776. ප්රතිසංවිදා සතරෙකි: අර්ත්ථප්රතිසංවිදාය, ධර්මප්රතිසංවිදාය, නිරුක්තිප්රතිසංවිදාය, ප්රතිභානප්රතිසංවිදා යි. කුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගිය ඥානසම්ප්රයුක්ත කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, එ සමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ. මේ ධර්මයෝ කුශලයෝ යි. මේ ධර්මයන්හි ප්රභේදගතඥානය ධර්මප්රතිසංවිදා ය. ඔවුන්ගේ විපාකයෙහි ප්රභේදගතඥානය අර්ත්ථප්රතිසංවිදාය ය. යම් නිරුක්තියකින් ඒ ධර්මයන්ගේ ප්රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්රභේදගතඥානය නිරුක්තිප්රතිසංවිදා ය, ‘මේ ඥානයෝ මේ අර්ත්ථය ප්රකාශ කරන්නාහ’ යි යම් ඥානයෙකින් ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්රභේදගතඥානය ප්රතිභානප්රතිසංවිදා යි.
777. ප්රතිසංවිදා සතරෙකි: අර්ත්ථප්රතිසංවිදාය, ධර්මප්රතිසංවිදාය, නිරුක්තිප්රතිසංවිදාය, ප්රතිභානප්රතිසංවිදා යි. කුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගිය ඥානසම්ප්රයුක්ත කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද ... සොම්නස් සහගිය ඥානවිප්රයුක්ත ... සොම්නස් සහගිය ඥානවිප්රයුක්ත (කුශල චිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්ෂාසහහගත ඥානසම්ප්රයුක්ත ... උපේක්ෂාසහගත ඥානසම්ප්රයුක්ත (කුශල චිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්ෂා සහගත ඥානවිප්රයුක්ත ... උපේක්ෂා සහගත ඥානවිප්රයුක්ත (කුශල චිත්තය) සංස්කාර සහිතවැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ. මේ ධර්මයෝ කුශලයෝ යි. මේ ධර්මයන්හි ප්රභේදගතඥානය ධර්මප්රතිසංවිදා ය, ඔවුන්ගේ විපාකයෙහි ප්රභේදගතඥානය අර්ත්ථප්රතිසංවිදා ය, යම් නිරුක්තියකින් ඒ ධර්මයන්ගේ ප්රඥප්තිය වේ නම් එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්රභේදගතඥානය නිරුක්තිප්රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ත්ථය ප්රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්රභේදගතඥානය ප්රතිභානප්රතිසංවිදා යි.
778. ප්රතිසංවිදා සතරෙකි: අර්ත්ථප්රතිසංවිදාය, ධර්මප්රතිසංවිදාය, නිරුක්තිප්රතිසංවිදාය, ප්රතිභානප්රතිසංවිදා යි. කුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... පඨවිකසිණප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ. මේ ධර්මයෝ කුශලයෝ යි. මේ ධර්මයන්හි ප්රභේදගතඥානය ධර්මප්රතිසංවිදා ය, ඔවුන්ගේ විපාකයෙහි ප්රභේදගතඥානය අර්ත්ථප්රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්රඥප්තිය වේ නම් එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්රභේදගතඥානය නිරුක්තිප්රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ත්ථය ප්රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්රභේදගතඥානය ප්රතිභානප්රතිසංවිදා යි.
779. ප්රතිසංවිදා සතරෙකි: අර්ත්ථප්රතිසංවිදාය, ධර්මප්රතිසංවිදාය, නිරුක්තිප්රතිසංවිදාය, ප්රතිභානප්රතිසංවිදා යි. කුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක අරූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනසංඥාසහගත වූ, සුඛයාගේ ද ප්රහාණයෙන් ... චතුර්ත්ථධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ. මේ ධර්මයෝ කුශලයෝ යි. මේ ධර්මයන්හි ප්රභේදගතඥානය ධර්මප්රතිසංවිදා ය. ඔවුන්ගේ විපාකයෙහි ප්රභේදගතඥානය අර්ත්ථප්රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්රඥප්තිය වේ ද එහි ස්වභාවනිරුක්තියෙහි ප්රභේදගතඥානය නිරුක්තිප්රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ත්ථය ප්රකාශකරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්රභේදගතඥානය ප්රතිභානප්රතිසංවිදා යි.
