294. සතර ආර්ය්යසත්යයෝ වෙති: දුඃඛාර්ය්යසත්ය ය, දුඃඛසමුදයාර්ය්යසත්ය ය, දුඃඛනිරෝධාර්ය්යසත්ය ය, දුඃඛනිරෝධගාමිනීප්රතිපදාර්ය්යසත්ය යි.
295. චතුරාර්ය්යසත්යයන් අතුරෙහි කෙතෙක් කුශලයෝ ද, කෙතෙක් අකුශලයෝ ද, කෙතෙක් අව්යාකෘතයෝ ද, … කෙතෙක් සරණයෝ ද, කෙතෙක් අරණයෝ ද යත්:
සමුදයසත්යය අකුශලය ය, මාර්ගසත්යය කුශල ය, නිරෝධසත්යය අව්යාකෘත ය, දුඃඛසත්යය කුශල ද වන්නේ ය, අකුශල ද වන්නේ ය. අව්යාකෘත ද වන්නේ යි.
සත්යයෝ දෙදෙනෙක් සුඛවේදනාව හා සම්ප්රයුක්ත ද වන්නාහ, අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්රයුක්ත ද වන්නාහු ය. නිරෝධසත්යය සුඛවේදනාව හා සම්ප්රයුක්ත යි ද දුඃඛවේදනාව හා සම්ප්රයුක්ත යි ද අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්රයුක්ත යි ද නො කියයුතු ය. දුඃඛසත්යය සුඛවේදනාව හා සම්ප්රයුක්ත ද වන්නේ ය, දුඃඛවේදනාව හා සම්ප්රයුක්ත ද වන්නේ ය, අදුඃඛමසුඛවේදනාව හා සම්ප්රයුක්ත ද වන්නේ ය, සුඛවේදනාව හා සම්ප්රයුක්ත යි ද දුඃඛවේදනාව හා සම්ප්රයුක්ත යි ද අදුඃඛමසුඛවේදනාව හා සම්ප්රයුක්ත යි ද නො කියයුතු වන්නේ යි.
සත්යයෝ දෙදෙනෙක් විපාකස්වභාවධර්මයහ. නිරෝධසත්යය නො ම විපාක වූ නවිපාකස්වභාවධර්මය. දුඃඛසත්යය විපාක ද වන්නේ ය, විපාකස්වභාවධර්ම ද වන්නේ ය, නො ම විපාකනවිපාකස්වභාවධර්ම ද වන්නේ යි.
සමුදයසත්යය අනුපාදින්නනෝපාදානිය වෙයි. සත්යයෝ දෙදෙනෙක් අනුපාදින්න අනුපාදානිය වෙති. දුඃඛසත්යය උපාදින්නෝපාදානිය ද වන්නේ ය, අනුපාදින්නෝපාදානිය ද වන්නේ ය.
සමුදයසත්යය සංක්ලිෂ්ටසාංක්ලේශික ය. සත්යයෝ දෙදෙනෙක් අසංක්ලිෂ්ට අසාංක්ලේශිකයෝ ය. දුඃඛසත්යය සංක්ලිෂ්ටසාංක්ලේශික ද වන්නේ ය, අසංක්ලිෂ්ට සාංක්ලේශික ද වන්නේ යි.
සමුදයසත්යය සවිතර්කසවිචාර ය. නිරෝධසත්යය අවිතර්කඅවිචාර ය. මාර්ග සත්යය සවිතර්කසවිචාර ද වන්නේ ය, අවිතර්කවිචාරමාත්ර ද වන්නේ ය, අවිතර්ක අවිචාර ද වන්නේ යි. දුඃඛසත්යය සවිතර්කසවිචාර ද වන්නේ ය, අවිතර්කවිචාරමාත්ර ද වන්නේ ය, අවිතර්කඅවිචාර ද වන්නේ ය, අවිතර්කසවිචාර යි ද අවිතර්කවිචාරමාත්ර යි ද අවිතර්කඅවිචාර යි ද නො කියයුතු ද වන්නේ යි.
