමනස්සින්ද්රිය නො ද ප්රහාණය කරන්නාහ. පුද්ගලයෝ පස් දෙනෙක් අඤ්ඤින්ද්රිය ද වඩන්නාහ, දෝමනස්සින්ද්රිය ද ප්රහාණය කරන්නාහ.
යමෙක් දෝමනස්සින්ද්රිය ප්රහාණය කරන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්ද්රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්ද්රිය පසක් කරන්නෙ වී නම් හෙ දෝමනස්සින්ද්රිය ප්රහාණය කරන්නෙ යැ යත්: පුද්ගලයෝ තිදෙනෙක් අඤ්ඤතාවීන්ද්රිය පසක් කරන්නාහ, දෝමනස්සින්ද්රිය නො ද ප්රහාණය කරන්නාහ. පුද්ගලයෝ පස් දෙනෙක් අඤ්ඤාතාවින්ද්රිය ද පසක් කරන්නාහ, දෝමනස්සින්ද්රිය ද ප්රහාණය කරන්නාහ.
19. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වඩන්නෙ වී නම් හෙ අඤ්ඤින්ද්රිය වඩන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤින්ද්රිය වඩන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අඤ්ඤින්ද්රිය වඩන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය නො ද වඩන්නාහ. යම් පුහුදුන් කෙනෙක් මාර්ග ප්රතිලාභය කරන්නාහු නම් ඔහු අඤ්ඤින්ද්රිය ද වඩන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය ද වඩන්නාහ.
යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වඩන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්ද්රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්ද්රිය පසක් කරන්නෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වඩන්නෙ යැ යත්: පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්ද්රිය පසක් කරන්නාහ. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය නො ද වඩන්නාහ. යම් පුහුදුන් කෙනෙක් මාර්ගය පිළිලබන්නාහු නම් ඔහු අඤ්ඤාතාවින්ද්රිය ද පසක් කරන්නාහ, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය ද වඩන්නාහ.
20. යමෙක් අඤ්ඤින්ද්රිය වඩන්නෙ වී නම් හෙ අඤ්ඤාතාවින්ද්රිය පසක් කරන්නෙ යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්ද්රිය පසක් කරන්නෙ වී නම් හෙ අඤ්ඤින්ද්රිය වඩන්නෙ යැ යත්: අග්රමාර්ගසමඞ්ගී පුද්ගල අඤ්ඤාතාවින්ද්රිය පසක් කරන්නෙ යැ, අඤ්ඤින්ද්රිය නො ද වඩන්නෙ යැ, පුද්ගලයෝ සත් දෙනෙක් අඤ්ඤාතාවින්ද්රිය ද පසක් කරන්නාහ, අඤ්ඤින්ද්රිය ද වඩන්නාහ. (අනුලෝම යි.)