524. ඍද්ධිපාදයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ ඡන්දසමාධියෙන් හා සම්යක්ප්රධන්වීර්ය්යයෙන් සමන්විත වූ ඍද්ධිපාදය වඩයි. වීර්ය්යසමාධියෙන් ... චිත්ත සමාධියෙන් ... වීමංසාසමාධියෙන් හා ප්රධන්වීර්ය්යයෙන් සමන්විත වූ ඍද්ධිපාදය වඩයි.
සතර ඍද්ධිපාදයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්යයාකෘතයෝ කෙතෙක් ද, ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
525. (සතර ඍද්ධිපාදයෝ) කුශලයෝ මැ යි.
(සතර ඍද්ධිපාදයෝ) සුඛවේදනාව හා සම්ප්රයුක්තයෝ ද වන්නාහ, අදුක්ඛමසුඛ වේදනාව හා සම්ප්රයුක්තයෝ ද වන්නාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) විපාක ස්වභාවධර්මයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) අනුපාදින්නඅනුපාදානියයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) අසංක්ලිෂ්ටඅසාක්ලේශිකයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) සවිතර්කසවිචාර ද වන්නාහ, අවිතර්කවිචාරමාත්ර ද වන්නාහ, අවිතර්ක අවිචාර ද වන්නාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) ප්රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්ෂා සහගත ද වන්නාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්යයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්යහේතු ඇත්තාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) අපචයගාමීහු ය.
(සතර ඍද්ධිපාදයෝ) ශෛක්ෂයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) අප්රමාණාලම්බනයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) ප්රණීතයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) සම්යක්ත්වනියතයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) මාර්ගාලම්බන නො වෙති, මාර්ගහේතුක වෙති, මාර්ගාධිපති නො වෙත්.
(සතර ඍද්ධිපාදයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදීහු යයි නො කියයුත්තාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්රත්යුත්පන්න ද වන්නාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) අතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්රත්යුත්පන්නාලම්බනහ යි ද නො කියයුත්තාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) අධ්යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්යාත්මබාහිර ද වන්නාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) බාහිරාලම්බනයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) අනිදර්ශන අප්රතිඝයෝ යි.
526. වීමංසිද්ධිපාදය හේතු ය. තුන් ඍද්ධිපාදයෝ හේතුහු නො වෙත්.
(සතර ඍද්ධිපාදයෝ) සහේතුකයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) හේතු සම්ප්රයුක්තයෝ ය.
වීමංසිද්ධිපාදය හේතු ද වූයේ ම සහේතුක ද වෙයි. තුන් ඍද්ධිපාදයෝ හේතු ද වූවාහු ම සහේතුකහ යි නො කියයුත්තාහ. සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙත්.
වීමංසිද්ධිපාදය හේතු ද වූයේ ම හේතුසම්ප්රයුක්ත ද වෙයි. තුන් ඍද්ධිපාදයෝ හේතු ද වූවාහු ම හේතුසම්ප්රයුක්තහ යි ද නො කියයුත්තාහ. හේතුසම්ප්රයුක්ත ද වූවාහු ම නො ද හේතු ද වෙත්.
තුන් ඍද්ධිපාදයෝ හේතු නො වූ සහේතුකයෝ ය. වීමංසිද්ධිපාදය හේතු නො වූ සහේතුක යි ද හේතු නො වූ අහේතුක යි ද නො කියයුත්තේ යි.
527. (සතර ඍද්ධිපාදයෝ) සප්රත්යයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) සඞ්ඛතයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) අනිදර්ශනයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) අප්රතිඝයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) අරූපීහු ය.
(සතර ඍද්ධිපාදයෝ) ලෝකෝත්තරයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) කිසි විඥානයෙකින් දතයුත්තාහ, කිසි විඥානයෙකින් නො දත යුත්තාහු ය.
528. (සතර ඍද්ධිපාදයෝ) ආස්රව නො වන්නාහ.
(සතර ඍද්ධිපාදයෝ) අනාස්රවයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) ආස්රවවිප්රයුක්තයෝ ය.
(සතර ඍද්ධිපාදයෝ) ආස්රව ද වූවාහු ම සාස්රවහ යි ද සාස්රව ද වූවාහු ම නො ද ආස්රවහ යි ද නො කියයුත්තාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) ආස්රව ද වූවාහු ම ආස්රවසම්ප්රයුක්තහ යි ද ආස්රවසම්ප්රයුක්ත ද වූවාහු ම නො ද ආස්රවහ යි ද නො කියයුත්තාහු ය.
(සතර ඍද්ධිපාදයෝ) ආස්රවවිප්රයුක්ත වූ අනාස්රවයෝ යි.
529. (සතර ඍද්ධිපාදයෝ) සංයෝජනයෝ නො වෙති. ... (සතර ඍද්ධිපාදයෝ) ග්රන්ථයෝ නො වෙති. ... (සතර ඍද්ධිපාදායෝ) ඕඝයෝ නො වෙති. ... (සතර ඍද්ධිපාදයෝ) යෝගයෝ නො වෙති. ... (සතර ඍද්ධිපාදයෝ) නීවරණයෝ නො වෙති. ... (සතර ඍද්ධිපාදයෝ) පරාමර්ශයෝ නො වෙති. ...
530. (සතර ඍද්ධිපාදයෝ) ආලම්බන සහිතයෝ ය.
තුන් ඍද්ධිපාදයෝ චිත්ත නො වෙති. චිත්තිද්ධිපාදය චිත්ත ය.
තුන් ඍද්ධිපාදයෝ චෛතසිකයෝ ය. චිත්තිද්ධිපාදය අචෛතසික ය.
තුන් ඍද්ධිපාදයෝ චිත්තසම්ප්රයුක්තයෝ ය. චිත්තිද්ධිපාදය චිත්තය හා සම්ප්රයුක්ත යි ද චිත්තය හා විප්රයුක්ත යි ද නො කියයුත්තේ ය.
තුන් ඍද්ධිපාදයෝ චිත්තසංසෘෂ්ටයෝ ය. චිත්තිද්ධිපාදය චිත්තය හා සංසෘෂ්ට යි ද චිත්තය හා විසංසෘෂ්ට යි ද නො කියයුත්තේ ය.
තුන් ඍද්ධිපාදයෝ චිත්තසමුත්ථානයෝ ය. චිත්තිද්ධිපාදය චිත්තසමුත්ථාන නො වේ.