514. ඍද්ධිපාදයෝ සතර දෙනෙකි: මෙ සස්නෙහි මහණ ඡන්දසමාධියෙන් හා සම්යක්ප්රධන්වීර්ය්යයෙන් සමන්විත වූ ඍද්ධිපාදය වඩයි, විරියසමාධියෙන් හා සම්යක්ප්රධන්වීර්ය්යයෙන් ... චිත්තසමාධියෙන් හා සම්යක්ප්රධන්වීර්ය්යයෙන් ... වීමංසාසමාධියෙන් හා සම්යක්ප්රධන්වීර්ය්යයෙන් සමන්විත වූ ඍද්ධිපාදය වඩයි.
515. කිසෙයින් මහණ ඡන්දසමාධියෙන් හා සම්යක්ප්රධන්වීර්ය්යයෙන් සමන්වාගත වූ ඍද්ධිපාදය වඩා ද යත්: මෙ සස්නෙහි මහණ තෙම යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්රථමභූමියට පැමිණීම පිණිස නෛර්ය්යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ ප්රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්රථමධ්යධානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ඡන්දසමාධියෙන් හා සම්යක් ප්රධන්වීර්ය්යයෙන් යුක්ත වූ ඍද්ධිපාදය වඩයි.
එහි ‘ඡන්ද’ කවරෙ යත්: යම් ඡන්දයෙක් ඡන්දය කරන අයුරෙක් කරනු කැමැති බවෙක් කුශල වූ ධර්මච්ඡන්දයෙක් වේ ද, මේ ‘ඡන්ද’ යි කියනු ලැබේ.
එහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් ... මාර්ගාඞ්ග වූ මාර්ග පර්ය්යාපන්න වූ සම්යක්සමාධියක් සමාධිසම්බෝධ්යඞ්ගයෙක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.
එහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් චෛතසික වීර්ය්යයාරම්භයෙක් ... මාර්ගාඞ්ග වූ මාර්ගපර්ය්යාපන්න වූ සම්යග්ව්යායාමයෙක් වීර්ය්යසසම්බෝධ්යඞ්ගයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ. මෙසේ මේ ඡන්දයෙන් ද මේ සමාධියෙන් ද මේ පධානසඞ්ඛාරයෙන් ද යුක්ත වූයේ ... සමන්වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබේ ‘ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ යි.
‘ඉද්ධි’ යනු: ඒ ධර්මයන්ගේ යම් නිෂ්පත්තියක් සමෘද්ධියක් ... පැමිණීමෙක් වේ ද, එයයි.
‘ඉද්ධිපාදො’ යනු: එසේ වූවහුගේ ස්පර්ශයෙක් ... ප්රග්රාහයෙක් අවික්ෂේපයෙක් වේ ද, එයයි.
‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ ධර්මයන් ආසෙවනය කෙරෙයි, වඩයි, බහුල කෙරේ. එහෙයින් ‘ඉද්ධිපාදං භාවෙති’ යි කියනු ලැබේ.
516. කිසෙයින් මහණ වීර්ය්යසමාධියෙන් හා සම්යක්ප්රධන්වීර්ය්යයෙන් සමන්වාගත වූ ඍද්ධිපාදය වඩා ද යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්රථමභූමියට පැමිණීම පිණිස නෛර්ය්යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ ප්රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි වීර්ය්යසසමාධියෙන් හා සම්යක් ප්රධන්වීර්ය්යයෙන් සමන්වාගත වූ ඍද්ධිපාදය වඩයි.
එහි ‘විරිය’ කවරෙ යත්: යම් චෛතසිකවීර්ය්යාරම්භයෙක් ... මාර්ගාඞ්ග වූ මාර්ගපර්ය්යාපන්න වූ සම්යග්ව්යායාමයෙක් වීර්ය්යසම්බෝධ්යඞ්ගයෙක් වේ ද මේ ‘විරිය’ යි කියනු ලැබේ.
එහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් ... මාර්ගාඞ්ග වූ මාර්ගපර්ය්යාපන්න වූ සම්යක්සමාධියක් සමාධිසම්බෝධ්යඞ්ගයෙක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.
එහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් චෛතසිකවීර්ය්යාරම්භයෙක් ... මාර්ගාඞ්ග වූ මාර්ගපර්ය්යාපන්න වූ සම්යග්ව්යායාමයෙක් වීර්ය්යසම්බෝධ්යඞ්ගයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ. මෙසේ මේ විරියයෙන් ද මේ සමාධියෙන් ද මේ පධානසඞ්ඛාරයෙන් ද යුක්ත වූයේ ... සමන්වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබේ: ‘විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ යි.