සත්යයෝ දෙදෙනෙක් ප්රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්ෂා සහගත ද වන්නාහු ය. නිරෝධසත්යය ප්රීතිසහගත යි ද සුඛසහගත යි ද උපේක්ෂාසහගත යි ද නො කියයුතු වන්නේ යි. දුඃඛසත්යය ප්රීතිසහගත ද වන්නේ ය, සුඛසහගත ද වන්නේ ය, උපේක්ෂාසහගත ද වන්නේ ය, ප්රීතිසහගත යි ද සුඛසහගත යි ද උපේක්ෂා සහගත යි ද නො කියයුතු ද වන්නේ යි.
සත්යයෝ දෙදෙනෙක් නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්යයෝ ය. සමුදයසත්යය දර්ශනයෙන් ප්රහාතව්ය ද වන්නේ ය, භාවනායෙන් ප්රහාතව්ය ද වන්නේ යි. දුඃඛසත්යය දර්ශනයෙන් ප්රහාතව්ය ද වන්නේ ය, භාවනායෙන් ප්රහාතව්ය ද වන්නේ ය, නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්ය ද වන්නේ යි.
සත්යයෝ දෙදෙනෙක් නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්යහේතු ඇත්තාහ. සමුදයසත්යය දර්ශනයෙන් ප්රහාතව්යහේතුක ද වන්නේ ය. භාවනායෙන් ප්රහාතව්යහේතුක ද වන්නේ යි. දුඃඛසත්යය දර්ශනයෙන් ප්රහාතව්යහේතුක ද වන්නේ ය, භාවනායෙන් ප්රහාතව්යහේතුක ද වන්නේ ය, නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්යහේතුක ද වන්නේ යි.
සමුදයසත්යය ආචයගාමී ය. මාර්ගසත්යය අපචයගාමී ය. නිරෝධසත්යය නො ම ආචයගාමී නො ද අපචයගාමී ය. දුඃඛසත්යය ආචයගාමී ද වන්නේ ය, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නේ යි.
මාර්ගසත්යය ශෛක්ෂ ය. සත්යයෝ තිදෙනෙක් නො ම ශෛක්ෂ නො ද අශෛක්ෂ වන්නාහු ය.
සමුදයසත්යය පරිත්ත ය. සත්යයෝ දෙදෙනෙක් අප්රමාණයෝ ය. දුඃඛසත්යය පරිත්ත ද වන්නේ ය, මහද්ගත ද වන්නේ යි.
නිරෝධසත්යය අනාලම්බන ය. මාර්ගසත්යය අප්රමාණාලම්බන ය. සමුදයසත්යය පරිත්තාලම්බන ද වන්නේ ය, මහද්ගතාලම්බන ද වන්නේ ය, අප්රමාණාලම්බන නො වන්නේ ය, පරිත්තාලම්බන යි ද මහද්ගතාලම්බන යි ද නො කියයුතු ද වන්නේ ය. දුඃඛසත්යය පරිත්තාලම්බන ද වන්නේ ය, මහද්ගතාලම්බන ද වන්නේ ය, අප්රමාණාලම්බන ද වන්නේ ය, පරිත්තාලම්බන යි දමහද්ගතාලම්බන යි ද අප්රමාණාලම්බන යි ද නො කියයුතු වන්නේ ය.
සමුදයසත්යය හීන ය. සත්යයෝ දෙදෙනෙක් ප්රණීතයෝ ය. දුඃඛසත්යය හීන ද වන්නේ ය, මධ්යම ද වන්නේ යි.
නිරෝධසත්යය අනියත ය. මාර්ගසත්යය සම්යක්ත්වනියත ය. සත්යයෝ දෙ දෙනෙක් මිථ්යාත්වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු යි.
නිරෝධසත්යය අනාලම්බන ය. සමුදයසත්යය මාර්ගාලම්බන යි ද මාර්ගහේතුක යි ද මාර්ගාධිති යි ද නො කියයුත්තේ ය. මාර්ගසත්යය මාර්ගාලම්බන නො වූයේ මාර්ග හේතුක ය, මාර්ගාධිපති ද වන්නේ ය, මාර්ගාධිපති නො කියයුතු වන්නේ ය. දුඃඛසත්යය මාර්ගාලම්බන වූයේ මාර්ගහේතුක ද වන්නේ ය, මාර්ගාධිපති ද වන්නේ ය, මාර්ගාලම්බන යි ද මාර්ගාධිපති යි ද නො කියයුතු වන්නේ යි.