239. ආයතන දොළොසෙකි: චක්‍ෂුරායතන ය, රූපායතන ය, ශ්‍රෝත්‍රායතන ය, ශබ්දායතන ය, ඝ්‍රාණායතන ය, ගන්‍ධායතන ය, ජිව්හායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි.
240. දොළොස් ආයතනයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද, අව්‍යාකෘතයෝ කෙතෙක් ද, ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
241. දශආයතන කෙනෙක් අව්‍යාකෘතයහ, ආයතනයෝ දෙදෙනෙක් කුසල් ද වන්නාහ, අකුසල් ද වන්නාහ, අව්‍යාකෘත ද වන්නාහු යි.
දශආයතන කෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්තහ යි ද නො කියයුත්තාහ. මනායතනය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය. ධර්‍මායතනය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නේ ය. සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත යි ද නො කියයුතු ද වන්නේ ය.
දශායතනයෝ නො මැ විපාක වූ විපාකස්වභාවධර්‍ම ද නො වූවාහු ය, ආයතනයෝ දෙදෙනෙක් විපාක ද වන්නාහ, විපාකස්වභාවධර්‍ම ද වන්නාහ, නෛවවිපාකනවිපාකස්වභාවධර්‍ම ද වන්නාහු යි.
පස් ආයතන කෙනෙක් උපාදින්නෝපාදානිය වෙති, ශබ්දායතනය අනුපාදින්නෝපාදානිය වෙයි, සතර ආයතන කෙනෙක් උපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නෝපාදානිය ද වන්නාහ, ආයතනයෝ දෙදෙනෙක් උපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නඅනුපාදානිය ද වන්නාහු යි.
දශායතනයෝ අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ ය, ආයතනයෝ දෙදෙනෙක් සංක්ලිෂ්ටසාංක්ලේශික ද වන්නාහ, අසංක්ලිෂ්ටසාංක්ලේශික ද වන්නාහ, අසංක්ලිෂ්ටඅසාංක්ලේශික ද වන්නාහු යි.
දශායතනයෝ අවිතර්‍කඅවිචාරයහ. මනායතනය සවිතර්‍කසවිචාර ද වන්නේ ය, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නේ ය, අවිතර්‍කඅවිචාර ද වන්නේ ය. ධර්‍මායතනය සවිතර්‍කසවිචාර ද වන්නේ ය, අවිතර්‍කවිචාරමාත්‍ර ද වන්නේ ය, අවිතර්‍කඅවිචාර ද වන්නේ ය, සවිතර්‍කසවිචාර යි ද අවිතර්‍කවිචාරමාත්‍ර යි ද අවිතර්‍කඅවිචාර යි ද නො කියයුතු ද වන්නේ යි.
දශායතනයෝ ප්‍රීතිසහගතහ යි ද සුඛසහගතහ යි ද උපේක්‍ෂාසහගතහ යි ද නො කියයුතු වන්නාහ. ආයතනයෝ දෙදෙනෙක් ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛ සහගත ද වන්නාහ, උපේක්‍ෂාසහගත ද වන්නාහ. ප්‍රීතිසහගතහ යි ද සුඛසහගතහ යි ද උපේක්‍ෂාසහගතහ යි ද නො කියයුතු ද වන්නාහු යි.
දශායතනයෝ නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රභාතව්‍යයහ. ආයතනයෝ දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහු ය.
දශායතනයෝ නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ හේතු ඇත්තාහ. ආයතනයෝ දෙදෙනෙක් දර්‍ශනයෙන් ප්‍රභාතව්‍යහේතුක ද වන්නාහ, භාවනායෙන් ප්‍රභාතව්‍යහේතුක ද වන්නාහ. නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රභාතව්‍යහේතුක ද වන්නාහු ය.
දශායතනයෝ නො මැ ආචයගාමී නො ද අපචයගාමීහ. ආයතනයෝ දෙදෙනෙක් ආචයගාමී ද වන්නාහ, අපචයගාමී ද වන්නාහ, නො මැ ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු ය.
දශායතනයෝ නො මැ ශෛක්‍ෂයහ, නො ද අශෛක්‍ෂයහ, ආයතනයෝ දෙදෙනෙක් ශෛක්‍ෂ ද වන්නාහ, අශෛක්‍ෂ ද වන්නාහ, නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ ද වන්නාහු ය.
දශායතනයෝ පරිත්තයහ. ආයතනයෝ දෙදෙනෙක් පරිත්ත ද වන්නාහ, මහද්ගත ද වන්නාහ, අප්‍රමාණ ද වන්නාහු ය.
දශායතනයෝ අනාලම්බනයහ. ආයතනයෝ දෙදෙනෙක් පරිත්තාලම්බන ද වන්නාහ, මහද්ගතාලම්බන ද වන්නාහ, අප්‍රමාණාලම්බන ද වන්නාහ, පරිත්තාලම්බනහ යි ද මහද්ගතාලම්බනහ යි ද අප්‍රමාණාලම්බනහ යි ද නො කියයුතු ද වන්නාහු ය.
දශායතනයෝ මධ්‍යමයහ. ආයතනයෝ දෙදෙනෙක් හීන ද වන්නාහ, මධ්‍යම ද වන්නාහ, ප්‍රණීත ද වන්නාහු ය.
දශායතනයෝ අනියතයහ. ආයතනයෝ දෙදෙනෙක් මිථ්‍යාත්‍වනියත ද වන්නාහ, සම්‍යක්ත්‍වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
දශායතනයෝ අනාලම්බනයහ, ආයතනයෝ දෙදෙනෙක් මාර්‍ගාලම්බන ද වන්නාහ, මාර්‍ගහේතුක ද වන්නාහ, මාර්‍ගාධිපති ද වන්නාහ, මාර්‍ගාලම්බන යි ද මාර්‍ගහේතුක යි ද මාර්‍ගාධිපති යි ද නො කියයුතු ද වන්නාහු ය.
ආයතනයෝ පස් දෙනෙක් උත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහ, අනුත්පන්නහ යි නො කියයුතු වන්නාහ. ශබ්දායතනය උත්පන්න ද වන්නේ ය, අනුත්පන්න ද වන්නේ ය, උත්පාදී ය යි නො කියයුතු ය. ආයතනයෝ පස් දෙනෙක් උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහ, ධර්‍මායතනය උත්පන්න ද වන්නේ ය, අනුත්පන්න ද වන්නේ ය, උත්පාදී ද වන්නේ ය, උත්පන්න යි ද අනුත්පන්න යි ද උත්පාදී යි ද නො කියයුතු ද වන්නේ යි.
එකොළොස් ආයතන කෙනෙක් අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, පච්චුප්පන්න ද වන්නාහ. ධර්‍මායතනය අතීත ද වන්නේ ය, අනාගත ද වන්නේ ය, පච්චුප්පන්න ද වන්නේ ය, අතීත යි ද අනාගත යි ද ප්‍රත්‍යුත්පන්න යි ද නො කියයුතු ද වන්නේ යි.
දශායතනයෝ අනාලම්බනයහ. ආයතනයෝ දෙදෙනෙක් අතීතාලම්බන ද වන්නාහ, අනාගතාලම්බන ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වන්නාහ, අතීතාලම්බනහ යි ද අනාගතාලම්බනහ යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බනහ යි ද නො කියයුතු ද වන්නාහු ය.