2. ආයතන විභඞ්ගය
223. ආයතන දොළොසෙක: චක්ඛායතන ය, රූපායතන ය, සෝතායතන ය, සද්දායතන ය, ඝානායතන ය, ගන්ධායතන ය, ජිව්හායතන ය, රසායතන ය, කායායතන ය, ඵොට්ඨබ්බායතන ය, මනායතන ය, ධම්මායතන යි.
224. චක්ෂුස අනිත්ය ය දුඃඛ ය අනාත්ම ය විපරිණාමධර්ම යි. රූපයෝ අනිත්යයහ දුඃඛයහ අනාත්මයහ විපරිණාමධර්මයෝ යි. ශ්රෝත්රය අනිත්ය ය දුඃඛ ය අනාත්ම ය විපරිණාමධර්ම යි. ශබ්දයෝ අනිත්යයහ දුඃඛයහ අනාත්මයහ විපරිණාමධර්මයෝ යි. ඝ්රාණය අනිත්ය ය දුඃඛ ය අනාත්ම ය විපරිණාමධර්ම යි. ගන්ධයෝ අනිත්යයහ දුඃඛයහ අනාත්මයහ විපරිණාමධර්මයෝ යි. ජිව්හාව අනිත්ය ය දුඃඛ ය අනාත්ම ය විපරිණාමධර්ම යි. රසයෝ අනිත්යයහ දුඃඛයහ අනාත්මයහ විපරිණාමධර්මයෝ යි. කාය අනිත්ය ය දුඃඛ ය අනාත්ම ය විපරිණාමධර්ම යි. ස්ප්රෂ්ටව්යයෝ අනිත්යයහ දුඃඛයහ අනාත්මයහ විපරිණාමධර්මයෝ යි. මනස අනිත්ය ය දුඃඛ ය අනාත්ම ය විපරිණාමධර්ම යි. ධර්මයෝ අනිත්යයහ දුඃඛයහ අනාත්මයහ විපරිණාමධර්මයෝ යි.
සූත්රාන්තභාජනිය යි.
225. ආයතන දොළොසෙක: චක්ඛායතන ය, රූපායතන ය, සෝතායතන ය, සද්දායතන ය, ඝානායතන ය, ගන්ධායතන ය, ජිව්හායතන ය, රසායතන ය, කායායතන ය, ඵොට්ඨබ්බායතන ය, මනායතන ය, ධම්මායතන යි.
226. එහි චක්ෂුරායතනය කවරෙ යත්: යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ආත්මභාවපර්ය්යාපන්න වූ අනිදර්ශන වූ සප්රතිඝ වූ ප්රසාදය වේ ද, අනිදර්ශන වූ සප්රතිඝ වූ යම් ඇසෙකින් සනිදර්ශන වූ සප්රතිඝ වූ රූපය දුටුයේ හෝ දකී හෝ දක්නේ හෝ දක්නේ නම් හෝ (දර්ශනපරිණායකාර්ත්ථයෙන්) තෙල චක්ඛු නමුදු වෙයි, (සංජාතසමෝසරණාර්ත්ථයෙන්) තෙල චක්ඛායතන නමුදු වෙයි, (ශූන්යතාදි අර්ත්ථයෙන්) තෙල චක්ඛුධාතු නමුදු වෙයි, (දර්ශනලක්ෂණයෙහි ඉන්ද්රාර්ත්ථය කරවා නුයි) තෙල චක්ෂුරින්ද්රිය නමුදු වෙයි, (ලුජ්ජනපලුජ්ජනාර්ත්ථයෙන්) තෙල ලෝක නමුදු වෙයි, (වලඤ්ජනාර්ත්ථයෙන්) තෙල ද්වාර නමුදු වෙයි, (අපරිපූරණාර්ත්ථයෙන්) තෙල සමුද්ද නමුදු වෙයි, (පරිශුද්ධාර්ත්ථයෙන්) තෙල පණ්ඩර නමුදු වෙයි, (ස්පර්ශාදියෙන් උපදනා හෙයින්) තෙල ඛෙත්ත නමුදු වෙයි, (ඔවුනට ම ප්රතිෂ්ඨා වන හෙයින්) තෙල වත්ථු නමුදු වෙයි, (සමවිෂම දක්වමින් ආත්මභාවය පමුණුවානුයි) තෙල නෙත්ත නමුදු වෙයි, (ඒ අරුතින් ම) තෙල නයන නමුදු වෙයි, (සත්කායපර්ය්යාපන්නාර්ත්ථයෙන්) තෙල ඔරිමතීර නමුදු වෙයි, (බහුසාධාරණාර්ත්ථයෙන් අස්වාමිකාර්ත්ථයෙන්) තෙල සුඤ්ඤගාම නමුදු වේ. මේ චක්ෂුරායතනය යි කියනු ලැබේ.
