713. ධ්යාන සතරෙකි: ප්රථමධ්යාන ය, ද්විතීයධ්යාන ය, තෘතීයධ්යාන ය, චතුර්ත්ථධ්යාන යි.
714. සතර ධ්යානයන් අතුරෙහි කෙතෙක් කුශලයෝ ද, කෙතෙක් අකුශලයෝ ද, කෙතෙක් අව්යාකෘතයෝ ද, ... කෙතෙක් සරණයෝ ද, කෙතෙක් අරණයෝ ද යත්:
715. (සතර ධ්යානයෝ) කුශල ද වන්නාහු ය, අව්යාකෘත ද වන්නාහු යි.
ධ්යානයෝ තිදෙනෙක් මෙහි උපන් සුඛවේදනාව තබා සුඛවේදනාව හා සම්ප්රයුක්තයෝ ය. චතුර්ත්ථධ්යානය මෙහි උපන් අදුක්ඛමසුඛ වේදනාව තබා අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්රයුක්ත යි.
(සතර ධ්යානයෝ) විපාක ද වන්නාහ. විපාකස්වභාවධර්ම ද වන්නාහ. නො ම විපාක වූ, නො ද විපාකස්වභාවධර්ම ද වන්නාහු ය.
(සතර ධ්යානයෝ) උපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නෝපාදානිය ද වන්නාහ, අනුපාදින්නඅනුපාදානිය ද වන්නාහු ය.
(සතර ධ්යානයෝ) අසංක්ලිෂ්ටසාංක්ලේශික ද වන්නාහ, අසංක්ලිෂ්ටඅසාංක්ලේශ්ක ද වන්නාහුය.
ප්රථමධ්යානය මෙහි උපන් විතර්කවිචාරයන් තබා සවිතර්ක ය, සවිචාර ය. ධ්යානයෝ තිදෙනෙක් අවිතර්කඅවිචාරයෝ යි.
ධ්යානයෝ දෙදෙනෙක් මෙහි උපන් ප්රීතිය තබා ප්රීතිසහගතයෝ ය, ධ්යානයෝ තිදෙනෙක් මෙහි උපන් සුඛය තබා සුඛසහගතයෝ ය. චතුර්ත්ථධ්යානය මෙහි උපන් උපේක්ෂාව තබා උපේක්ෂාසහගත යි.
(සතර ධ්යානයෝ) නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්යයෝ යි.
(සතර ධ්යානයෝ) නො ම දර්ශනයෙන් නො ද භාවනායෙන් ප්රහාතව්යහේතු ඇත්තාහු ය.
(සතර ධ්යානයෝ) ආචයගාමී ද වන්නාහ, අපචයගාමී ද වන්නාහ, නො ම ආචයගාමී නො ද අපචයගාමී ද වන්නාහු ය.
(සතර ධ්යානයෝ) ශෛක්ෂ ද වන්නාහ, අශෛක්ෂ ද වන්නාහ, නො ම ශෛක්ෂ නො ද අශෛක්ෂ ද වන්නාහු ය.
(සතර ධ්යානයෝ) මහද්ගත ද වන්නාහ, අප්රමාණ ද වන්නාහු ය.
ධ්යානයෝ තිදෙනෙක් පරිත්තාලම්බනහ යි ද, මහද්ගතාලම්බනහ යි ද නො කිය යුත්තාහ. අප්රමාණාලම්බන ද වන්නාහ, අප්රමාණාලම්බනහ යි නො කියයුතු ද වන්නාහ. චතුර්ත්ථධ්යානය පරිත්තාලම්බන ද වන්නේ ය, මහද්ගතාලම්බන ද වන්නේ ය, අප්රමාණාලම්බන ද වන්නේ ය, පරිත්තාලම්බන යි ද, මහද්ගතාලම්බනයි ද, අප්රමාණාලම්බන යි ද නො කියයුතු ද වන්නේ යි.
(සතර ධ්යානයෝ) මධ්යම ද වන්නාහ, ප්රණීත ද වන්නාහු ය.
(සතර ධ්යානයෝ) සම්යක්ත්වනියත ද වන්නාහ, අනියත ද වන්නාහු ය.
තුන් ධ්යානයෝ මාර්ගාලම්බන නො වෙති. මාර්ගහේතුක ද වන්නාහ. මාර්ගාධිපති ද වන්නාහ. මාර්ගහේතුකහ යි ද, මාර්ගාධිපතිහ යි ද නො කියයුතු ද වන්නාහ. චතුර්ත්ථධ්යානය මාර්ගාලම්බන ද වන්නේ ය, මාර්ගහේතුක ද වන්නේ ය, මාර්ගාධිපති ද වන්නේ ය. මාර්ගාලම්බන යි ද, මාර්ගහේතුක යි ද, මාර්ගාධිපති යි ද නො කියුතු ද වන්නේ යි.
(සතර ධ්යානයෝ) උත්පන්න ද වන්නාහ, අනුත්පන්න ද වන්නාහ, උත්පාදී ද වන්නාහු ය.
(සතර ධ්යානයෝ) අතීත ද වන්නාහ, අනාගත ද වන්නාහ, ප්රත්යුත්පන්න ද වන්නාහු ය.
තුන් ධ්යානයෝ අතීතාලම්බනහ යි ද, අනාගතාලම්බනහ යි ද, ප්රත්යුත්පන්නාලම්බනහ යි ද නො කියයුත්තාහ. චතුර්ත්ථධ්යානය අතීතාලම්බන ද වන්නේ ය, අනාගතාලම්බන ද වන්නේ ය, ප්රත්යුත්පන්නාලම්බන ද වන්නේ ය. අතීතාලම්බන යි ද, අනාගතාලම්බන යි ද, ප්රත්යුත්පන්නාලම්බන යි ද නො කියයුතු ද වන්නේ යි.
(සතර ධ්යානයෝ) අධ්යාත්ම ද වන්නාහ, බාහිර ද වන්නාහ, අධ්යාත්මබාහිර ද වන්නාහු ය.
තුන් ධ්යානයෝ බාහිරාලම්බනයෝ ය. චතුර්ත්ථධ්යානය අධ්යාත්මාලම්බන ද වන්නේ ය, බාහිරාලම්බන ද වන්නේ ය, අධ්යාත්මබාහිරාලම්බන ද වන්නේ ය, අධ්යාත්මාලම්බන යි ද, බාහිරාලම්බන යි ද, අධ්යාත්මබාහිරාලම්බන යි ද නො කියයුතු ද වන්නේ යි.
716. (සතර ධ්යානයෝ) අනිදර්ශන අප්රතිඝයෝ යි.
(සතර ධ්යානයෝ) හේතූහු නො වෙත්.
(සතර ධ්යානයෝ) සහේතුකයෝ යි.
(සතර ධ්යානයෝ) හේතු සම්ප්රයුක්තයෝ යි.
(සතර ධ්යානයෝ) හේතු ද වූ ම සහේතුකහ යි නො කියයුත්තාහ. සහේතුක ද වූවාහු ම නො ද හේතු වෙත්.
(සතර ධ්යානයෝ) හේතු ද වූ ම හේතුසම්ප්රයුක්තහ යි නො කියයුත්තාහ. හේතු සම්ප්රයුක්ත ද වූවාහු ම නො ද හේතු වෙත්.
(සතර ධ්යානයෝ) හේතු නො වූ සහේතුකයෝ යි.