9. යමෙක් චක්ඛුන්ද්රිය පිරිසිඳැදත්තෙ වී නම් හෙ දෝමනස්සින්ද්රිය හැරැපී යැ යත්: එසේ යැ.
යළි යමෙක් දෝමනස්සින්ද්රිය හැරැපී නම් හෙ චක්ඛුන්ද්රිය පිරිසිඳැ දත්තෙ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් සෝමනස්සින්ද්රිය හැරැපී යැ, චක්ඛුන්ද්රිය නො ද පිරිසිඳැදත්තේ යැ. රහත් පුද්ගල දෝමනස්සින්ද්රිය ද හැරැපී යැ. චක්ඛුන්ද්රිය ද පිරිසිඳැදත්තේ යැ.
යමෙක් චක්ඛුන්ද්රිය පිරිසිඳැදත්තෙ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වැඩී යැ යත්: එසේ යැ.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වැඩී නම් හෙ චක්ඛුන්ද්රිය පිරිසිඳැදත්තේ යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වැඩූහ, චක්ඛුන්ද්රිය නො ද පිරිසිඳැ දත්හ. රහත් පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය ද වැඩී යැ, චක්ඛුන්ද්රිය ද පිරිසිඳැදත්තේ යි.
යමෙක් චක්ඛුන්ද්රිය පිරිසිඳැදත්තේ වී නම් හෙ අඤ්ඤින්ද්රිය වැඩී යැ යත්: එසේ යැ.
යළි යමෙක් අඤ්ඤින්ද්රිය වැඩී නම් හෙ චක්ඛුන්ද්රිය පිරිසිඳැ දත්තේ යැ යත්: එසේ යැ.
යමෙක් චක්ඛුන්ද්රිය පිරිසිඳැදත්තේ වී නම් හෙ අඤ්ඤාතාවින්ද්රිය පසක් කෙළේ යැ යත්: යමෙක් අග්රඵල පසක් කෙරේ නම් හෝ චක්ඛුන්ද්රිය පිරිසිඳැදත්තේ යැ, අඤ්ඤාතාවින්ද්රිය නො ද පසක් කෙළේ යැ. යමෙක් අග්රඵල පසක් කෙළේ වී නම් හෙ චක්ඛුන්ද්රිය ද පිරිසිඳැදත්තේ යැ, අඤ්ඤාතාවින්ද්රිය ද පසක් කෙළේ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්ද්රිය පසක් කෙළේ වී නම් හෙ චක්ඛුන්ද්රිය පිරිසිඳැදත්තේ යැ යත්: එසේ යි.
10. යමෙක් දෝමනස්සින්ද්රිය ප්රහාණය කෙළේ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වැඩි යැ යත්: එසේ යැ.
යළි යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වැඩි නම් හෙ දෝමනස්සින්ද්රිය ප්රහාණය කෙළේ යැ යත්: පුද්ගලයෝ සතර දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වැඩූහ. දෝමනස්සින්ද්රිය නො ද ප්රහාණය කළහ, පුද්ගලයෝ තිදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය ද වැඩූහ, දෝමනස්සින්ද්රිය ද ප්රහාණය කළහ.
යමෙක් දෝමනස්සින්ද්රිය ප්රහාණය කෙළේ වී නම් හෙ අඤ්ඤින්ද්රිය වැඩී යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් දෝමනස්සින්ද්රිය ප්රහාණය කළහ, අඤ්ඤින්ද්රිය නො ද වැඩූහ අර්හත් පුද්ගල දෝමනස්සින්ද්රිය ද ප්රහාණය කෙළේ යැ, අඤ්ඤින්ද්රිය ද වැඩී.
යළි යමෙක් අඤ්ඤින්ද්රිය වැඩී නම් හෙ දෝමනස්සින්ද්රිය ප්රහාණය කෙළේ යැ යත්: එසේ යැ.
යමෙක් දෝමනස්සින්ද්රිය ප්රහාණය කෙළේ වී නම් හෙ අඤ්ඤාතාවින්ද්රිය පසක් කෙළේ යැ යත්: පුද්ගලයෝ තිදෙනෙක් දෝමනස්සින්ද්රිය ප්රහාණය කළහ. අඤ්ඤාතාවින්ද්රිය නො ද පසක් කළහ. අර්හත් පුද්ගල දෝමනස්සින්ද්රිය ද ප්රහාණය කෙළේ යැ, අඤ්ඤාතාවින්ද්රිය ද පසක් කෙළේ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්ද්රිය පසක් කෙළේ වී නම් හෙ දෝමනස්සින්ද්රිය ප්රහාණය කළේ යැ යත්: එසේ යැ.
11. යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වැඩී නම් හෙ අඤ්ඤින්ද්රිය වැඩී යැ යත්: පුද්ගලයෝ සදෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වැඩූහ, අඤ්ඤින්ද්රිය නො ද වැඩූහ. රහත් පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය ද වැඩී යැ අඤ්ඤින්ද්රිය ද වැඩී.
යළි යමෙක් අඤ්ඤින්ද්රිය වැඩී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වැඩී යැ යත්: එසේ යි.
යමෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වැඩි නම් හෙ අඤ්ඤාතාවින්ද්රිය පසක් කෙළේ යැ යත්: පුද්ගලයෝ සත්දෙනෙක් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වැඩූහ, අඤ්ඤාතාවින්ද්රිය නො ද පසක් කළහ. අර්හත් පුද්ගල අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය ද වැඩී යැ, අඤ්ඤාතාවින්ද්රිය ද පසක් කළහ.
යළි යමෙක් අඤ්ඤාතාවින්ද්රිය පසක් කෙළේ වී නම් හෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රිය වැඩී යැ යත්: එසේ යි.
12. යමෙක් අඤ්ඤින්ද්රිය වැඩී නම් හෙ අඤ්ඤාතාවින්ද්රිය පසක් කෙළේ යැ යත්: යමෙක් අග්රඵල පසක් කෙරේ නම් හෙ අඤ්ඤින්ද්රිය වැඩී යැ, අඤ්ඤාතාවින්ද්රිය නො ද පසක් කෙළේ යැ. යමෙක් අග්රඵලය පසක් කෙළේ වී නම් හෙ අඤ්ඤින්ද්රිය ද වැඩී යැ, අඤ්ඤාතාවින්ද්රිය ද පසක් කෙළේ යැ.
යළි යමෙක් අඤ්ඤාතාවින්ද්රිය පසක් කෙළේ වී නම් හෙ අඤ්ඤින්ද්රිය වැඩී යැ යත්: එසේ යි. (අනුලෝම යි.)
13. යමෙක් චක්ඛුන්ද්රිය නො පිරිසිඳැ දත්තේ වී නම් හෙ දෝමනස්සින්ද්රිය ප්රහාණය නො කෙළේ යැ යත්: පුද්ගලයෝ දෙදෙනෙක් චක්ඛුන්ද්රිය නො පිරිසිඳැ දත්හ, දෝමනස්සින්ද්රිය නො ද ප්රහාණය නො කළහ. පුද්ගලයෝ සදෙනෙක් චක්ඛුන්ද්රිය ද නො පිරිසිඳ දත්හ, දෝමනස්සින්ද්රිය ද ප්රහාණය නො කළහ.
යළි යමෙක් දෝමනස්සින්ද්රිය ප්රහාණය නො කෙළේ වී නම් හෙ චක්ඛුන්ද්රිය නො පිරිසිඳ දත්තේ යැ යත්: එසේ යැ.