227. එහි ශ්රෝත්රායතනය කවරෙ යත්: යම් ශ්රෝත්රයෙක් සතර මහාභූතයන් නිසා උපන් ආත්මභාවපර්ය්යාපන්න වූ අනිදර්ශන වූ සප්රතිඝ වූ ප්රසාදය වේ ද, අනිදර්ශන වූ සප්රතිඝ වූ යම් ශ්රෝත්රයෙකින් අනිදර්ශන වූ සප්රතිඝ වූ ශබ්දය ඇසූයේ හෝ අසා හෝ අසන්නේ හෝ අසන්නේ නම් හෝ තෙල (ශ්රෝත්රප්රසාදය) ශ්රෝත්ර නමුදු වෙයි, තෙල ශ්රෝත්රායතන නමුදු වෙයි, තෙල ශ්රෝත්රධාතු නමුදු වෙයි, තෙල ශ්රෝත්රේන්ද්රිය නමුදු වෙයි, තෙල ලෝක නමුදු වෙයි, තෙල ද්වාර නමුදු වෙයි, තෙල සමුද්ර නමුදු වෙයි, තෙල පණ්ඩර නමුදු වෙයි, තෙල ඛෙත්ත නමුදු වෙයි, තෙල වාස්තු නමුදු වෙයි, තෙල ඔරිමතීර නමුදු වෙයි, තෙල ශුන්යග්රාම නමුදු වේ. මේ ශ්රෝත්රායතනය යි කියනු ලැබේ.
228. එහි ඝ්රාණායතනය කවරෙ යත්: යම් ඝ්රාණයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්රසාදය වූයේ ආත්මභාවපර්ය්යාපන්න වූයේ අනිදර්ශනසප්රතිඝ වූයේ ද, අනිදර්ශනසප්රතිඝ වූ යම් ඝ්රාණයෙකින් අනිදර්ශනසප්රතිඝ වූ ගන්ධය ඇසී හෝ අසා හෝ අසන්නේ හෝ අසන්නේ නම් හෝ තෙල (ඝ්රාණප්රසාදය) ඝ්රාණ නමුදු තෙල ඝ්රාණායතන නමුදු තෙල ඝ්රාණධාතු නමුදු තෙල ඝ්රාණේන්ද්රිය නමුදු තෙල ලෝක නමුදු තෙල ද්වාර නමුදු තෙල සමුද්ර නමුදු තෙල පණ්ඩර නමුදු තෙල ක්ෂේත්ර නමුදු තෙල වාස්තු නමුදු තෙල ඔරිමතීර නමුදු තෙල ශුන්යග්රාම නමුදු වේ. මේ ඝ්රාණායතනය යි කියනු ලැබේ.
229. ජිව්හායතනරූපය කවරෙ යත්: යම් ජිව්හාවක් සතර මහාභූතයන් නිසා උපන් ප්රසාදය වූයේ ආත්මභාවපර්ය්යාපන්න වූයේ අනිදර්ශනසප්රතිඝ වූයේ ද, අනිදර්ශනසප්රතිඝ වූ යම් දිවෙකින් අනිදර්ශන සප්රතිඝ වූ රසය වින්දේ හෝ විඳී හෝ විඳින්නේ හෝ විඳින්නේ නම් හෝ තෙල (ජිව්හාප්රසාදය) ජිව්හා නමුදු තෙල ජිව්හායතන නමුදු තෙල ජිව්හාධාතු නමුදු තෙල ජිව්හේන්ද්රිය නමුදු තෙල ලෝක නමුදු තෙල ද්වාර නමුදු තෙල සමුද්ර නමුදු තෙල පණ්ඩර නමුදු තෙල ක්ෂේත්ර නමුදු තෙල වාස්තු නමුදු තෙල ඔරිමතීර නමුදු තෙල ශුන්යග්රාම නමුදු වේ. මේ ජිව්හායතනය යි කියනු ලැබේ.