‘ඉද්ධි’ යනු: ඒ ධර්මයන්ගේ යම් නිපැද්මෙක් සමෘද්ධියයක් ... පැමිණීමෙක් වේ ද, එයයි.
‘ඉද්ධිපාදො’ යනු: එසේ වූවහුගේ ස්පර්ශ ය ... ප්රග්රාහ ය, අවික්ෂේප යි.
‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ ධර්මයන් ආසෙවනය කෙරෙයි, භාවනා කෙරෙයි, බහුල කෙරේ. එහෙයින් ‘ඉද්ධිපාදං භාවෙති’ යි කියනු ලැබේ.
517. කිසෙයින් මහණ චිත්තසමාධියෙන් හා සම්යක්ප්රධන්වීර්ය්යෙන් සමන්වාගත වූ ඍද්ධිපාදය වඩා ද යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්රථමභූමියට පැමිණීම පිණිස නෛර්ය්යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ ප්රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි චිත්තසමාධියෙන් හා සම්යක් ප්රධන්වීර්ය්යයෙන් සමන්වාගත වූ ඍද්ධිපාදය වඩයි.
එහි ‘චිත්ත’ කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූප මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ.
එහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් ... මාර්ගාඞ්ග වූ මාර්ගපර්ය්යාපන්න වූ සම්යක්සමාධියක් සමාධිසම්බෝධ්යඞ්ගයෙක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.
එහි ‘පධානසඞ්ඛාර’ කවරෙ යත්: යම් චෛතසිකවීර්ය්යයාරම්භයෙක් ... මාර්ගාඞ්ග වූ මාර්ගපර්ය්යාපන්න වූ සම්යග්ව්යායාමයෙක් වීර්ය්යසම්බෝධ්යඞ්ගයෙක් වේ ද, මේ ‘පධානසඞ්ඛාර’ යි කියනු ලැබේ.
මෙසේ මේ චිත්තයෙන් ද මේ සමාධියෙන් ද මේ පධානසඞ්ඛාරයෙන් ද යුක්ත වූයේ ... සමන්වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබේ: ‘චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො’ යි.
‘ඉද්ධි’ යනු: ඒ (සම්ප්රයුක්ත) ධර්මයන්ගේ යම් නිපැද්මෙක් මොනොවට නිපැද්මෙක් නිෂ්පත්ති ආකාරයෙක් සමෘද්ධ වන අයුරෙක් ලාභයෙක් ප්රතිලාභයෙක් ප්රාප්තියක් සම්ප්රාප්තියක් (ප්රතිලාභ) ස්පර්ශයෙක් සාක්ෂාත් කිරීමෙක් පැමිණීමෙක් වේ ද, (එය යි.)
‘ඉද්ධිපාදො’ යනු: එසේ වූවහුගේ ස්පර්ශ ය, වේදනා ය, ... ප්රග්රාහ ය, අවික්ෂේපය යි.
‘ඉද්ධිපාදං භාවෙති’ යනු: ඒ ධර්මයන් ආසෙවනය කෙරෙ යි, වඩයි, බහුල කෙරෙයි. එහෙයින් ‘ඉද්ධිපාදං භාවෙති’ යි කියනු ලැබේ.
518. කිසෙයින් මහණ වීමංසාසමාධියෙන් හා සම්යක්ප්රධන්වීර්ය්යයෙන් සමන්වාගත වූ ඍද්ධිපාදය වඩා ද යත්: මෙ සස්නෙහි මහණ යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස ප්රථමභූමියට පැමිණීම පිණිස නෛර්ය්යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්රතිපත් ඇති දන්ධ අභිඥා ඇති ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි වීමංසාසමාධියෙන් හා සම්යක්ප්රධන්වීර්ය්යයෙන් සමන්වාගත වූ ඍද්ධිපාදය වඩයි.
එහි ‘වීමංසා’ කවර යත්: මාර්ගාඞ්ග වූ මාර්ගපර්ය්යාපන්න වූ යම් ප්රඥාවක් ප්රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්යග්දෘෂ්ටියක් ධර්මවිචයසම්බෝධ්යඞ්ගයෙක් වේ ද, මේ ‘වීමංසා’ යි කියනු ලැබේ.
එහි ‘සමාධි’ කවරෙ යත්: චිත්තයාගේ යම් මාර්ගාඞ්ග වූ මාර්ගපර්ය්යාපන්න වූ සිටීමෙක් ... සම්යක්සමාධියක් සමාධිසම්බෝධ්යඞ්ගයෙක් වේ ද, මේ ‘සමාධි’ යි කියනු ලැබේ.