760. ශික්‍ෂාපද පසෙකි: පණිවායෙන් වැළකීමේ ශික්‍ෂාපද ය, අයිනාදනින් වැළකීමේ ශික්‍ෂාපද ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්‍ෂාපද ය, මුසවායෙන් වැළකීමේ ශික්‍ෂාපද ය, මදයට හා පමාවට කරුණු වූ රහමෙරින් වැළකීමේ ශික්‍ෂාපද යි.
761. පඤ්චශික්‍ෂාපදයන් අතුරෙහි කුශලයෝ කෙතෙක් ද, අකුශලයෝ කෙතෙක් ද අව්‍යාකෘතයෝ කෙතෙක් ද, ... සරණයෝ කෙතෙක් ද, අරණයෝ කෙතෙක් ද යත්:
762. (පඤ්චශික්‍ෂාපදයෝ) කුශලයෝ මැ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහුය.
(පඤ්චශික්‍ෂාපදයෝ) විපාකස්වභාවධර්‍මයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) අනුපාදින්නෝපාදානියයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) සවිතර්‍කසවිචාරයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) ප්‍රීතිසහගත ද වන්නාහ, සුඛසහගත ද වන්නාහ, උපේක්‍ෂා සහගත ද වන්නාහු ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතුකයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) ආචයගාමීහු ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) නො ම ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) පරිත්තයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) පරිත්තාලම්බනයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) මධ්‍යමයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) අනියතයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) මාර්‍ගාලම්බනහ යි ද මාර්‍ගහේතුකහ යි ද මාර්‍ගාධිපතිහ යි ද නො කියයුත්තාහු ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උප්පාදීහ යි නො කියයුත්තාහු ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්‍රත්‍යුත්පන්න ද වන්නාහු ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) ප්‍රත්‍යුත්පන්නාලම්බනයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) අධ්‍යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්‍යාත්මබාහිර ද වන්නාහු ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) බාහිරාලම්බනයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) අනිදර්‍ශනඅප්‍රතිඝයෝ යි.
763. (පඤ්චශික්‍ෂාපදයෝ) හේතුහු නො වෙති.
(පඤ්චශික්‍ෂාපදයෝ) සහේතුකයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) හේතුසම්ප්‍රයුක්තයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) හේතු ද වූ ම සහේතුකහ යි නො කියයුත්තාහ, සහේතුක ද වූවාහු ම නො ද හේතූහු වෙති.
(පඤ්චශික්‍ෂාපදයෝ) හේතු ද වූ ම හේතුසම්ප්‍රයුක්තහ යි නො කියයුත්තාහ, හේතුසම්ප්‍රයුක්ත ද වූවාහු ම නො ද හේතුහු වෙති.
(පඤ්චශික්‍ෂාපදයෝ) හේතු නො වූ සහේතුකයෝ වෙත්.
764. (පඤ්චශික්‍ෂාපදයෝ) සප්‍රත්‍යයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) සඞ්ඛතයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) අනිදර්‍ශනයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) අප්‍රතිඝයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) අරූපයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) ලෞකිකයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) කිසි විඥානයෙකින්ග් දතයුත්තාහ, කිසි විඥානයෙකින්ග් නො දතයුත්තාහු යි.
765. (පඤ්චශික්‍ෂාපදයෝ) ආස්‍රවයෝ නො වෙති.
(පඤ්චශික්‍ෂාපදයෝ) සාස්‍රවයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) ආස්‍රවවිප්‍රයුක්තයෝ ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) ආස්‍රව ද වූ ම සාස්‍රවහ යි නො කියයුත්තාහ, සාස්‍රව ද වූවාහු ම නො ද ආස්‍රව වෙති.
(පඤ්චශික්‍ෂාපදයෝ) ආස්‍රව ද වූ ම ආස්‍රවසම්ප්‍රයුක්තහ යි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ ම නො ද ආස්‍රවහ යි ද නො කියයුත්තාහු ය.
(පඤ්චශික්‍ෂාපදයෝ) ආස්‍රවවිප්‍රයුක්තසාස්‍රවයෝ යි.
766. (පඤ්චශික්‍ෂාපදයෝ) සංයෝජනයෝ නො වෙති ... ග්‍රන්‍ථයෝ නො වෙති ... ඕඝයෝ නො වෙති ... යෝගයෝ නො වෙති ... නීවරණයෝ නො වෙති ... පරාමර්‍ශයෝ නො වෙති. ...