230. එහි කායායතනය කවරෙ යත්: යම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්රසාදය වූයේ ආත්මභාවපර්ය්යාපන්න අනිදර්ශනසප්රතිඝ වූයේ ද, අනිදර්ශනසප්රතිඝ වූ යම් කයෙකින් අනිදර්ශනසප්රතිඝ වූ ස්ප්රෂ්ටව්යයක් පැහැසී හෝ පහසා හෝ පහසන්නේ හෝ පහසන්නේ නම් හෝ තෙල (කායප්රසාදය) කාය නමුදු තෙල කායායතන නමුදු තෙල කායධාතු නමුදු තෙල කායේන්ද්රිය නමුදු තෙල ලෝක නමුදු තෙල ද්වාර නමුදු තෙල සමුද්ර නමුදු තෙල පණ්ඩර නමුදු තෙල ක්ෂේත්ර නමුදු තෙල වාස්තු නමුදු තෙල ඔරිමතීර නමුදු තෙල ශුන්යග්රාම නමුදු වේ. මේ කායායතනය යි කියනු ලැබේ.
231. එහි මනායතනය කවරෙ යත්: එක් ප්රකාරයෙකින් මනායතනය වෙයි, ස්පර්ශය හා සම්ප්රයුක්ත වූයේ යි.
ද්වීප්රකාරයෙකින් මනායතනය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.
ත්රිප්රකාරයෙකින් මනායතනය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්යාකෘත වූයෙක් ඇති.
චතුෂ්ප්රකාරයෙකින් මනායතනය වෙයි: කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපර්ය්යාපන්න වූයෙක් ඇති.
පඤ්චප්රකාරයෙකින් මනායතනය වෙයි: සුඛේන්ද්රිය හා සම්ප්රයුක්ත වූයෙක් ඇත, දුඃඛේන්ද්රිය හා සම්ප්රයුක්ත වූයෙක් ඇත, සෝමනස්සින්ද්රිය හා සම්ප්රයුක්ත වූයෙක් ඇත, දෝමනස්සින්ද්රිය හා සම්ප්රයුක්ත වූයෙක් ඇත, උපේක්ෂේන්ද්රිය හා සම්ප්රයුක්ත වූයෙක් ඇති.
ෂට්ප්රකාරයෙකින් මනායතනය වෙයි: චක්ෂුර්විඥාන ය, ශ්රෝත්රවිඥාන ය, ඝ්රාණවිඥාන ය, ජිව්හාවිඥාන ය, කායවිඥාන ය, මනෝවිඥාන යි. මෙසේ ෂට්ප්රකාරයෙන් මනායතනය වේ.
සප්තප්රකාරයෙකින් මනායතනය වෙයි: චක්ෂුර්විඥාන ය, ශ්රෝත්රවිඥාන ය, ඝ්රාණවිඥාන ය, ජිව්හාවිඥාන ය, කායවිඥාන ය, මනෝධාතු ය, මනෝවිඥානධාතු යි. මෙසේ සප්තප්රකාරයෙන් මනායතනය වේ.
අෂ්ටප්රකාරයෙකින් මනායතනය වෙයි: චක්ෂුර්විඥාන ය, ශ්රෝත්රවිඥාන ය, ඝ්රාණවිඥාන ය, ජිව්හාවිඥාන ය, කායවිඥාන ය සුඛසහගත වූයෙක් ඇත, දුඃඛසහගත වූයෙක් ඇත, මනෝධාතු ය, මනෝවිඥානධාතු යි. මෙසේ අෂ්ටප්රකාරයෙන් මනායතනය වේ.