780. ප්රතිසංවිදා සතරෙකි: අර්ත්ථප්රතිසංවිදාය, ධර්මප්රතිසංවිදාය, නිරුක්තිප්රතිසංවිදාය, ප්රතිභානප්රතිසංවිදා යි. කුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක දෘෂ්ටිගතයන්ගේ ප්රහාණය පිණිස, ප්රථමභූමියට පැමිණීම පිණිස, නෛර්ය්යාණික වූ, අපචයගාමී වූ, ලෝකෝත්තරධ්යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්රතිපදා ඇති, දන්ධාභිඥා වූ, ප්රථමධ්යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ. මේ ධර්මයෝ කුශලයෝ යි. මේ ධර්මයන්හි ප්රභේදගතඥානය ධර්මප්රතිසංවිදා ය. ඔවුන්ගේ විපාකයෙහි ප්රභේදගතඥානය අර්ත්ථප්රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්රභේදගතඥානය නිරුක්තිප්රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ත්ථය ප්රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්රභේදගතඥානය ප්රතිභානප්රතිසංවිදා යි.
781. ප්රතිසංවිදා සතරෙකි: අර්ත්ථප්රතිසංවිදාය, ධර්මප්රතිසංවිදාය, නිරුක්තිප්රතිසංවිදාය, ප්රතිභානප්රතිසංවිදා යි. අකුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්මාලම්බන වේවයි යළි යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස්සහගත දෘෂ්ටිගතසම්ප්රයුක්ත අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ. මේ ධර්මයෝ අකුශලයෝ ය. මේ ධර්මයන්හි ප්රභේදගතඥානය ධර්මප්රතිසංවිදා ය. ඔවුන්ගේ විපාකයෙහි ප්රභේදගතඥානය අර්ත්ථප්රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්තිශබ්දයෙහි ප්රභේදගතඥානය නිරුක්තිප්රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ත්ථය ප්රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්රභේදගතඥානය ප්රතිභානප්රතිසංවිදා යි.
782. ප්රතිසංවිදා සතරෙකි: අර්ත්ථප්රතිසංවිදාය, ධර්මප්රතිසංවිදාය, නිරුක්තිප්රතිසංවිදාය, ප්රතිභානප්රතිසංවිදා යි. අකුශලධර්මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි ... ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත දෘෂ්ටිගතසම්ප්රයුක්ත අකුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද ... සොම්නස්සහගත දෘෂ්ටිගතවිප්රයුක්ත ... සොම්නස්සහගත දෘෂ්ටිගතවිප්රයුක්ත (අකුශලචිත්තය) සංස්කාර සහිත වැ ... උපේක්ෂාසහගත දෘෂ්ටිගතසම්ප්රයුක්ත ... උපේක්ෂාසහගත දෘෂ්ටිගතසම්ප්රයුක්ත සංස්කාර සහිත වැ ... උපේක්ෂාසහගත දෘෂ්ටිගතවිප්රයුක්ත ... උපේක්ෂාසහගත දෘෂ්ටිගතවිප්රයුක්ත සංස්කාර සහිත වැ ... දොම්නස් සහගත ප්රතිඝසම්ප්රයුක්ත ... දොම්නස්සහගත ප්රතිඝසම්ප්රයුක්ත සංස්කාර සහිත වැ ... උපේක්ෂාසහගත විචිකිත්සාසම්ප්රයුක්ත ... උපේක්ෂාසහගත ඖද්ධත්යසම්ප්රයුක්ත අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්ෂේපය වේ. මේ ධර්මයෝ අකුශලයෝ ය. මේ ධර්මයන්හි ප්රභේදගතඥානය ධර්මප්රතිසංවිදා ය, ඔවුන්ගේ විපාකයෙහි ප්රභේදගතඥානය අර්ත්ථප්රතිසංවිදා ය, යම් නිරුක්තියෙකින් ඒ ධර්මයන්ගේ ප්රඥප්තිය වේ ද, එහි ස්වභාවනිරුක්ත්යභිලාපයෙහි ප්රභේදගතඥානය නිරුක්තිප්රතිසංවිදා ය, යම් ඥානයෙකින් ‘මේ ඥානයෝ මේ අර්ත්ථය ප්රකාශ කරන්නාහ’ යි ඒ ඥානයන් දැනගනී නම් ඒ ඥානයන්හි ප්රභේදගතඥානය ප්රතිභානප්රතිසංවිදා යි.