264. අටළොස් ධාතු කෙනෙකි: චක්ඛුධාතු ය, රූපධාතු ය, චක්ඛුවිඤ්ඤාණධාතු ය, සෝතධාතු ය, සද්දධාතු ය, සෝතවිඤ්ඤාණධාතු ය, ඝානධාතු ය, ගන්‍ධධාතු ය, ඝානවිඤ්ඤාණධාතු ය, ජිව්හාධාතු ය, රසධාතු ය, ජිව්හාවිඤ්ඤාණධාතු ය, කායධාතු ය, ඵොට්ඨබ්ධාතු ය, කායවිඤ්ඤාණධාතු ය, මනෝධාතු ය, ධම්මධාතු ය, මනෝවිඤ්ඤාණධාතු යි.
එහි චක්ඛුධාතු කවර යත්: යම් ඇසෙක් සතරමහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ … තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ චක්ඛුධාතු යි කියනු ලැබේ.
එහි රූපධාතු කවර යත්: යම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ … තෙල රූපධාතු නමුදු වේ. මේ රූපධාතු යි කියනු ලැබේ.
එහි චක්ඛුවිඤ්ඤාණධාතු කවර යත්: ඇස ද රූප ද නිසා චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් (පණ්ඩර වූ) භවාංග සිතෙක්, මනසෙක් මන සංඛ්‍යාත වූ මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ චක්‍ෂුර්විඥානධාතුයෙක් උපදී ද, මේ චක්ඛුවිඤ්ඤාණධාතු යි කියනු ලැබේ.
එහි සෝතධාතු කවර යත්: යම් ශ්‍රෝත්‍රයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාද රූපය වූයේ … තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ සෝතධාතු යි කියනු ලැබේ.
එහි සද්දධාතු කවර යත්: යම් ශබ්දයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ …තෙල සද්දධාතු නමුදු වේ. මේ සද්දධාතු යි කියනු ලැබේ.
එහි සෝතවිඤ්ඤාණධාතු කවර යත්: කන ද ශබ්දය ද නිසා චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් (පණ්ඩර වූ) භවාඞ්ග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ ශ්‍රෝත්‍රවිඥානධාතුයෙක් උපදී ද, මේ සෝතවිඤ්ඤාණධාතු යි කියනු ලැබේ.
එහි ඝානධාතු කවර යත්: යම් නැහැයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදයෙක් වේ ද … තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඝානධාතු යි කියනු ලැබේ.
එහි ගන්‍ධධාතු කවර යත්: යම් ගන්‍ධයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශනසප්‍රතිඝ වූ … තෙල ගන්‍ධධාතු නමුදු වේ. මේ ගන්‍ධධාතු යි කියනු ලැබේ.
එහි ඝානවිඤ්ඤාණධාතු කවර යත්: නැහැය ද ගන්‍ධය ද නිසා සිතෙක් මනසෙක් මානසයෙක්, සිතෙක් භවාඞ්ගසිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ ඝ්‍රාණවිඥානධාතුයෙක් උපදී ද, මේ ඝාන විඤ්ඤාණධාතු යි කියනු ලැබේ.
එහි ජිව්හාධාතු කවර යත්: යම් දිවෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදයෙක් වේ ද … තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ජිව්හාධාතු යි කියනු ලැබේ.
එහි රසධාතු කවර යත්: යම් රසයෙක් සතර මහාභූතයෙන් නිසා උපන් අනිදර්‍ශන සප්‍රතිඝ වූ … තෙල රසධාතු නමුදු වේ. මේ රසධාතු යි කියනු ලැබේ.
එහි ජිව්හාවිඤ්ඤාණධාතු කවර යත්: දිව ද රස ද නිසා චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංගසිතෙක්, මනසෙක් මන සංඛ්‍යාත මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ ජිහ්වාවිඥානධාතුයෙක් උපදී ද, මේ ජිව්හා විඤ්ඤාණධාතු කියනු ලැබේ.
එහි කායධාතු කවර යත්: යම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදයෙක් වේ ද … තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ කායධාතු යි කියනු ලැබේ.
එහි ඵොට්ඨබ්බධාතු කවර යත්: පෘථිවිධාතු … තෙල ඵොට්ඨබ්බධාතු නමුදු වේ. මේ ඵොට්ඨබ්බධාතු යි කියනු ලැබේ.
එහි කායවිඤ්ඤාණධාතු කවර යත්: කය ද ස්පර්‍ශය ද නිසා චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංගසිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ කායවිඥානධාතුයෙක් උපදී ද, මේ කායවිඤ්ඤාණ ධාතුය යි කියනු ලැබේ.
එහි මනෝධාතු කවර යත්: චක්‍ෂුර්විඥානධාතූහු ඉපිද නිරුද්ධ වූවහුට සමනන්තර ව චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප මනෝවිඥානධාතුයෙක් උපදී ද, ශ්‍රෝත්‍රවිඥානධාතූහු … ඝ්‍රාණවිඥානධාතූහු … ජිහ්වාවිඥානධාතූහු … කායවිඥානධාතූහු ඉපිද නිරුද්ධ වූවහුට සමනන්තර ව චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක් මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝධාතුයෙක් (උපදී ද) යලි සියලු දහමුන් හෝ උපදනා කල්හි ප්‍රථම සමන්නාහාරය වූ චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ මනෝධාතුයෙක් උපදී ද, මේ මනෝධාතු යි කියනු ලැබේ.
එහි ධම්මධාතු කවර යත්: වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, අනිදර්‍ශන වූ අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ යම් රූපයෙකුත් වේ ද, අසංඛතධාතුව දැ යි.
එහි වේදනාස්කන්‍ධය කවර යත්: එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සහේතුකයෙක් ඇත, අහේතුකයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. … මෙසේ දශප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ. … මෙසේ බහුප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ. මේ වේදනාස්කන්‍ධය යි කියනු ලැබේ.
එහි සංඥාස්කන්‍ධය කවර යත්: එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.
ද්විප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සහේතුකයෙක් ඇත, අහේතුකයෙක් ඇති.
ත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති … මෙසේ දශප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ. … මෙසේ බහුප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ. මේ සංඥාස්කන්‍ධ යි කියනු ලැබේ.