285. සත්‍යයෝ සතර දෙනෙකි: දුක්ඛ ය, දුක්ඛසමුදය ය, දුක්ඛනිරෝධ ය, දුක්ඛ නිරෝධගාමිනීපටිපදා යි.
එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණා යි. මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: අවශේෂක්ලේශයෝ ද, අවශේෂඅකුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද, අවශේෂ වූ සාසස්‍රවකුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ කුශලාකුශල ධර්‍මයන්ගේ විපාකයෝ ද, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාප්‍රහාණය යි, මේ ‘දුක්ඛනිරෝධය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙසස්නෙහි මහණ යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි, සම්මාදිට්ඨිය … සම්මාසමාධි යි.
එහි ‘සම්මාදිට්ඨි’ කවර යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් සිව්සස් දහම් විමසීමෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචය සම්මොබාධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාදිට්ඨි’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාසංකප්ප’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් තර්‍කයෙක් විතර්‍කයෙක් සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ ‘සම්මාසංකප්ප’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාවාචා’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් සතර වාග් දුෂ්චරිතයන්ගෙන් වෙන්වීමෙක් විරතියෙක් පටිවිරතියෙක් විරමණයෙක් අක්‍රියායෙක් නො කිරීමෙක් නො පැමිණීමෙක් ආචාරසීමාව නො ඉක්මවීමෙක් ප්‍රත්‍යය නැසීමෙක් සම්‍යග්වචනයෙක් වේ ද, මේ ‘සම්මාවාචා’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාකම්මන්ත’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් තුන් කායදුශ්චරිතයන්ගෙන් වෙන්වීමෙක් විරතියෙක් පටිවිරතියෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් වේලාඅනතික්‍රමණයෙක් ප්‍රත්‍යය නැසීමෙක් සම්‍යක් කර්‍මානත්යෙක් වේ ද, මේ ‘සම්මාකම්මන්ත’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාආජීව’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් මිථ්‍යා ආජීවයෙන් වෙන්වීමෙක් විරතියෙක් පටිවිරතියෙක් විරමණයෙක් අක්‍රියායෙක් අකරණයෙක් නො පැමිණීමෙක් වේලාඅනතික්‍රමණයෙක් ප්‍රත්‍යය නැසීමෙක් සම්‍යගාජීවයෙක් වේ ද, මේ ‘සම්මාආජීව’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාවායාම’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් … සම්‍යග්ව්‍යායාමයෙක් වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මා වායාම’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාසති’ කවර යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ස්මෘතියක් අනුස්මෘතියක් … සම්‍යක් ස්මෘතියක් ස්මෘතිසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මා සති’ යි කියනු ලැබේ.
එහි ‘සම්මාසමාධි’ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් චිත්තයාගේ සිටීමෙක් මොනවට සිටීමෙක් … සම්‍යක්සමාධියෙක් සමාධිසම්බෝධ්‍යාඞ්ගයෙක් වේ ද, මේ ‘සම්මාසමාධි’ යි කියනු ලැබේ.
286. එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව ද ඉතිරි ව සිටි ක්ලේශයෝ ද යන මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: ඉතිරි ව සිටි අකුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ තුන් කුශල මූලයෝ ද, ඉතිරි ව සිටි සාස්‍රව වූ කුශලධර්‍මයෝ ද, කුශලාකුශලධර්‍මයන්ගේ සාස්‍රව වූ විපාකයෝ ද, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ද, අවශේෂ වූ ක්ලේශයන්ගේ ද ප්‍රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: යම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. එසමයෙහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්මාදිට්ඨි ය … සම්මාසමාධි යි. මේ ‘දුඃඛනිරෝධගාමිනීප්‍රතිපාදා’ යි කියනු ලැබේ. ඉතිරි ව සිටි ධර්‍මයෝ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාව හා සම්ප්‍රයුක්තයෝ යි.
287. එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව ද ඉතිරි ව සිටි ක්ලේශයෝ ද ඉතිරි ව සිටි අකුශලධර්‍මයෝ ද යන මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද, ඉතිරි ව සිටි සාස්‍රව වූ කුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ කුශලාකුශලධර්‍මයන්ගේ විපාකයෝ ද, නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ද ඉතිරි ව සිටි කෙලෙසුන්ගේ ද ඉතිරි ව සිටි අකුශලධර්‍මයන්ගේ ද ප්‍රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධ’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ කවර යත්: මෙසස්නෙහි මහණ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමිය පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුඃඛප්‍රතිපදා ඇති ලැසි වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි අෂ්ටාඞ්ගිකමාර්‍ගය වෙයි: සම්මාදිට්ඨි ය, … සම්මාසමාධි යි. මේ ‘දුක්ඛනිරෝධගාමිනීපටිපදා’ යි කියනු ලැබේ. අවශේෂ ධර්‍මයෝ දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාව හා සම්ප්‍රයුක්තයෝ යි.
288. එහි ‘දුක්ඛසමුදය’ කවරෙ යත්: තෘෂ්ණාව ද අවශේෂ ක්ලේශයෝ ද, අවශේෂ අකුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ තුන් කුශලමූලයෝ ද යන මේ ‘දුක්ඛසමුදය’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛය’ කවරෙ යත්: අවශේෂ වූ සාස්‍රව කුශලධර්‍මයෝ ද, සාස්‍රව වූ කුශලාකුශලධර්‍මයන්ගේ විපාකයෝ ද, නො ම කසුල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුන් වෙත් ද, හැම රූපය ද යන මේ ‘දුක්ඛ’ යි කියනු ලැබේ.
එහි ‘දුක්ඛනිරෝධය’ කවරෙ යත්: තෘෂ්ණාවගේ ද, අවශේෂ ක්ලේශයන්ගේ ද, අවශේෂ අකුශලධර්‍මයන්ගේ ද, සාස්‍රව වූ තුන් කුශලමූලයන්ගේ ද ප්‍රහාණය යි. මේ ‘දුක්ඛනිරෝධ’ යි කියනු ලැබේ.